பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
உள் நுழைந்து உங்கள் பாராளுமன்றத்துடன் இணைந்து கொள்க
2950/ ’12
கெளரவ அஜித் குமார,— பொருளாதார அபிவிருத்தி அமைச்சரைக் கேட்பதற்கு,—
(அ) (i) இலங்கை சமூர்தி அதிகாரசபையின் சமூர்தி உத்தியோகத்தர் நலனோம்புகை நிதியம் ஆரம்பிக்கப்பட்ட திகதி யாது;
(ii) ஆரம்பத்திலிருந்து இற்றைவரை மேற்படி நிதியத்தில் வரவு வைக்கப்பட்டுள்ள மொத்தப் பணத்தொகை யாது;
(iii) 2012 ஆம் ஆண்டு ஜுன் 30 ஆம் திகதிக்கு, மேற்படி நிதியத்திலிருந்து கொடுப்பனவுகள் மேற்கொள்ளப்பட்டுள்ள உத்தியோகத்தர்களின் எண்ணிக்கை, இவர்களுக்கு செலுத்தப்பட்டுள்ள மொத்தப் பணத்தொகை மற்றும் நிதியத்தின் மீதி என்பன வெவ்வேறாக யாது
என்பதை அவர் குறிப்பிடுவாரா?
(ஆ) மேற்படி நிதியத்தின்,
(i) நிதியை பயன்படுத்தக் கூடிய கருமங்கள்;
(ii) சட்ட நிலைமையை விபரிக்கின்ற சட்டங்கள் மற்றும் ஒழுங்குவிதிகள்;
(iii) அங்கத்தவர் ஒருவரின் நலனோம்புகை வேண்டுகோளுக்கு ஏற்ப கொடுப்பனவை மேற்கொள்வதற்கு எடுக்கும் காலம்; மற்றும்
(iv) அங்கத்தவர் ஒருவருக்கு உரித்தான கொடுப்பனவை மேற்கொள்கிள்றபோது குறிப்பிட்ட காலத்தை தாண்டுவதாயிருப்பின், அதற்கான காரணம்;
யாவை என்பதை அவர் இச்சபைக்கு அறிவிப்பாரா?
(இ) (i) சமூர்தி உத்தியோகத்தர் நலனோம்புகை நிதியத்தைப் பயன்படுத்தி ஏனைய முதலீடுகள் மேற்கொள்ளப்படுகின்றனவா;
(ii) ஆமெனில், ஆரம்பத்திலிருந்து இன்றுவரை மேற்கொள்ளப்பட்டுள்ள முதலீடுகளிலிருந்து ஈட்டப்பட்டுள்ள இலாபம் எவ்வளவு;
(iii) மேற்குறிப்பிடப்பட்ட இலாபம் பகிர்ந்தளிக்கப்படும் தரப்பினர்கள் யாவர்;
(iv) மேற்குறிப்பிடப்பட்ட ஒவ்வொரு தரப்பினரிடையிலும் பகிர்ந்தளிக்கப்படும் பணத்தொகை வெவ்வேறாக யாது;
என்பதையும் அவர் குறிப்பிடுவாரா?
(ஈ) இன்றேல், ஏன்?
கேட்கப்பட்ட திகதி
2012-11-15
கேட்டவர்
கௌரவ கௌரவ அஜித் குமார, பா.உ.,, பா.உ.
அமைச்சு
பொருளாதார அபிவிருத்தி
சட்டவாக்கம்
இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்
கூட்டத்தொடர்
1 வது கூட்டத்தொடர்
ගරු ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා
(மாண்புமிகு லக்ஷ்மன் யாப்பா அபேவர்தன )
(The Hon. Lakshman Yapa Abeywardena )
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.
(අ) (i) 1998.03.01 දින මෙම අරමුදල සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත. 2006.04.18 වන දින ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියට පවරා ඇත.
(ii) ආරම්භයේ සිට 2012 ජූනි 30 දින දක්වා එම අරමුදලට බැර වී ඇති මුළු මුදල රුපියල් මිලියන දෙසිය විසිඑකයි දශම හතරයි නවයකි. (රු.මි. 221.49)
(iii) ආරම්භයේ සිට 2012 ජූනි 30 දින දක්වා එම අරමුදලින් ගෙවීම් කර ඇති නිලධාරින් සංඛ්‍යාව 22,488කි.
ගෙවා ඇති මුළු මුදල රුපියල් මිලියන දෙසිය දහඅටයි දශම නවයයි අටකි. (රු.මි. 218.98)
2012 ජූනි 30 දින අරමුදලේ ශේෂය රුපියල් මිලියන දෙකයි දශම පහයි එකකි. (රු.මි.2.51කි)
(ආ) (i) අරමුදල භාවිත කළ හැකි කාර්යයන්
ස්වාභාවික හේතුවක් නිසා සාමාජිකයා මිය යෑම වෙනුවෙන් - රු. 25,000
හදිසි අනතුරක් නිසා සාමාජිකයා මිය යෑම වෙනුවෙන් - රු. 100,000
සාමාජිකයාගේ පූර්ණ අකර්මන්‍යතාවක් සඳහා - රු. 100,000
සාමාජිකයාගේ අර්ධ අකර්මන්‍යතාවක් සඳහා - රු. 50,000
හදිසි අනතුරක් නිසා සාමාජිකයා රෝහලට ගෙන යෑම වෙනුවෙන් ප්‍රවාහන ගාස්තු - රු. 1,000
සාමාජිකයා රෝහල් ගතවීම වෙනුවෙන් දිනක රු. 200 බැගින් දින 30ක උපරිමයකට යටත්ව වසරක් සඳහා - රු. 6,000
සාමාජිකයාගේ මව/ පියා මිය යෑම වෙනුවෙන් - රු. 25,000
සාමාජිකයාගේ කලත්‍රයා හෝ අවිවාහක දරුවෙකු මියයෑම වෙනුවෙන් - රු. 25,000
සාමාජිකයාගේ දරුවකුගේ අධ්‍යාපන කටයුතු සඳහා පළමුවරට ඇතුළත් කිරීමට එක් දරුවකුට - රු. 500
ශල්‍යකර්ම හා නිර්වින්දන ගාස්තු සඳහා - රු. 1,000
(ii) නීතිමය තත්ත්වය විග්‍රහ කරන පනත් හා රෙගුලාසි නම්, චක්‍රලේඛ උපදෙස්.
සමෘද්ධි නිලධාරි සුබසාධක අරමුදල මාර්ගෝපදේශ අංක 98/1- ස.ආ.අ. 8-1
සමෘද්ධි නිලධාරි සුබසාධක අරමුදල මාර්ගෝපදේශ අංක 2000/1- ස.ආ.අ. 8-2
සමෘද්ධි නිලධාරි සුබසාධක අරමුදල මාර්ගෝපදේශ අංක 2000/1 - ස.ආ.අ. 8-3 සමෘද්ධි නිලධාරි සුබසාධක අරමුදල මාර්ගෝපදේශ අංක 2004/1
සමෘද්ධි නිලධාරි සුබසාධක අරමුදල ස.කො.ජ. චක්‍රලේඛ 2004/02
සමෘද්ධි නිලධාරි සුබසාධක අරමුදල සමෘද්ධි චක්‍රලේඛ අංක 2006/26
(iii) සමෘද්ධි නිලධාරි සුබසාධක අරමුදලින් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා නිවැරදි අයදුම්පත් අවශ්‍ය ලේඛන සමඟ ඉදිරිපත් කළ පසු චක්‍රලේඛ උපදෙස් පරිදි ගෙවීම් කරනු ලැබේ.
(iv) එම ගෙවීම් ප්‍රමාද වනුයේ අඩු පාඩු සහිතව අයදුම්පත් ඉදිරිපත් කරන ලද අවස්ථාවලදී සහ ගෙවීම් කිරීමට අරමුදලේ මුදල් ප්‍රමාණවත් නොවූ අවස්ථාවලදීය.
ආරම්භයේ සිට මේ දක්වා සාමාජිකයන්ගෙන් අය කරනු ලබන සාමාජික මුදල රු.50කි. නමුත් 2006/26 චක්‍රලේඛය මඟින් ගෙවන ප්‍රතිලාභ මුදල වැඩි කිරීමත්, ප්‍රතිලාභ ඉල්ලුම් කිරීම් වැඩිවීමත්, සුබසාධන අරමුදලට නිලධාරින්ගෙන් අය වන වාරික මුදල් වැඩි නොවීමත් නිසා මෙම අරමුදලේ මුදල් නොමැති වීමෙන් ඉල්ලුම් කරන අයදුම්පත් සඳහා මාසිකව ලැබෙන අයවීම් ප්‍රමාණය මත ගෙවීම් කිරීමට සිදුව ඇත. සංශෝධිත ප්‍රතිලාභ පිළිබඳ තොරතුරු පහත දැක්වේ.
|
විස්තරය |
1998 සිට 2006 දක්වා ගෙවීම් කළ ආකාරය (රුපියල්) |
2006 සිට සංශෝධිත ගෙවීම් (රුපියල්) |
|
ස්වාභාවික හේතුවක් නිසා සාමාජිකයා මිය යෑම වෙනුවෙන් |
25,000 |
25,000 |
|
හදිසි අනතුරක් නිසා සාමාජිකයා මිය යෑම වෙනුවෙන් |
75,000 |
100,000 |
|
සාමාජිකයාගේ පූර්ණ අකර්මන්‍යතාවක් සඳහා |
75,000 |
100,000 |
|
සාමාජිකයාගේ අර්ධ අකර්මන්‍යතාවක් සඳහා |
- |
50,000 |
|
හදිසි අනතුරක් නිසා සාමාජිකයා රෝහලට ගෙන යෑම වෙනුවෙන් ප්‍රවාහන ගාස්තු |
- |
1,000 |
|
සාමාජිකයා රෝහල් ගතවීම වෙනුවෙන් දිනක රු. 200 බැගින් දින 30ක උපරිමයකට යටත්ව වසරක් සඳහා |
3,000 |
6,000 |
|
සාමාජිකයාගේ මව/ පියා මිය යෑම වෙනුවෙන් |
5,000 |
25,000 |
|
සාමාජිකයාගේ කලත්‍රයා හෝ අවිවාහක දරුවකු මිය යෑම වෙනුවෙන් |
5,000 |
5,000 |
|
සාමාජිකයාගේ දරුවකුගේ අධ්‍යාපන කටයුතු සඳහා පළමුවරට ඇතුළත් කිරීමට එක් දරුවකුට |
- |
500 |
|
ශල්‍යකර්ම හා නිර්වින්දන ගාස්තු සඳහා |
5,0000 |
10,000 |
(ඇ) (i) සමෘද්ධි නිලධාරි සුභසාධන අරමුදල භාවිතා කර මේ වන විට කිසිදු ආයෝජනයක් සිදු නොකරයි.
(ii) වර්ෂ 1998 සිට 2012 දක්වා මෙම අරමුදලේ මුදල් ආයෝජනය කර උපයාගෙන ඇති ලාභය රුපියල් මිලියන විසිනවයයි දශම හතයිදෙකකි. (රු.මි. 29.72කි)
(iii) එම ලාභ බෙදී යන පාර්ශ්වයන් නම්, මෙහි සාමාජිකත්වය ලබා ඇති සමෘද්ධි අධිකාරියෙන් වැටුප් ලබන සියලු සේවකයන් වේ.
(iv) එසේ ලාභ බෙදීමක් වෙන් වෙන් වශයෙන් සිදු නොකරයි. පොදුවේ ප්‍රතිලාභ ගෙවීම් සඳහා යොදා ගනු ලැබේ.
දැනට සියලු වෘත්තිය සමිති කැඳවා නව ව්‍යවස්ථාවක් සකස් කර මෙම සුභසාධන අරමුදල, සාමාජිකයන්ගෙන් සැදුම්ලත් කමිටුවකට පැවරීමට කටයුතු කර ගෙන යනු ලැබේ.
(ඈ) අදාළ නොවේ.
பதில் தேதி
2013-01-24
பதில் அளித்தார்
கௌரவ லக்ஷமன் யாப்பா அபேவர்தன, பா.உ.
பாராளுமன்றத்திற்கு வருகை தருதல்
பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.
முழுப்பதிப்புரிமையுடையது.
வடிவமைத்து உருவாக்கியது TekGeeks