05

සි   |     |  

 Date: 2012-11-15   Answered 

2950/2012: SAMURDHI OFFICERS' WELFARE FUND : DETAILS

2950/’12

Hon. Ajith Kumara,— To ask the Minister of Economic Development,—

(a) Will he state—

(i) the date on which the Samurdhi Officers’ Welfare Fund of the Sri Lanka Samurdhi Authority was established;

(ii)  the total amount credited to that Fund from its inception up to now; and

(iii) the number of officers who have been paid by the aforesaid Fund, the total amount paid to them and the balance in the Fund separately, as at 30th June 2012 ?

(b) Will he inform this House of—

(i) the purposes for which the money of that Fund can be used;

(ii) the Acts and Regulations that construe the legal status of that Fund;

(iii) the time taken to make the payments relevant to a members’ welfare request; and

(iv) the reasons for delays in making payment for a member’s request, if such delays take place ?

(c) Will he also state—

(i) whether any other investment has been made using the money of the Samurdhi Officers’ Welfare Fund;

(ii) if so, the profit made through such investment from its inception up to now;

(iii) the parties among whom that profit would be divided; and

(iv) the amount that goes to each party, separately ?

(d) If not, why ?

 

Asked Date

2012-11-15

Asked by

Hon. AJITH KUMARA, M.P.,, M.P.

Ministry

Economic Development

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා

(மாண்புமிகு  லக்ஷ்மன் யாப்பா அபேவர்தன )

(The Hon. Lakshman Yapa Abeywardena )

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් මා  එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.

(අ)           (i)      1998.03.01 දින මෙම අරමුදල සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත. 2006.04.18 වන දින ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියට පවරා ඇත.

(ii) ආරම්භයේ සිට 2012 ජූනි 30 දින දක්වා එම අරමුදලට බැර වී ඇති මුළු මුදල රුපියල් මිලියන දෙසිය විසිඑකයි දශම හතරයි නවයකි. (රු.මි. 221.49)

(iii) ආරම්භයේ සිට 2012 ජූනි 30 දින දක්වා එම අරමුදලින් ගෙවීම් කර ඇති නිලධාරින් සංඛ්‍යාව  22,488කි.

     ගෙවා ඇති මුළු මුදල රුපියල් මිලියන දෙසිය දහඅටයි දශම නවයයි අටකි. (රු.මි. 218.98)

     2012 ජූනි 30 දින අරමුදලේ ශේෂය  රුපියල් මිලියන දෙකයි දශම පහයි එකකි. (රු.මි.2.51කි)

(ආ) (i) අරමුදල භාවිත කළ හැකි කාර්යයන්

ස්වාභාවික හේතුවක් නිසා සාමාජිකයා මිය යෑම වෙනුවෙන් - රු.   25,000

හදිසි අනතුරක් නිසා සාමාජිකයා මිය යෑම වෙනුවෙන් - රු. 100,000

සාමාජිකයාගේ පූර්ණ අකර්මන්‍යතාවක් සඳහා - රු. 100,000

සාමාජිකයාගේ අර්ධ අකර්මන්‍යතාවක් සඳහා  - රු.  50,000

හදිසි අනතුරක් නිසා සාමාජිකයා රෝහලට ගෙන යෑම වෙනුවෙන්   ප්‍රවාහන ගාස්තු - රු. 1,000

සාමාජිකයා රෝහල් ගතවීම වෙනුවෙන් දිනක   රු. 200 බැගින්  දින 30ක උපරිමයකට යටත්ව වසරක් සඳහා  - රු.  6,000

සාමාජිකයාගේ මව/ පියා මිය යෑම වෙනුවෙන් - රු. 25,000

සාමාජිකයාගේ කලත්‍රයා හෝ අවිවාහක දරුවෙකු මියයෑම වෙනුවෙන් - රු.  25,000

සාමාජිකයාගේ දරුවකුගේ අධ්‍යාපන කටයුතු සඳහා පළමුවරට  ඇතුළත් කිරීමට එක් දරුවකුට -  රු.  500

ශල්‍යකර්ම හා නිර්වින්දන ගාස්තු සඳහා - රු.  1,000

(ii) නීතිමය තත්ත්වය විග්‍රහ කරන පනත් හා රෙගුලාසි නම්, චක්‍රලේඛ උපදෙස්.

සමෘද්ධි නිලධාරි සුබසාධක අරමුදල මාර්ගෝපදේශ අංක 98/1- ස.ආ.අ. 8-1

සමෘද්ධි නිලධාරි සුබසාධක අරමුදල මාර්ගෝපදේශ අංක 2000/1- ස.ආ.අ. 8-2

සමෘද්ධි නිලධාරි සුබසාධක අරමුදල මාර්ගෝපදේශ අංක 2000/1 - ස.ආ.අ. 8-3 සමෘද්ධි නිලධාරි සුබසාධක අරමුදල මාර්ගෝපදේශ අංක 2004/1

සමෘද්ධි නිලධාරි සුබසාධක අරමුදල ස.කො.ජ. චක්‍රලේඛ 2004/02

සමෘද්ධි නිලධාරි සුබසාධක අරමුදල සමෘද්ධි චක්‍රලේඛ අංක 2006/26

(iii) සමෘද්ධි නිලධාරි සුබසාධක අරමුදලින් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා නිවැරදි අයදුම්පත් අවශ්‍ය ලේඛන සමඟ  ඉදිරිපත් කළ පසු චක්‍රලේඛ උපදෙස් පරිදි ගෙවීම් කරනු ලැබේ.

(iv) එම ගෙවීම් ප්‍රමාද වනුයේ අඩු පාඩු සහිතව අයදුම්පත් ඉදිරිපත් කරන ලද අවස්ථාවලදී සහ ගෙවීම් කිරීමට අරමුදලේ මුදල් ප්‍රමාණවත් නොවූ අවස්ථාවලදීය.

ආරම්භයේ සිට මේ දක්වා සාමාජිකයන්ගෙන් අය කරනු ලබන සාමාජික මුදල රු.50කි. නමුත් 2006/26 චක්‍රලේඛය මඟින් ගෙවන ප්‍රතිලාභ මුදල වැඩි කිරීමත්, ප්‍රතිලාභ ඉල්ලුම් කිරීම් වැඩිවීමත්, සුබසාධන අරමුදලට නිලධාරින්ගෙන් අය වන වාරික මුදල් වැඩි නොවීමත් නිසා මෙම අරමුදලේ මුදල් නොමැති වීමෙන් ඉල්ලුම් කරන අයදුම්පත් සඳහා මාසිකව ලැබෙන අයවීම් ප්‍රමාණය මත ගෙවීම් කිරීමට සිදුව ඇත. ‍සංශෝධිත ප්‍රතිලාභ පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

විස්තරය

1998 සිට 2006 දක්වා ගෙවීම් කළ ආකාරය (රුපියල්)

2006 සිට සංශෝධිත ගෙවීම් (රුපියල්)

ස්වාභාවික හේතුවක් නිසා සාමාජිකයා මිය යෑම වෙනුවෙන්

25,000

25,000

හදිසි අනතුරක් නිසා සාමාජිකයා මිය යෑම වෙනුවෙන්

75,000

100,000

සාමාජිකයාගේ පූර්ණ අකර්මන්‍යතාවක් සඳහා

75,000

100,000

සාමාජිකයාගේ අර්ධ අකර්මන්‍යතාවක් සඳහා

-

50,000

හදිසි අනතුරක් නිසා සාමාජිකයා රෝහලට ගෙන යෑම වෙනුවෙන් ප්‍රවාහන ගාස්තු

-

1,000

සාමාජිකයා රෝහල් ගතවීම වෙනුවෙන් දිනක රු. 200 බැගින් දින 30ක උපරිමයකට යටත්ව වසරක් සඳහා

3,000

6,000

සාමාජිකයාගේ මව/ පියා මිය යෑම වෙනුවෙන්

5,000

25,000

සාමාජිකයාගේ කලත්‍රයා හෝ අවිවාහක දරුවකු මිය යෑම වෙනුවෙන්

5,000

5,000

සාමාජිකයාගේ දරුවකුගේ අධ්‍යාපන කටයුතු සඳහා පළමුවරට ඇතුළත් කිරීමට එක් දරුවකුට

-

500

ශල්‍යකර්ම හා නිර්වින්දන ගාස්තු සඳහා

5,0000

10,000

(ඇ)         (i)      සමෘද්ධි නිලධාරි සුභසාධන අරමුදල භාවිතා කර මේ වන විට කිසිදු ආයෝජනයක් සිදු නොකරයි.   

              (ii)      වර්ෂ 1998 සිට 2012 දක්වා මෙම අරමුදලේ මුදල් ආයෝජනය කර උපයාගෙන ඇති ලාභය රුපියල් මිලියන විසිනවයයි දශම හතයිදෙකකි. (රු.මි. 29.72කි)

             (iii)      එම ලාභ බෙදී යන පාර්ශ්වයන් නම්, මෙහි සාමාජිකත්වය ලබා ඇති සමෘද්ධි අධිකාරියෙන් වැටුප් ලබන සියලු සේවකයන් වේ.

             (iv)      එසේ ලාභ බෙදීමක් වෙන් වෙන් වශයෙන් සිදු නොකරයි. පොදුවේ ප්‍රතිලාභ ගෙවීම් සඳහා යොදා ගනු ලැබේ.

දැනට සියලු වෘත්තිය සමිති කැඳවා නව ව්‍යවස්ථාවක් සකස් කර මෙම සුභසාධන අරමුදල, සාමාජිකයන්ගෙන් සැදුම්ලත් කමිටුවකට පැවරීමට කටයුතු කර ගෙන යනු ලැබේ.

(ඈ) අදාළ නොවේ.

 

Answered Date

2013-01-24

Answered by

Hon. Lakshman Yapa Abeywardena, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks