01

E   |   සි   |  

 திகதி: 2021-11-17   பதிலளிக்கப்பட்டவைகள் 

0632/2021: களுவாஞ்சிக்குடி வைத்தியசாலை: வளப் பற்றாக்குறை

----

கேட்கப்பட்ட திகதி

2021-11-17

கேட்டவர்

கௌரவ சாணக்கியன் ராஜபுத்திரன் இராசமாணிக்கம், பா.உ.

அமைச்சு

சுகாதாரம்

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஒன்பதாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

(අ)           (i)      දෙහිඅත්තකණ්ඩිය රෝහල 2017.10.26 දින හා කලවංචිකුඩි රෝහල 2020.03.03 දින A කාණ්ඩයේ මූලික රෝහල් ලෙස උත්ශ්‍රේණිගත කර ඇත.

              (ii)      දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහල සහ කලවංචිකුඩි මූලික රෝහල නැඟෙනහිර පළාත් සභාව යටතේ පාලනය වන අතර මධ්‍යම රජය යටතට පවරා ගැනීමට පියවර ගෙන නොමැත.

(ආ)          (i)      පැන නොනගී.

              (ii)        වෛද්‍ය, හෙද, අතුරු සහ පරිපූරක සේවාවන්හි කාර්ය මණ්ඩල පුරප්පාඩු පොදුවේ සැලකිය යුතු ප්‍රමාණයක් පැවතීමත්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල මූලික පුහුණුව සඳහා යම් කාලයක් ගතවීමත් මානව සම්පත් ඌනතාවට හේතු වී ඇත.

කලවංචිකුඩි මූලික රෝහල පළාත් සභාව යටතේ පාලනය වුවද, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රුපියල් මිලියන 17ක වෛද්‍ය උපකරණ රේඛීය අමාත්‍යාංශයෙන් ලබා දී ඇත.

(iii) මානව සම්පත් හිඟය අවම කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග

සේවා අවශ්‍යතාව අනුව වාර්ෂික ස්ථාන මාරු හා අනුප්‍රාප්තික ලැයිස්තුව මත විශේෂඥ වෛද්‍යවරුන් අදාළ රෝහල් වෙත අනුයුක්ත කිරීම වාර්ෂිකව සිදු කෙරේ. තවද විශේෂඥ පුහුණුව අවසන් කර දිවයිනට පැමිණෙන විශේෂඥ වෛද්‍ය නිලධාරින් හඳුනා ගන්නා ලද පුම්‍රඛතාව අනුව අනුයුක්ත කරනු ලැබේ.

පසුගිය මස ස්ථිර  පත්වීම් ලබාදෙන ලද වෛද්‍ය නිලධාරීන් 08ක් කලවංචිකුඩි මූලික රෝහලට අනුයුක්ත කර ඇත. තවද පශ්චාත් සීමා වාසික පුහුණුව අවසන් කරන ලද නිලධාරීන් 1,501කට ස්ථිර පත්වීම් ලබා දීමට නියමිත අතර ඒ අවස්ථාවේදී මෙම රෝහල සඳහා වෛද්‍ය නිලධාරින් අනුයුක්ත කරනු ඇත.

පසුගිය අප්‍රේල් මස ස්ථිර පත්වීම් ලබා දෙන ලද හෙද නිලධාරින් 110ක් නැඟෙනහිර පළාතට අනුයුක්ත කර ඇත. තවද හෙද පුහුණු අවසන් විභාගයට පෙනී සිටින ලද 2,685ක කණ්ඩායම සඳහා 2022 ජනවාරි මස පත්වීම් ලබා දීමේදී හෙද කාර්ය මණ්ඩල අනුයුක්ත කිරීමට අපේක්ෂා කෙරේ.

අනුස්ථාපන හා සමායෝජන පුහුණුව අවසන් කළ වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ, ඖෂධවේදී සහ විකිරණ ශිල්පී උපාධිධාරින් ඉදිරි වසරේ අනුයුක්ත කිරීමට අපේක්ෂා කෙරේ.

(ඇ) පැන නොනගී.

பதில் தேதி

2021-11-17

பதில் அளித்தார்

கௌரவ ஜோன்ஸ்டன் பர்னாந்து, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks