Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
3256/’12
Hon. P. Harrison,— To ask the Minister of Rehabilitation and Prison Reforms,—
(a) Will he inform this House—
(i) whether visitors for the prison inmates and prison officers are checked when they enter prisons;
(ii) if so, of the persons who smuggle drugs and mobile phones into prisons;
(iii) whether he is aware that the irregularities that take place within prisons are supported by prison officers; and
(iv) if so, of the measures that will be taken regarding such officers?
(b) Will he state—
(i) the number of inmates that could be accommodated in Welikada prison; and
(ii) the number of inmates detained in the said prison at present?
(c) If not, why?
Asked Date
2013-06-05
Asked by
Hon. P. Harrison, M.P.
Ministry
Rehabilitation and Prison Reforms
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
(අ) (i) ඔව්. බන්ධනාගාරගත කර ඇති සිර සැකකරුවන් මුණ ගැසීමට පැමිණෙන ඥාතීන් හිතවතුන් අතරින් මරණීය දණ්ඩනය සහ විශේෂ ගණයෙහි ලා සැලකෙන සිර සැකකරුවන් බැලීමට පැමිණෙන පුද්ගලයින් හැර සෙසු සිර සැකකරුවන් බලා ගැනීම පිණිස එන අයවලුන් බන්ධනාගාරය තුළට යැවීමක් සිදු නොවේ.
මරණීය දණ්ඩනය සහ විශේෂ ඝණයෙහි ලා සැලකෙන සිර සැකකරුවන් බැලීමට පැමිණෙන අමුත්තන් සහ ඔවුන් රැගෙන එන භාණ්ඩ බුද්ධි හා ආරක්ෂක ඒකකයේ නිලධාරින් විසින් පරීක්ෂාවට ලක් කරන අතර අමුත්තන් පෙන්වීමද ජේලර් වරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදු කරයි.
සෑම බන්ධනාගාර ආයතනයකටම පැමිණෙන නිලධාරින් ප්‍රධාන දොරටුවේදී සෝදිසි කිරීමට ලක් වන අතර කොළඹ බන්ධනාගාර ආයතනවල ප්‍රධාන දොරටුවේ සෝදිසියට අමතරව බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂක ඒකකයේ නිලධාරින්
විසින් පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි සෝදිසියට ලක් කිරීමක් සිදු කරනු ලැබේ. මීට අමතරව මේ වන විටත් බෝගම්බර දුම්බර බන්ධනාගාරයේ පරීක්ෂා කිරීමේ තාක්ෂණික උපකරණ සවි කොට ඇත.
(ii) ඉහත 1 අනුව සිර සැකකරුවන් බැලීමට පැමිණෙන අමුත්තන් සහ බන්ධනාගාර නිලධාරින් සෝදිසි කිරීම සිදු වන අතර
බන්ධනාගාර ආයතන තුළට පැමිණෙන රැඳවියන් ඉහත කී සෝදිසිවලට අමතරව හමුදා නිලධාරින් විසින්ද සෝදිසියට ලක් කරනු ඇත.
මෙම සියලු සෝදිසි කිරීම් ශ්‍රමිකව සිදු කරන අතර තාක්ෂණික උපකරණ භාවිතයෙන් සෝදිසි කිරීමට (parcel scanners/body scanners) උපකරණ නොමැති තත්ත්වය තුළ රැඳවියන් විසින් ශරීරය අභ්‍යන්තරය තුළ සඟවා ගෙන එනු ලබන නීතිවිරෝධී
ද්‍රව්‍ය හඳුනා ගැනීමට හැකියාවක් ලැබී නැත. මෙය වළක්වාලීම සඳහා දැනටමත් සුනඛයින් යොදවා ගැනීමේ හා නව තාක්ෂණික උපකරණ මිල දී ගැනීමේ මූලික කටයුතු ආරම්භ කර ඇත.
(iii) නිලධාරින්ගේ යම් ප්‍රමාණයක් අයතා සිද්ධීන්වලට සම්බන්ධ වී ඇති බව වාර්තා වී ඇත. එනම්,
2011 වර්ෂයේ නිලධාරින් 04 (ඕවර්සියර් 01, නියාමක 03)
2012 වර්ෂයේ නිලධාරින් 07 (නියාමක 06, ඖෂධ සංයෝජක 01)
2013 වර්ෂයේ නිලධාරින් 03 (නියාමක 02, ඖෂධ සංයෝජක 01) - (මේ වන විට)
(iv) මෙම නිලධාරින්ට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පැවරීමට කටයුතු කර ඇත. මෙයට අමතරව සිද්ධිය සැල වූ වහාම ඔවුන් වැඩ තහනමකට ලක් කරන අතර, මූලික විමර්ශනයක් පවත්වා ඒ අනුව විධිමත් විනය පරීක්ෂණයකින් පසුව යම් හෙයකින් වැරැදිකරුවන් වන අයට ආයතන සංග්‍රහයේ දෙවන කාණ්ඩයේ XLVIII පරිච්ඡේදයේ 24 වගන්තිය යටතේ උපරිම දඬුවම් ලබා දීම සිදු කරනු ලබයි.
(ආ) (i) රැඳවිය හැකි අනුමත සංඛ්‍යාව 1,683යි.
(ii) සිර සැක 4,142 දෙනෙකු 2013.05.20වන දිනට රඳවා ඇත.
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා මේ ප්‍රශ්නය අසන වේලාව වන විට මෙම ප්‍රමාණය හුඟක් අඩු කරලා තිබෙනවා.
මේ වන විටත් රැඳවියන් වැලිකඩින් ඉවත් කර ගැනීම සිදු කරමින් පවතින අතර, මේ වසරේ අගෝස්තු මාසය අවසන් වන විට වැලිකඩින් රැඳවියන් 2,500 දෙනෙකු විතැන් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.
(ඇ) අදාළ නොවේ.
Answered Date
2013-09-23
Answered by
Hon. Chandrasiri Gajadeera, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks