01

E   |   සි   |  

 திகதி: 2013-06-19   பதிலளிக்கப்பட்டவைகள் 

3044/2013: தனியார்மயப்படுத்திய அரச தோட்டங்களின் தொழிலாளர் :சுகாதார வசதிகள்

3044/ ’12

கெளரவ அகில விராஜ் காரியவசம்,— பெருந்தோட்டக் கைத்தொழில் அமைச்சரைக் கேட்பதற்கு,— (1)

(அ)  களுத்துறை மாவட்டத்தின் மத்துமக, அகலவத்த மற்றும் புலத்சிங்கல பிரதேசங்களில் தனியார் மயப்படுத்தப்பட்ட அரச தோட்டங்களில் தொழிலாளர்களின் துப்புரவு ஏற்பட்டுப் பணிகளுக்கென ஒதுக்கப்பட்ட பணத்தொகை இத் தோட்டக் கம்பனிகளினால் குறைக்கப்பட்டுள்ளதால் இத்தொழிலாளர்கள் கடும் சுகாதாரப் பிரச்சினைகளை எதிர்கொண்டுள்ளனர் என்பதை  அவர் அறிவாரா?

(ஆ) (i) மேலே குறிப்பிடப்பட்டுள்ள பிரதேசங்களில் வாழும் தோட்டத் தொழிலாளர் குடும்பங்களின் எண்ணிக்கை யாது என்பதையும்;

(ii) இத்தோட்டத் தொழிலாளர்களுக்கு வழங்கப்பட்டுள்ள சுகாதார வசதிகள் யாவை என்பதையும்;

(iii) இத்தோட்டத் தொழிலாளர் சமுதாயத்தில் தற்போது காணப்படும், தாய், சேய் மரணங்கள், தொற்றாத நோய்கள் பீடித்தல், முறையற்ற கர்ப்பமுறல், மற்றும் குறையூட்டம் தொடர்பான புள்ளிவிபரத் தரவுகள் யாவை என்பதையும்

(iv) இப் பிரதேசங்களுக்குத் தேவையான துப்பரவேற்பாட்டு மற்றும் சுகாதார வசதிகளை துரிதமாக வழங்க நடவடிக்கை மேற்கொள்வாரா என்பதையும்

அவர் குறிப்பிடுவாரா?

(இ) இன்றேல், ஏன்?

கேட்கப்பட்ட திகதி

2013-06-19

கேட்டவர்

கௌரவ அகில விராஜ் காரியவசம், பா.உ.

அமைச்சு

பெருந்தோட்டக் கைத்தொழில்கள்

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

(අ)       එවැනි මුදල් කපා හැරීමක් සිදු කර නොමැති බව මතුගම, අගලවත්ත සහ බුලත්සිංහල ප්‍රදේශවල ක්‍රියාත්මක වැවිලි සමාගම් වාර්තා කර ඇත.

එම වැවිලි සමාගම් මතුගම, අගලවත්ත හා බුලත්සිංහල යන ප්‍රදේශවල කම්කරු ජනතාවගේ සුබසාධන කටයුතු වෙනුවෙන් පසු ගිය වසරවල මුදල් වියදම් කර ඇති ආකාරය පහත පරිදි වේ.

      

වර්ෂය                                  වියදම් කර ඇති මුදල

 

       2011                        රුපියල්  3,110,086.00

       2012                        රුපියල්  9,891,894.00

2013 රුපියල් 8,503,025.00 (ජුනි 30 දක්වා)

2014 අපේක්ෂිත රුපියල් 25,679,741.00

(ආ)  (i)    මතුගම                            -   පවුල්  3518

               අගලවත්ත                       -    පවුල් 1309

               බුලත්සිංහල                     -    පවුල්  5099

 

       (ii) සෞඛ්‍ය දෙපාර්ත‍මේන්තුව හා පළාත් සෞඛ්‍ය  ආයතන විසින් රටෙහි සෙසු ප්‍රදේශ වෙත ලබා දෙනු ලබන සෞඛ්‍ය  පහසුකම් සියල්ල වතු කම්කරු ජනතාව වෙත ද ලබා දී ඇත.

              ඊට අමතරව පහත  සඳහන් පහසුකම් ලබා දී ඇත.

* වතු සෞඛ්‍ය මධ්‍යස්ථාන හා වතු රෝහල් මගින් සෞඛ්‍ය පහසුකම් ලබා දීම.

* වතුවල බෙහෙත් ශාලා හා වෛද්‍ය සායන පැවැත්වීම. අවශ්‍ය  බෙහෙත්  වර්ග වැවිලි  මානව සංවර්ධන භාරය හා රජය විසින් සපයා දී ඇත.

               *     වැවිලි මානව සංවර්ධන  භාරය හා වැවිලි ක්ෂේත්‍රය  සඳහා  ක්‍රියාත්මක වූ වැවිලි සංවර්ධන ව්‍යාපෘතිය මගින් වැසිකිළි හා අනෙකුත් සනීපාරක්ෂක  පහසුකම් ලබා දීම.

* පවුල් සෞඛ්‍ය සේවිකා, පවුල් සුබ සාධන නිලධාරි, වතු සෞඛ්‍ය නිලධාරි හා ළමා උයන්  පාලිකා  යන නිලධාරින්ගේ සේවය වතු කම්කරු ජනතාව වෙත සපයා දීම.

* පෙර පසල් දරුවන්ට පෝෂ්‍යදායී  ආහාර ලබා දීම හා පාසල් දරුවන්ට දිවා ආහාරය ලබා දීම.

* වතු කම්කරුවන් සඳහා  ගිලන්රථ සේවා පහසුකම් ලබා  දීම.

* කලුතර  ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හා වැවිලි මානව සංවර්ධන භාරයේ ගාල්ල  ප්‍රාදේශීය අධ්‍යක්ෂ  යන අයගේ  මඟ පෙන්වීම යටතේ පවුල් සැලසුම්, මුඛ පිළිකා හඳුනා ගැනීම, ඇස්  පරීක්ෂාව, ඩෙංගු, උණසන්නිපාතය හා  ඒඩ්ස් රෝගය හඳුනා ගැනීම සම්බන්ධයෙන් වතු සේවකයන්  දැනුවත් කිරීම.

 වැවිලි මානව සංවර්ධන භාරය විසින් සපයා ඇති දත්ත අනුව මේ වන විට මෙම ප්‍රදේශ සදහා ලබා දී ඇති සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම්.

 

කොට්ඨාසය

වැසිකිලි පහසුකම්

 ජල පහසුකම්

පවතින බෙහෙත්ශාලා ගණන (Dispensaries)

 

 තනි

පොදු

  තනි

 පොදු

 

  මතුගම

1150

 433

  316

1743

         06

  අගලවත්ත

  309

234

    27

  726

         02

  බුලත්සිංහල

1661

 257

  389

1497

         06

(iii) මතුගම, අගලවත්ත සහ බුලත්සිංහල යන ප්‍රදේශවල ක්‍රියාත්මක වැවිලි සමාගම්හි 2012 වසරේ දත්ත අනුව,

• ළමා හා මාතෘ මරණ  -  01

• අනිසි ගැබ් ගැනීම් -  33

• මන්ද පෝෂණ තත්ත්වයන් -  40

• බෝ නොවන රෝග සම්බන්ධයෙන් වූ දත්තයන් වාර්තා වී නොමැත.

(iv) සාමාන්‍ය පරිදි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා පළාත් සෞඛ්‍ය ආයතන මඟින් රටෙහි සෙසු ප්‍රදේශ වෙත ලබා දෙනු ලබන සෞඛ්‍ය පහසුකම් සියල්ල වතු කම්කරු ජනතාව වෙතද ලබා දෙන අතර, මෙයට අමතරව වැවිලි සංවර්ධන මානව භාරය විසින් හා වතු සමාගම් මඟින් සපයනු ලබන පහසුකම්ද නොකඩවා පවත්වාගෙන යනු ලැබේ.

වතු සේවකයන් හට සෞඛ්‍ය හා අනෙකුත් සනීපාරක්ෂක පහසුකම් සැපයීම  සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙස සියලු වැවිලි සමාගම් සමඟ පවත්වනු ලබන ස්වර්ණමය කොටස් හිමිකරුවන්ගේ රැස්වීමේදී උපදෙස් ලබා දී ඇත.

අඩු පාඩු පවතින්නේ නම් ඒ පිළිබඳව සොයා බලා පහසුකම් සැපයීමට පියවර ගනු ලැබේ.

(ඇ) වතු සේවකයන් හට සනීපාරක්ෂක හා සෞඛ්‍ය පහසුකම් ලබා දීමට දිගින් දිගටම කටයුතු කර ඇති බැවින් අදාළ නොවේ.

 

பதில் தேதி

2013-10-02

பதில் அளித்தார்

கௌரவ மஹிந்த சமரசிங்ஹ, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks