01

E   |   සි   |  

 திகதி: 2016-02-12   பதிலளிக்கப்பட்டவைகள் 

0304/2016: உலக தமிழர் ஒன்றியத்தின் மீதான தடைநீக்கம்: காரணங்கள்

304/ '15

கெளரவ உதய பிரபாத் கம்மன்பில,— வெளிநாட்டலுவல்கள் அமைச்சரைக் கேட்பதற்கு,—

(அ) (i) உலகத் தமிழர் ஒன்றியத்தின் தலைவர் அருட்தந்தை எஸ்.ஜே. எம்மானு வேலுக்கு இலங்கைக்கு விஜயம் செய்யுமாறு சனாதிபதி அழைப்பு விடுத்துள்ளாரா என்பதையும்;

(ii) ஐக்கிய நாடுகள் பாதுகாப்புச் சபையின் 1373 ஆம் இலக்க தீர்மானத்தின் கீழ் பயங்கரவாதத்துக்கு ஒத்துழைப்பு வழங்கும் அமைப்பாக பெயரிடப்பட்டு தடைசெய்யப்பட்டுள்ள உலக தமிழர் ஒன்றியத்தின் மீதான தடையை அரசு நீக்கியுள்ளதா என்பதையும்;

(iii) அவ்வாறு தடை நீக்கப்படுவதற்கு ஏதுவாக இருந்த காரணங்கள் யாவை என்பதையும்;

அவர் இச்சபைக்கு அறிவிப்பாரா?

(ஆ) (i) உலக தமிழர் ஒன்றியம், புலிப் பயங்கரவாதத்துக்கு ஒத்துழைப்பு வழங்கியமை தொடர்பாக கவலை தெரிவித்தோ அல்லது எதிர் காலத்தில் பயங்கரவாதத்துக்கு உதவுவதில்லை என்று உறுதியளித்தோ உள்ளதா என்பதையும்;

(ii) தமிழ் ஈழம் என்ற பெயரில் இலங்கையினுள் தனி நாடொன்றை உருவாக்கும் நோக்கத்திலிருந்து விலகியுள்ளதாக தந்தை எஸ்.ஜே. எம்மானுவேல் பிரகடனப்படுத்தியுள்ளாரா என்பதையும்;

(iii) இலங்கையினுள் தனி நாடொன்றை உருவாக்குவதற்கு நேரடியாகவோ மறைமுகமாகவோ உதவிகள் அல்லது ஒத்துழைப்பு வழங்குவது அரசியலமைப்பின் 157அ. உறுப்புரையை மீறுகின்றதும் தண்டனை பெறக்கூடியதுமான தவறொன்றாகும் என்பதை ஏற்றுக்கொள்வாரா என்பதையும்;

(iv) அவ்வாறான தவறொன்றைப் புரிபவருக்கு உதவுவதும் தவறாகும் என்பதை அவர் ஏற்றுக்கொள்வாரா என்பதையும்;

அவர் இச்சபைக்கு அறிவிப்பாரா?

(இ) இன்றேல், ஏன்?

கேட்கப்பட்ட திகதி

2016-02-12

கேட்டவர்

கௌரவ உதய கம்மன்பில, பா.உ.

அமைச்சு

----

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் எட்டாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

(අ)           (i)      විදේශ රටවල වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට සහභාගි වන ලෙස ආරාධනා කරමින් අතිගරු ජනාධිපතිතුමා හා ශ්‍රී ලංකා රජය දැනටමත් ප්‍රසිද්ධ නිවේදනයක් කර තිබේ.

               (ii)      ඔව්.

                         ශක්නුවත් බලධාරියා විසින් සමාලෝචනය කරනු ලැබීමෙන් අනතුරුව, සියලුම පාර්ශ්වකරුවන් විසින් පිළිගනු ලබන උපමානවලට අනුකූලව ගෝලීය දමිළ සංසදය, තවත් සංවිධාන 7ක් සමඟ ලැයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය කරන ලදී.

(iii) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් 2010 මැයි 15වැනි දින පත් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිෂන් සභාව - LLRC - මෙසේ ප්‍රකාශ කරයි:

"ත්‍රස්තවාදය හා ප්‍රචණ්ඩත්වය දැන් නිමා වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදයේ සහ පුරවැසිභාවයෙහි ඵල සමානව සියලු ශ්‍රී ලාංකිකයන්ට භුක්ති විඳිය හැකි වන පරිදි තිරසාර සාමය හා ආරක්ෂාවත්, සංහිඳියාවත් ගොඩ නැඟීම සඳහා අවශ්‍ය කාලය හා අවකාශය දැන් නිර්මාණය වී ඇත. ඒ සඳහා යන ගමනේදී, සන්නද්ධ අරගළය නිමා කිරීමෙන් ලද සාර්ථකත්වය, සියලු පාර්ශ්වයන් සහභාගි වන්නා වූ සංවාදාත්මක දේශපාලන ක්‍රියාවලියක් දක්වා මෙහෙය විය යුතු අතර, එය එසේ සිදු වුවහොත් වෙනත් ආකාරවලින් පවත්නා ගැටුමද නිමාවනු ඇත."

ගරු කථානායකතුමනි, විදේශීය රටවල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට සංවර්ධනය සඳහා දායක වීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා විස්තීර්ණ ප්‍රවේශයක් සැකසිය යුතු බව මෙම කොමිෂන් සභාවේ නිර්දේශයයි. මෙම කොමිෂන් සභාව මෙවැනි ප්‍රවේශයක තිබිය යුතු ප්‍රධාන අංගයක් මෙසේ දක්වාලයි:

“…the Government must also be proactive in encouraging and supporting the work of the expatriates who do not advocate the discarded LTTE ideology of violence and separation and who espouse the democratic principles of ethnic harmony and consensual politics.”

ගරු කථානායකතුමනි, වැදගත් කාරණාව මෙ‍යයි:

"රජය විසින් එල්ටීටීඊ සංවිධානයේ බෙදුම්වාදය සහ හිංසනය පිටු දකින, ප්‍රජාතන්ත්‍රවාදය, ජාතීන් අතර සමගිය සහ විවිධ දේශපාලන මතවලට ගරු කරන විදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ සම්බන්ධ වීම හා ඔවුන්ට ආධාර සහ අනුබල දීම කළ යුතුය."

ප්‍රතිසන්ධානය හා ඩයස්පෝරාව සමඟ සිදු කරන කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා නව රජයේ ප්‍රතිපත්තිවලට අනුව, පසු ගිය වසර තුන පුරා ශ්‍රී  ලංකාවේදී හෝ විදේශ රටකදී හෝ යම් අපරාධයක්/ත්‍රස්තවාදයට අරමුදල් රැස් කිරීමේ කටයුත්තක් සිදුකර තිබීම සම්බන්ධයෙන් සාක්ෂි නොමැති හෙයින් මෙම  කණ්ඩායම්, ආස්ථිතීන් හා තනි පුද්ගලයන්ට පනවා ඇති තහනම ඉවත් කිරීම පිළිබඳව සලකා බැලීම සඳහා ඉහත සඳහන් කර ඇති පරිදි මෙම ලැයිස්තුව පිළිබඳව සමාලෝචනයක් සිදු කරන ලදි.

(ආ) (i) පැන නොනඟී.

     (ii)  2015 ජනවාරි මස නව රජය තේරී පත්වීමෙන් අනතුරුව, ශ්‍රී ලාංකික දමිළ ජනතාවට අදාළ වන  ගැටලුවලට විසඳුම් සෙවීමේදී ගෝලීය දමිළ සංසදය ශ්‍රී ලංකා රජයට සිය සහාය ලබා දෙන බවට ප්‍රතිඥා දුන් අතර, දමිළ ජනතාවට සාමයෙන් හා සමඟියෙන් ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ගෙන ඇති පියවර පැසසුමට ලක් කළේය.

     (iii)  ඔව්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157අ (1) වගන්තියේ දක්වා ඇති අර්ථකථනවලට අනුකූලව එය වරදක් වන්නේය.

(iv)  ඔව්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157අ (3) වගන්තියේ දක්වා ඇති අර්ථකථනවලට අනුකූලව එය වරදක් වන්නේය.

(ඇ) පැන නොනඟී.

பதில் தேதி

2016-02-12

பதில் அளித்தார்

கௌரவ (கலாநிதி) ஹர்ஷ த சில்வா, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks