01

E   |   සි   |  

 திகதி: 2012-11-16   பதிலளிக்கப்பட்டவைகள் 

2327/2012: சமுர்த்தி கொடுப்பனவு இரத்தானவர்களின் சேமிப்பு: மீள்செலுத்துகை

2327/ ’12

கெளரவ சஜித் பிரேமதாச,— பொருளாதார அபிவிருத்தி அமைச்சரைக் கேட்பதற்கு,—

(அ)     (i)      2000 ஆம் ஆண்டு தொடக்கம் 2011 ஆம் ஆண்டு வரையான காலத்தில் ரூபா. 900/- மற்றும் ரூபா. 1500/- என்றவாறு நிவாரண உதவிகளை பெற்ற சமுர்த்தி பயனாளிகளிலிடமிருந்து சமுர்த்தி வங்கிகள் ஊடாக வருடாந்தம் அறவிடப்பட்ட கட்டாய சேமிப்புத் தொகை;

(ii) கட்டாய சேமிப்பு அறவிடப்பட்ட மேற்படி சமுர்த்தி பயனாளிகளில் தற்போது சமுர்த்தி கொடுப்பனவு இரத்துச் செய்யப்பட்டுள்ள எண்ணிக்கை;

(iii) இவ்வாறு சமுர்த்தி இரத்தாக்கப்பட்ட சமுர்த்தி பயனாளிகளில் தற்போது கட்டாய சேமிப்பை மீளப்பெற்றுக்கொண்டவர்களின் எண்ணிக்கை;

(iv) இவ்வாறு செலுத்தப்பட்ட மொத்தப் பணத் தொகை;

(v) தற்போது சமுர்த்தி இழக்கச் செய்யப்பட்ட சமுர்த்தி பயனாளிகளில் கட்டாய சேமிப்பு மீளச் செலுத்தப்பட வேண்டியுள்ள குடும்பங்களின் எண்ணிக்கை;

மாவட்ட மட்டத்தில் தனித்தனியாக எவ்வளவென்பதை அவர் இச்சபையில் அறிவிப்பாரா?

(ஆ) (i) சமுர்த்தி நிகழ்ச்சித்திட்டத்திலிருந்து விலகிய சமுர்த்தி பயனாளிகளின் கட்டாய சேமிப்பை மீளச் செலுத்தி முடிப்பதற்கு எடுக்கும் காலம் எவ்வளவென்பதையும்;

(ii) தற்சமயம் மரணமடைந்துள்ள சமுர்த்தி பயனாளிகளின் கட்டாய சேமிப்பை செலுத்துவதில் பின்பற்றப்படும் நடைமுறை யாதென்பதையும்

அவர் குறிப்பிடுவாரா?

(இ) இன்றேல், ஏன்?

 

கேட்கப்பட்ட திகதி

2012-11-16

கேட்டவர்

கௌரவ சஜித் பிரேமதாச, பா.உ.

அமைச்சு

பொருளாதார அபிவிருத்தி

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

ගරු ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා (ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு  லக்ஷ்மன் யாப்பா அபேவர்தன - பொருளாதார அபிவிருத்தி பிரதி அமைச்சர்)

(The Hon. Lakshman Yapa Abeywardena - Deputy Minister of Economic Development)

ගරු කථානායකතුමනි, ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)          (i)     වර්ෂ 2000 සිට 2011 දක්වා රුපියල් 900 හා රුපියල් 1,500 ලෙස සහනාධාර ලැබූ සමෘද්ධිලාභීන්ගෙන් සමෘද්ධි බැංකු හරහා වාර්ෂිකව අය කර ගෙන ඇති අනිවාර්යය ඉතිරි කිරීම් 2006 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා රුපියල් මිලියන තුන්සිය හතළිස්හයයි දශම හතරයි තුනකි. (රුපියල් මිලියන 346.43කි.)

                සමෘද්ධිලාභින්ගෙන් සමෘද්ධි බැංකු හරහා වාර්ෂිකව අය කරන අනිවාර්යය ඉතිරි කිරීම් 2006 වර්ෂයේ සිට ආරම්භ කරන ලදී.

ගරු කථානායකතුමනි, ප්‍රශ්නයේ (ii), (iii), (iv) සහ (v) කොටස් සඳහා පිළිතුරු වශයෙන් විශාල ලේඛනයක් තිබෙනවා. මේ සමෘද්ධිලාභින්ගේ අනිවාර්යය ඉතිරි කිරීම් කිව්වාම, ඒ විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලබා ගත යුතු විශාල ලේඛනයක්. මොකද, පහළොස් ලක්ෂයක් වන සමෘද්ධිලාභින්ගෙන්  හැම සමෘද්ධිලාභියාටම අනිවාර්යය ඉතිරි කිරීම් තිබෙනවා. ඒ ලේඛනය සම්පූර්ණයෙන්ම මේ ගරු සභාවේ කියවන්න ගියොත් විශාල කාල වේලාවක් ගත වෙනවා. ඒක කරන්න අමාරුයි. එම නිසා ප්‍රශ්නයේ  (ii), (iii), (iv) සහ (v) කොටස් සඳහා පිළිතුරු ඕනෑම මන්ත්‍රීවරයෙකුට, ඇමතිවරයෙකුට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබා ගන්න පුළුවන්. අවුරුදු 10ක පමණ කාලයක තොරතුරු රැස් කිරීම සඳහා දීර්ඝ කාලයක් සහ විශාල වියදමක් දැරීමට අපට සිදු වනවා. ඒ වාගේම අමතර  සේවක පිරිසක්ද අපට යොදවන්න සිදු වනවා ගරු මන්ත්‍රීතුමනි. ඔබතුමා ඒක දන්නවා ඇති.

හැම සමෘද්ධිලාභියකුම මේ අනිවාර්යය ඉතිරි කිරීම් කරනවා. ඒ පිළිබඳ ලේඛනයක් තිබෙනවා. සාමාන්‍යයෙන් එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක අඩුම වශයෙන් 3,000කට වැඩි  පිරිසක සමෘද්ධිලාභින් සිටිනවා. ඒ අයගේ අනිවාර්යය ඉතිරි කිරීම් පිළිබඳ විස්තර  අපි නැවත සම්පූර්ණයෙන් ලේඛනගත කළ යුතුයි. නිලධාරින් යොදවා එසේ ලේඛන ගත කරන්නටත්  මාස 06ක, අවුරුද්දක විතර කාලයක් ගත වෙනවා. මේ කාරණය මන්ත්‍රීතුමා තේරුම් ගනියි කියලා මා හිතනවා. ඒ නිසා  අපි ඒ තොරතුරු අරගෙන ඔබතුමාට පසුව එවන්නම්.

(ආ)         (i)      සමෘද්ධිලාභින්ගේ අනිවාර්යය ඉතිරි කිරීම් ආපසු ගෙවනු ලබන්නේ වයස අවුරුදු 70 ඉක්ම වූ පසුව ය. අනන්‍යතාව තහවුරු කර ඉල්ලීම ඉදිරිපත් කළ විගස එම මුදල් ලබා ගත හැකිය.  

ගරු කථානායකතුමනි, අනිවාර්ය ඉතිරි කිරීම් ආපසු ගෙවන ක්‍රම දෙකක් තිබෙනවා. වයස අවුරුදු 70 පැන්නාම අනිවාර්ය ඉතිරි කිරීම් කොහොමත් ගෙවන්න ඕනෑ.ඒක එකක්.  සමෘද්ධිලාභියකුඒ වයස් සීමාවට කලින්, ඔහුගේ දරුවාගේ අධ්‍යාපන කටයුතු, වෙනත් විශේෂ වූ කාර්යයක්, විශේෂ ලෙඩක් සෑදීම වැනි කාරණයකදී මේ මුදල ඉල්ලුම් කරන්නේ නම්, ''එය සාධාරණ හේතුවක්, ඔහුට වෙනත් ආදායම් මාර්ගයක් නැහැ, ඒ නිසා අනිවාර්යය ඉතිරි කිරීම්වලින් ගෙවිය යුතුයි'' කියලා ප්‍රාදේශීය ලේකම්තුමාට හැ‍ඟෙනවා නම්, ඒ  ඒ මුදල ගෙවීමට අපේ නිර්දේශය දීලා තිබෙනවා. ඒක දෙවැන්න.  ඒ ගෙවීම කිරීමේදී කිසිම සමෘද්ධිලාභියකුගේ සමෘද්ධි දීමනාව කපා හැරීමක් සිදු වෙලා නැහැ.

මේ ප්‍රශ්නයේ වැරැදි අර්ථ කථනයක් තිබෙනවා, ''සමෘද්ධිය කපා හැරි සමෘද්ධිලාභීන්'' කියලා. නමුත් සමෘද්ධි සහනාධාරය කැපෙන්නේ නැහැ. සමෘද්ධි සහනාධාරය කැපෙන්නේ, රජයේ රැකියාවකට ගියාම හෝ, ඔහුගේ ආදායම් මාර්ගය සම්පූර්ණ වුණාම හෝ විතරයි. අදාළ පුද්ගලයා සාධාරණ හේතුවක් ඉදිරිපත් කළොත් අනිවාර්යය ඉතිරි කිරීම ලබා දෙන්න පුළුවන්. දරුවකුගේ අධ්‍යාපන කටයුතු, හදිසියේ රෝගාතුර වීම වාගේම තවත් විශේෂ වූ කාරණා කීපයක් ඒකට තිබෙනවා. ඒ කාරණාවලට අනුව අනිවාර්ය ඉතිරි කිරීම් ලබා දෙන්න පුළුවන්.

(ii) මිය ගිය පුද්ගලයන්ගේ පවුලේ අනෙකුත් සාමාජිකයන්ට අනිවාර්ය ඉතිරි කිරීම් ගිණුමේ අයිතිය පවරනු ලබයි.

(ඇ) අදාළ නොවේ.

 

 

பதில் தேதி

2012-11-16

பதில் அளித்தார்

கௌரவ லக்ஷமன் யாப்பா அபேவர்தன, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks