01

E   |   සි   |  

 திகதி: 2013-06-05   பதிலளிக்கப்பட்டவைகள் 

3256/2013: சிறைச்சாலையினுள் இடம்பெறும் முறைகேடுகள் : நடவடிக்கை

3256/ ’12

கௌரவ பி. ஹரிசன்,— புனர்வாழ்வளிப்பு, சிறைச்சாலைகள் மறுசீரமைப்பு  அமைச்சரைக் கேட்பதற்கு,—

(அ)    (i)      சிறைக் கைதிகளை பார்ப்பதற்காக வரும் நபர்கள் மற்றும் சிறைச்சாலை உத்தியோகத்தர்கள் சிறைச்சாலையினுள் பிரவேசிக்கும்போது சோதனைக்கு உட்படுத்தப்படுகின்றனரா என்பதையும்;

          (ii)     அவ்வாறாயின், சிறைச்சாலையினுள் போதைப்பொருள் மற்றும் செல்லிடத் தொலைபேசிகளைக் கொண்டு வருபவர்கள் யாவர் என்பதையும்;

(iii) சிறைச்சாலையினுள் இடம்பெறும் முறைகேடான சம்பவங்களுக்கு சிறைச்சாலை உத்தியோகத்தர்களின் ஒத்துழைப்பு கிடைக்கின்றதென்பதை அவர் அறிவாரா என்பதையும்;

(iv) அவ்வாறாயின், அந்த உத்தியோகத்தர்கள் தொடர்பாக மேற்கொள்ளப்படும் நடவடிக்கைகள் யாவையென்பதையும்

அவர் இச்சபையில் அறிவிப்பாரா?

(ஆ) (i) வெலிக்கடை சிறைச்சாலையினுள் இட வதிகளை வழங்கக்கூடிய கைதிகளின் எண்ணிக்கை எவ்வளவு என்பதையும்;

(ii) தற்போது மேற்படி சிறைச்சாலையில் தடுத்து வைக்கப்பட்டுள்ள கைதிகளின் எண்ணிக்கை யாதென்பதையும்;

அவர் குறிப்பிடுவாரா?

(இ) இன்றேல், ஏன்?

கேட்கப்பட்ட திகதி

2013-06-05

கேட்டவர்

கௌரவ பி. ஹரிசன், பா.உ.

அமைச்சு

புனர்வாழ்வளிப்பு, சிறைச்சாலைகள் மறுசீரமைப்பு

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

(අ)          (i)      ඔව්. බන්ධනාගාරගත කර ඇති සිර සැකකරුවන් මුණ ගැසීමට පැමිණෙන ඥාතීන් හිතවතුන් අතරින් මරණීය දණ්ඩනය සහ විශේෂ ගණයෙහි ලා සැලකෙන සිර සැකකරුවන් බැලීමට පැමිණෙන පුද්ගලයින් හැර සෙසු සිර සැකකරුවන් බලා ගැනීම පිණිස එන අයවලුන්  බන්ධනාගාරය තුළට යැවීමක් සිදු නොවේ.

                         මරණීය දණ්ඩනය සහ විශේෂ ඝණයෙහි  ලා සැලකෙන සිර සැකකරුවන් බැලීමට පැමිණෙන අමුත්තන් සහ ඔවුන් රැගෙන එන භාණ්ඩ බුද්ධි හා ආරක්ෂක ඒකකයේ නිලධාරින් විසින් පරීක්ෂාවට ලක් කරන අතර අමුත්තන් පෙන්වීමද ජේලර් වරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදු කරයි.

සෑම බන්ධනාගාර ආයතනයකටම පැමිණෙන නිලධාරින් ප්‍රධාන දොරටුවේදී  සෝදිසි කිරීමට ලක් වන අතර කොළඹ බන්ධනාගාර ආයතනවල ප්‍රධාන දොරටුවේ සෝදිසියට අමතරව බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂක ඒකකයේ නිලධාරින්

විසින් පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි  සෝදිසියට ලක් කිරීමක් සිදු කරනු  ලැබේ. මීට අමතරව මේ වන විටත් බෝගම්බර දුම්බර බන්ධනාගාරයේ පරීක්ෂා කිරීමේ තාක්ෂණික උපකරණ සවි කොට ඇත.

(ii) ඉහත 1 අනුව සිර සැකකරුවන් බැලීමට පැමිණෙන අමුත්තන් සහ බන්ධනාගාර නිලධාරින් සෝදිසි කිරීම සිදු වන අතර

බන්ධනාගාර ආයතන තුළට පැමිණෙන රැඳවියන් ඉහත කී සෝදිසිවලට අමතරව හමුදා නිලධාරින් විසින්ද සෝදිසියට ලක් කරනු  ඇත.

මෙම සියලු  සෝදිසි කිරීම් ශ්‍රමිකව සිදු කරන අතර තාක්ෂණික උපකරණ භාවිතයෙන් සෝදිසි කිරීමට (parcel scanners/body scanners) උපකරණ නොමැති  තත්ත්වය තුළ රැඳවියන් විසින් ශරීරය අභ්‍යන්තරය තුළ සඟවා ගෙන එනු ලබන නීතිවිරෝධී

ද්‍රව්‍ය හඳුනා  ගැනීමට හැකියාවක් ලැබී නැත. මෙය වළක්වාලීම සඳහා දැනටමත් සුනඛයින් යොදවා ගැනීමේ හා නව තාක්ෂණික උපකරණ මිල දී ගැනීමේ මූලික කටයුතු ආරම්භ කර ඇත.

(iii) නිලධාරින්ගේ යම් ප්‍රමාණයක් අයතා සිද්ධීන්වලට සම්බන්ධ වී ඇති බව වාර්තා වී ඇත. එනම්,

2011 වර්ෂයේ නිලධාරින් 04 (ඕවර්සියර් 01, නියාමක 03)

2012 වර්ෂයේ නිලධාරින් 07 (නියාමක 06, ඖෂධ සංයෝජක 01)

2013 වර්ෂයේ නිලධාරින් 03 (නියාමක 02, ඖෂධ සංයෝජක 01) - (මේ වන විට)

(iv) මෙම නිලධාරින්ට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පැවරීමට කටයුතු කර ඇත. මෙයට අමතරව සිද්ධිය සැල වූ වහාම ඔවුන් වැඩ තහනමකට ලක් කරන අතර, මූලික විමර්ශනයක් පවත්වා ඒ අනුව විධිමත් විනය පරීක්ෂණයකින් පසුව යම් හෙයකින් වැරැදිකරුවන් වන අයට ආයතන සංග්‍රහයේ දෙවන කාණ්ඩයේ XLVIII පරිච්ඡේදයේ 24 වගන්තිය යටතේ උපරිම දඬුවම් ලබා දීම සිදු කරනු ලබයි.

(ආ) (i) රැඳවිය හැකි අනුමත සංඛ්‍යාව 1,683යි.

(ii) සිර සැක 4,142 දෙනෙකු 2013.05.20වන දිනට රඳවා ඇත.

ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා මේ ප්‍රශ්නය අසන වේලාව වන විට මෙම ප්‍රමාණය හුඟක් අඩු කරලා තිබෙනවා.

මේ වන විටත් රැඳවියන් වැලිකඩින් ඉවත් කර ගැනීම සිදු කරමින් පවතින අතර, මේ වසරේ අගෝස්තු මාසය අවසන් වන විට වැලිකඩින් රැඳවියන් 2,500 දෙනෙකු විතැන් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

(ඇ) අදාළ නොවේ.

 

பதில் தேதி

2013-09-23

பதில் அளித்தார்

கௌரவ சந்திரசிறி கஜதீர, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks