பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
உள் நுழைந்து உங்கள் பாராளுமன்றத்துடன் இணைந்து கொள்க
----
கேட்கப்பட்ட திகதி
2014-08-06
கேட்டவர்
கௌரவ அஜித் மான்னப்பெரும, பா.உ.
அமைச்சு
மின்வலு, எரிசக்தி
சட்டவாக்கம்
இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்
கூட்டத்தொடர்
1 வது கூட்டத்தொடர்
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) වාර්තා වී නොමැත.
(ආ) (i) පළමුවන අදියර ඉදි කිරීම් වෙනුවෙන් සාකච්ඡාමය කොන්ත්‍රාත් මිල ඇමෙරිකානු ඩොලර් මිලියන හාරසිය පනස්පහකි. (ඇ.ඩො. මිලියන 455කි.) පළමුවන අදියර ඉදි කිරීම් වෙනුවෙන් වියදම් කළ සම්පූර්ණ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන හාරසිය හතළිස් අටකි. (ඇ.ඩො. මිලියන 448කි.)
(ii) ඔව්.
(iii) ඉහත ප්‍රශ්න අංක (ආ)(ii) හි සඳහන් ගිවිසුමට අනුව කොන්ත්‍රාත් සමාගම විසින් වගකීම් දරන කාලය විදුලි බලාගාරය වාණිජ කටයුතු සඳහා පණ ගැන්වූ දින සිට අවුරුදු දෙකකි. එම කාලය තුළ විදුලි බලාගාරය අක්‍රිය වූ අවස්ථාවන්හිදී අදාළ කොන්ත්‍රාත් සමාගම අවශ්‍ය තැන්හිදී අමතර කොටස් ද යොදා සියලු අලුත්වැඩියා කටයුතු අය කිරීමකින් තොරව සිදු කර ඇත. එබැවින් අදාළ සමාගමට එරෙහිව කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නැත.
(iv) අලුත්වැඩියාවන්වලට අදාළ සියලු වියදම් ඉදි කිරීම් කරනු ලැබූ චීන සමාගම විසින් දරා ඇත. අදාළ ජනක යන්ත්‍ර අලුත්වැඩියා කර නැවත පණ ගන්වා විදුලිය ජනනය ආරම්භ කරන තුරු ජනන වියදම අවම වන සේ වෙනත් ජනක යන්ත්‍ර මඟින් විදුලිය ලබාගෙන ඇත.
(v) දෙවැනි අදියර සඳහා ගිවිසුම් අත්සන් කරනු ලැබ ඇත්තේ පළමුවෙනි අදියර අවසන් වීමට පෙර වන අතර, මෙම කාර්යය සඳහා ණය මුදල ලබා දුන් චීන රජය විසින් අදාළ කොන්ත්‍රාත් සමාගම නිර්දේශ කර ඇත.
(ඇ) (i) ඔව්.
(ii) මේ වන විටත් සැලකිය යුතු ප්‍රමාණයකින් විදුලිය බිල අඩු කර ඇත. (2014.09.16 සිට)
තවද ලංකා විදුලිබල මණ්ඩලය විසින් සෑම දෙවසරකටම වරක් ඉදිරි වර්ෂ 20ක් සඳහා වන දීර්ඝ කාලීන අඩු වියදම් ජනක සැලසුම් වාර්තාවක් පිළියෙල කරනු ලබයි. මේ වන විට 2013-2032 කාලය සඳහා සකස් කරන ලද වාර්තාව (Long Term Generation Expansion Plan, 2013-2032) මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කොට මහජන අදහස් විමසීමෙන් පසු සියලු සංශෝධන සමඟින් එළි දක්වා ඇත. අදාළ සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිලාභ ලබා දිය හැක. ජනක සැලසුමේ සාරාංශය සඳහන් එම වාර්තාවේ පිටු අංක A11-1 හි පිටපතක් ඇමුණුම* ලෙස ඉදිරිපත් කරමි.
(ඈ) පැන නොනඟී.
பதில் தேதி
2015-02-19
பதில் அளித்தார்
கௌரவ பாட்டளி சம்பிக ரணவக்க, பா.உ.
பாராளுமன்றத்திற்கு வருகை தருதல்
பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.
முழுப்பதிப்புரிமையுடையது.
வடிவமைத்து உருவாக்கியது TekGeeks