பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
உள் நுழைந்து உங்கள் பாராளுமன்றத்துடன் இணைந்து கொள்க
----
கேட்கப்பட்ட திகதி
2015-03-04
கேட்டவர்
கௌரவ அநுர திசாநாயக்க, பா.உ.
அமைச்சு
பிரதம அமைச்சர் அலுவலகம்
சட்டவாக்கம்
இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்
கூட்டத்தொடர்
1 வது கூட்டத்தொடர்
(අ) (i) සිදු කර තිබේ.
(ii) සහ (iii) මෙම ප්‍රශ්නවලට එක විධියට කරුණු ටික ඉදිරිපත් කරන්නම්.
2011 නොවැම්බර් මාසයේ මාලදිවයිනේ පැවැති සාර්ක් සමුළුව සඳහා සූදානම් වෙමින් සිටි මාලදිවයින ජනරජයේ ආණ්ඩුව "Sunset Bridge" වෙතින් ආරම්භ වී අඩ්ඩු දූපතෙහි මරඩු සහ ෆේඩු හරහා දිවෙන කිලෝමීටර් 4. 8ක් දිගැති asphalt කොන්ක්‍රිට් මාර්ගය ඉදි කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහාය ඉල්ලන ලදී. ඒ අනුව එම සහාය ලබා දෙන්නටත්, අවශ්‍ය ඉදි කිරීම් ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ සිට මාලදිවයින වෙත ප්‍රවාහනය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට අවසර ලබා දීමට භූ විද්‍යා හා පතල් කාර්යාංශයට බලය පැවරීම සහ සෘජු කොන්ත්‍රාත් ලබා දීමේ ක්‍රමය භාවිතා කරමින් එම කාලයේ මාලදිවයිනෙහි සේවයේ නියුතුව සිටි ශ්‍රී ලංකාවේ International Construction Consortium (Pvt.) Limited වෙතින් සහාය ලබා ගැනීම මඟින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට බලය පැවරීම.
සහාය ලබා දීම කියන්නේ මොකක්ද කියලා මට හරියටම පැහැදිලි නැහැ.
ඒ අනුව මේ සමාගම ඇමෙරිකන් ඩොලර් 10,293,272.85කට මේ කාර්යය තක්සේරු කර තිබෙනවා. පසුව සාකච්ඡාවකින් පස්සේ මේ කොන්ත්‍රාත් මුදල ඇමෙරිකන් ඩොලර් 9,900,000.00 දක්වා අඩු කර තිබෙනවා. මේ ICC සමාගම ගිය ආණ්ඩුව සමඟ හුඟක් ළඟින් වැඩ කටයුතු කරලා විවෘත ටෙන්ඩර් නැතිව කොන්ත්‍රාත් ලබා ගත්ත සමාගමක්.
(iv) මාලදිවයින් රජය විසින් කරන ලද ඉල්ලීමක් අනුව.
1. ජාතීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ ද්වීපාර්ශ්වික සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හා අනාගතයේදී දෙරට අතර වෙළෙඳ හා අළෙවි අවස්ථා වැඩිදියුණු කර ගැනීම.
2. දේශීය කොන්ත්‍රාත්කරුවන්ගේ ධාරිතාව ඉහළ නංවාලීමට ලැබෙන අවස්ථාවද සැලකිල්ලට ගෙන ඇත. මාලදිවයිනෙහි සේවයෙහි නියුක්ත ශ්‍රී ලාංකික කොන්ත්‍රාත්කරුවෙකු වෙත මෙම ව්‍යාපෘතිය ලබා දී ඇත.
(v) දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ ද්වීපාර්ශ්වික සම්බන්ධතාව ඉහළ නැංවීම මඟින් අනාගතයේදී මාලදිවයින තුළ ශ්‍රී ලංකාව සඳහා වෙළෙඳ පොළක් නිර්මාණය කර ගැනීම තුළින් ආර්ථික ප්‍රතිලාභ ළඟා කරගැනීම රජයේ අරමුණ වී ඇත.
(ආ) පැන නොනඟී.
பதில் தேதி
2015-03-04
பதில் அளித்தார்
கௌரவ ரணில் விக்கிரமசிங்க, பா.உ.
பாராளுமன்றத்திற்கு வருகை தருதல்
பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.
முழுப்பதிப்புரிமையுடையது.
வடிவமைத்து உருவாக்கியது TekGeeks