02

සි   |     |  

 Date: 2016-02-12   Answered 

0304/2016: LIFTING THE BAN ON GLOBAL TAMIL FORUM: REASONS

304/’15

 

Hon. Udaya Prabhath Gammanpila,— To ask the Minister of Foreign Affairs,—

(a) Will he inform this House —

(i) whether Rev. S.J. Emanuel, Chairman of the Global Tamil Forum has been invited by HE the President to visit Sri Lanka;

(ii) whether the government has lifted the ban on the Global Tamil Forum  which has been banned as an organization which is in support of the terrorists by the Resolution Number 1373 of the United Nations Security Council; and

(iii) of the reasons that contributed to the lifting of the said ban?

(b) Will he also inform this House —

(i) whether either an apology has been made by the Global Tamil Forum for the support provided  by them to the LTTE terrorists or any affirmation has been made to the effect that no such assistance will be provided to terrorists in future;

(ii) whether Rev. S.J. Emanuel, has declared to withdraw from the objective of establishing a separate state by the name of Tamil Elam in Sri Lanka ;

(iii) whether it is admitted that supporting and encouraging directly or indirectly for the establishment of a separate state within the territory of Sri  Lanka is a punishable offence violating Article 157A. of the Constitution; and

(iv) whether it is admitted that it is also an offence to encourage a person committing such a misdeed?

(c) If not, why?

 

Asked Date

2016-02-12

Asked by

Hon. Udaya Gammanpila, M.P.

Ministry

Foreign Affairs

Legislature

Eighth Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

(අ)           (i)      විදේශ රටවල වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට සහභාගි වන ලෙස ආරාධනා කරමින් අතිගරු ජනාධිපතිතුමා හා ශ්‍රී ලංකා රජය දැනටමත් ප්‍රසිද්ධ නිවේදනයක් කර තිබේ.

               (ii)      ඔව්.

                         ශක්නුවත් බලධාරියා විසින් සමාලෝචනය කරනු ලැබීමෙන් අනතුරුව, සියලුම පාර්ශ්වකරුවන් විසින් පිළිගනු ලබන උපමානවලට අනුකූලව ගෝලීය දමිළ සංසදය, තවත් සංවිධාන 7ක් සමඟ ලැයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය කරන ලදී.

(iii) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් 2010 මැයි 15වැනි දින පත් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිෂන් සභාව - LLRC - මෙසේ ප්‍රකාශ කරයි:

"ත්‍රස්තවාදය හා ප්‍රචණ්ඩත්වය දැන් නිමා වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදයේ සහ පුරවැසිභාවයෙහි ඵල සමානව සියලු ශ්‍රී ලාංකිකයන්ට භුක්ති විඳිය හැකි වන පරිදි තිරසාර සාමය හා ආරක්ෂාවත්, සංහිඳියාවත් ගොඩ නැඟීම සඳහා අවශ්‍ය කාලය හා අවකාශය දැන් නිර්මාණය වී ඇත. ඒ සඳහා යන ගමනේදී, සන්නද්ධ අරගළය නිමා කිරීමෙන් ලද සාර්ථකත්වය, සියලු පාර්ශ්වයන් සහභාගි වන්නා වූ සංවාදාත්මක දේශපාලන ක්‍රියාවලියක් දක්වා මෙහෙය විය යුතු අතර, එය එසේ සිදු වුවහොත් වෙනත් ආකාරවලින් පවත්නා ගැටුමද නිමාවනු ඇත."

ගරු කථානායකතුමනි, විදේශීය රටවල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට සංවර්ධනය සඳහා දායක වීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා විස්තීර්ණ ප්‍රවේශයක් සැකසිය යුතු බව මෙම කොමිෂන් සභාවේ නිර්දේශයයි. මෙම කොමිෂන් සභාව මෙවැනි ප්‍රවේශයක තිබිය යුතු ප්‍රධාන අංගයක් මෙසේ දක්වාලයි:

“…the Government must also be proactive in encouraging and supporting the work of the expatriates who do not advocate the discarded LTTE ideology of violence and separation and who espouse the democratic principles of ethnic harmony and consensual politics.”

ගරු කථානායකතුමනි, වැදගත් කාරණාව මෙ‍යයි:

"රජය විසින් එල්ටීටීඊ සංවිධානයේ බෙදුම්වාදය සහ හිංසනය පිටු දකින, ප්‍රජාතන්ත්‍රවාදය, ජාතීන් අතර සමගිය සහ විවිධ දේශපාලන මතවලට ගරු කරන විදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ සම්බන්ධ වීම හා ඔවුන්ට ආධාර සහ අනුබල දීම කළ යුතුය."

ප්‍රතිසන්ධානය හා ඩයස්පෝරාව සමඟ සිදු කරන කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා නව රජයේ ප්‍රතිපත්තිවලට අනුව, පසු ගිය වසර තුන පුරා ශ්‍රී  ලංකාවේදී හෝ විදේශ රටකදී හෝ යම් අපරාධයක්/ත්‍රස්තවාදයට අරමුදල් රැස් කිරීමේ කටයුත්තක් සිදුකර තිබීම සම්බන්ධයෙන් සාක්ෂි නොමැති හෙයින් මෙම  කණ්ඩායම්, ආස්ථිතීන් හා තනි පුද්ගලයන්ට පනවා ඇති තහනම ඉවත් කිරීම පිළිබඳව සලකා බැලීම සඳහා ඉහත සඳහන් කර ඇති පරිදි මෙම ලැයිස්තුව පිළිබඳව සමාලෝචනයක් සිදු කරන ලදි.

(ආ) (i) පැන නොනඟී.

     (ii)  2015 ජනවාරි මස නව රජය තේරී පත්වීමෙන් අනතුරුව, ශ්‍රී ලාංකික දමිළ ජනතාවට අදාළ වන  ගැටලුවලට විසඳුම් සෙවීමේදී ගෝලීය දමිළ සංසදය ශ්‍රී ලංකා රජයට සිය සහාය ලබා දෙන බවට ප්‍රතිඥා දුන් අතර, දමිළ ජනතාවට සාමයෙන් හා සමඟියෙන් ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ගෙන ඇති පියවර පැසසුමට ලක් කළේය.

     (iii)  ඔව්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157අ (1) වගන්තියේ දක්වා ඇති අර්ථකථනවලට අනුකූලව එය වරදක් වන්නේය.

(iv)  ඔව්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157අ (3) වගන්තියේ දක්වා ඇති අර්ථකථනවලට අනුකූලව එය වරදක් වන්නේය.

(ඇ) පැන නොනඟී.

Answered Date

2016-02-12

Answered by

Hon. (Dr.) Harsha de Silva, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks