Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
5093/'14
Hon. Anura Dissanayaka,— To ask the Prime Minister and Minister of Policy Planning, Economic Affairs, Child, Youth and Cultural Affairs,—
(a) Will he inform this House—
(i) whether the government of Sri Lanka has made any financial aid or aid for projects to the government of Maldives over the last five years;
(ii) if so, the financial value of such aid;
(iii) if any construction project has been assigned to that country, the manner of selection of contractors for that project;
(iv) the aim of making that financial aid or aid for projects; and
(v) whether making an aid to a foreign country as mentioned above, when Sri Lanka has to payback a huge amount of foreign loans, is not a fruitless effort?
(b) If not, why?
Asked Date
2015-03-04
Asked by
Hon. Anura Dissanayaka, M.P.
Ministry
Prime Minister
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
(අ) (i) සිදු කර තිබේ.
(ii) සහ (iii) මෙම ප්‍රශ්නවලට එක විධියට කරුණු ටික ඉදිරිපත් කරන්නම්.
2011 නොවැම්බර් මාසයේ මාලදිවයිනේ පැවැති සාර්ක් සමුළුව සඳහා සූදානම් වෙමින් සිටි මාලදිවයින ජනරජයේ ආණ්ඩුව "Sunset Bridge" වෙතින් ආරම්භ වී අඩ්ඩු දූපතෙහි මරඩු සහ ෆේඩු හරහා දිවෙන කිලෝමීටර් 4. 8ක් දිගැති asphalt කොන්ක්‍රිට් මාර්ගය ඉදි කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහාය ඉල්ලන ලදී. ඒ අනුව එම සහාය ලබා දෙන්නටත්, අවශ්‍ය ඉදි කිරීම් ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ සිට මාලදිවයින වෙත ප්‍රවාහනය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට අවසර ලබා දීමට භූ විද්‍යා හා පතල් කාර්යාංශයට බලය පැවරීම සහ සෘජු කොන්ත්‍රාත් ලබා දීමේ ක්‍රමය භාවිතා කරමින් එම කාලයේ මාලදිවයිනෙහි සේවයේ නියුතුව සිටි ශ්‍රී ලංකාවේ International Construction Consortium (Pvt.) Limited වෙතින් සහාය ලබා ගැනීම මඟින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට බලය පැවරීම.
සහාය ලබා දීම කියන්නේ මොකක්ද කියලා මට හරියටම පැහැදිලි නැහැ.
ඒ අනුව මේ සමාගම ඇමෙරිකන් ඩොලර් 10,293,272.85කට මේ කාර්යය තක්සේරු කර තිබෙනවා. පසුව සාකච්ඡාවකින් පස්සේ මේ කොන්ත්‍රාත් මුදල ඇමෙරිකන් ඩොලර් 9,900,000.00 දක්වා අඩු කර තිබෙනවා. මේ ICC සමාගම ගිය ආණ්ඩුව සමඟ හුඟක් ළඟින් වැඩ කටයුතු කරලා විවෘත ටෙන්ඩර් නැතිව කොන්ත්‍රාත් ලබා ගත්ත සමාගමක්.
(iv) මාලදිවයින් රජය විසින් කරන ලද ඉල්ලීමක් අනුව.
1. ජාතීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ ද්වීපාර්ශ්වික සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හා අනාගතයේදී දෙරට අතර වෙළෙඳ හා අළෙවි අවස්ථා වැඩිදියුණු කර ගැනීම.
2. දේශීය කොන්ත්‍රාත්කරුවන්ගේ ධාරිතාව ඉහළ නංවාලීමට ලැබෙන අවස්ථාවද සැලකිල්ලට ගෙන ඇත. මාලදිවයිනෙහි සේවයෙහි නියුක්ත ශ්‍රී ලාංකික කොන්ත්‍රාත්කරුවෙකු වෙත මෙම ව්‍යාපෘතිය ලබා දී ඇත.
(v) දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ ද්වීපාර්ශ්වික සම්බන්ධතාව ඉහළ නැංවීම මඟින් අනාගතයේදී මාලදිවයින තුළ ශ්‍රී ලංකාව සඳහා වෙළෙඳ පොළක් නිර්මාණය කර ගැනීම තුළින් ආර්ථික ප්‍රතිලාභ ළඟා කරගැනීම රජයේ අරමුණ වී ඇත.
(ආ) පැන නොනඟී.
Answered Date
2015-03-04
Answered by
Hon. Ranil Wickremesinghe, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks