பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
உள் நுழைந்து உங்கள் பாராளுமன்றத்துடன் இணைந்து கொள்க
----
கேட்கப்பட்ட திகதி
2015-03-04
கேட்டவர்
கௌரவ அநுர திசாநாயக்க, பா.உ.
அமைச்சு
வெளிநாட்டலுவல்கள்
சட்டவாக்கம்
இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்
கூட்டத்தொடர்
1 வது கூட்டத்தொடர்
(අ) (i) ඔව්.
(ii) අදාළ සමාගම් 04ක් ඇති අතර එම විස්තර පහත දැක්වේ.
(අ) පැටන් බොග්ස් (LLP) (2010-2012)
(ආ) ක්‍රැන්ෆර්ඩ් ජොන්සන් රොබින්සන් PR (2010)
(ඇ) ස්ටීව් හෙජස් (2010)
(ඈ) මැජෝරිටි ගෲප් LLC (2013)
(iii) අයිතම ii හි (අ-ඈ) හි සඳහන් සමාගම් 04 ඇමෙරිකානු එක්සත් ජනපදයට අයත් සමාගම් වේ.
(iv) (අ) පැටන් බොග්ස් (LLP)
තානාපති ජාලිය වික්‍රමසූරිය විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට කරන ලද නිර්දේශය මත තෝරා ගෙන ඇත.
(ආ) ක්‍රැන්ෆර්ඩ් ජොන්සන් රොබින්සන් PR
තානාපති බර්නාඩ් ගුණතිලක විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට කරන ලද නිර්දේශය මත තෝරා ගෙන ඇත.
(ඇ) ස්ටීව් හෙජස්
සමාගම තෝරාගත් ආකාරය පිළිබඳ කිසිදු තොරතුරක් අමාත්‍යාංශය හෝ විදේශ දූත මණ්ඩලය සතු නොවන බවයි පෙනෙන්නේ.
(ඈ) මැජෝරිටි ගෲප් LLC
සමාගම තෝරාගත් ආකාරය පිළිබඳ කිසිදු තොරතුරක් අමාත්‍යාංශය හෝ විදේශ දූත මණ්ඩලය සතු නොවේ.
(v) මේ සමාගම් 4ක්ම අරගෙන තිබෙන්නේ ඇයි කියන කාරණය.
(අ) පැටන් බොග්ස් (LLP)
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ කොංග්‍රසය සමග මිත්‍ර සබඳතා ඇති කර ගැනීම.
ශ්‍රී ලංකාවට එරෙහිව යම් පනත් කෙටුම්පතක් හෝ යෝජනා සම්මුතියක් හෝ කොංග්‍රසයට ඉදිරිපත් කිරීමේ අවස්ථා වැළැක්වීම;
පුද්ගලයන් නීති විරෝධි ලෙස ප්‍රවාහනය කරන රටවල ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කරවාගැනීමට උපකාර කිරීම;
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් දක්වා ඇති මාර්ගෝපදේශ මාලාව ඉවත් කරවාගැනීමට උපකාර කිරීම;
එක්සත් ජනපද ව්‍යාපාරික නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ කටයුතු සංවිධානය කිරීම.
(ආ) ක්‍රැන්ෆර්ඩ් ජොන්සන් රොබින්සන් PR
ශ්‍රී ලංකාව වෙනුවෙන් මාධ්‍ය ප්‍රචාරණ කටයුතු මෙහෙයවීම;
එක්සත් ජනපදයේ පුවත් පත් සමඟ, ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වැඩිදියුණු කිරීමේ ව්‍යාපාරයක් දියත් කිරීම.
(ඇ) ස්ටීව් හෙජස්
පුනරුත්ථාපනය හා සංහිඳියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් ආරම්භ කර ඇති කටයුතු පිළිබඳව පර්යේෂණ හා ප්‍රචාරණ කටයුතු;
මාධ්‍ය මඟින් හෝ වෙනත් ආකාරයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මතු කළ ගැටලුවලට ප්‍රතිචාර දැක්වීම;
උසස් විදේශ නිලධාරින්ගේ සංචාර අතරතුර මාධ්‍ය කටයුතු පිළිබඳ සොයා බැලීම.
(ඈ) මැජෝරිටි ගෲප් LLC
අයහපත් යෝජනා සම්මුතීන් පිටු දැකීම සඳහා අනුග්‍රහය;
ශ්‍රී ලංකාව වෙනුවෙන් කොංග්‍රසයේ නියෝජිත මණ්ඩල සංවිධානය කිරීම;
කොංග්‍රසයේ සාමාජිකයන් සඳහා මුදල් රැස් කිරීමේ කටයුතු;
කැපිටල් හිල් සාමාජික රැස්වීම් සංවිධානය.
ඒවා තමයි මැජෝරිටි ගෲප් කියන ආයතනයට පැවරී තිබෙන වගකීම්. ගරු මන්ත්‍රීතුමනි, අප සතුව තිබෙන තොරතුරුවලට අනුව ඒ ආයතනයට ටිකක් විශේෂ වගකීම් තිබෙනවා.
(vi) (අ) පැටන් බොග්ස් (LLP):
2010 - ශ්‍රී ලංකා රු.35,685,906.88 ඇ.එ.ඩො. 315,000.00
2011 - ශ්‍රී ලංකා රු.46,913,476.71 ඇ.එ.ඩො. 420,000.00
2012 - ශ්‍රී ලංකා රු.12,992,860.05 ඇ.එ.ඩො. 105,000.00
(ආ) ක්‍රැන්ෆර්ඩ් ජොන්සන් රොබින්සන් PR
2010 - ශ්‍රී ලංකා රු.5,172,750.00 ඇ.එ.ඩො. 45,000.00
(ඇ) ස්ටීව් හෙජස්:
2010 - ශ්‍රී ලංකා රු.5,509,693.20 ඇ.එ.ඩො. 49,106.00
(ඈ) මැජෝරිටි ගෲප් LLC
2010 - ශ්‍රී ලංකා රු.46,732,602.00 ඇ.එ.ඩො. 354,000.00
(vii) (අ) පැටන් බොග්ස් (LLP):
විදේශ කටයුතු අමාත්‍යාංශ වැය ශීර්ෂ - 112-2-3-1405
(ආ) ක්‍රැන්ෆර්ඩ් ජොන්සන් රොබින්සන් PR
අදාළ තොරතුරු විදේශ කටයුතු අමාත්‍යාංශයේ නොමැත.
(ඇ) ස්ටීව් හෙජස්
විදේශ කටයුතු අමාත්‍යාංශ වැය ශීර්ෂ - 112-2-3-1405
(ඈ) මැජෝරිටි ගෲප් LLC
විදේශ කටයුතු අමාත්‍යාංශ වැය ශීර්ෂ - 112-2-3-1405
(ආ) පැන නොනඟී.
பதில் தேதி
2015-03-04
பதில் அளித்தார்
கௌரவ அஜித் பி. பெரேரா, பா.உ.
பாராளுமன்றத்திற்கு வருகை தருதல்
பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.
முழுப்பதிப்புரிமையுடையது.
வடிவமைத்து உருவாக்கியது TekGeeks