01

E   |   සි   |  

 திகதி: 2017-10-03   பதிலளிக்கப்பட்டவைகள் 

1812/2017: மாத்தறை - பெலிஅத்த புகையிரத வீதிச் சமிக்ஞை முறைமை: செலவு

1812/ '17

கௌரவ (டாக்டர்) நளிந்த ஜயதிஸ்ஸ,— போக்குவரத்து மற்றும் சிவில் விமான சேவைகள் அமைச்சரைக் கேட்பதற்கு,—

(அ) (i) மாத்தறை - பெலிஅத்த புகையிரத வீதியின் சமிக்ஞை முறைமையை பொருத்துவதற்காக செலவாகும் பணத்தொகை எவ்வளவு என்பதையும்;

(ii) மேற்படி கருத்திட்டத்தை மேற்கொள்ளும் கம்பனி யாது என்பதையும்;

(iii) மேற்படி கருத்திட்டத்திற்காக கேள்விப்பத்திரம் கோரப்பட்டதா என்பதையும்;

(iv) ஆமெனின், அதற்காக முன்வந்த கம்பனிகள் மற்றும் முன்வைக்கப்பட்ட விலைகள் தனித்தனியாக யாவை என்பதையும்;

(v) மேற்படி கருத்திட்டத்திற்கான நிதியைப் பெற்றுக்கொள்ளும் முறை யாது என்பதையும்;

(vi) மேற்படி சமிக்ஞைகளைப் பொருத்துவதற்காக புகையிரதத் திணைக்களத்தால் விலைகள் முன்வைக்கப்பட்டிருந்தனவா என்பதையும்;

அவர் இச்சபையில் அறிவிப்பாரா?

(ஆ) இன்றேல், ஏன்?

கேட்கப்பட்ட திகதி

2017-10-03

கேட்டவர்

கௌரவ (டாக்டர்) நலிந்த ஜயதிஸ்ஸ, பா.உ.

அமைச்சு

போக்குவரத்து மற்றும் சிவில் விமானச் சேவைகள்

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் எட்டாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

(අ)          (i)       ඇමෙරිකන් ඩොලර් මිලියන 16,975,533.40

              (ii)       දැනට මෙම ව්‍යාපෘතිය සිදු කරනු ලබන්නේ චයිනා නැෂනල් මැෂිනරි ඉම්පෝට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කෝපරේෂන් සමාගම.

             (iii)       නැත.

                         මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය සඳහා මාර්ගය දිගට පොළව යටින් ස්ථාපිත කළ යුතු කේබල් එලීම, සංඥා කණු සිටුවීම හා උපකරණ සවිකිරීම දුම්රිය ‍ස්ථාන ගොඩනැඟිල්ලෙහි කාමර ඉදිකිරීමේ ප්‍රධාන කොන්ත්‍රාත්තුව හා සමඟ බැඳී පවතී. එබැවින්, දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය ඉදිකිරීම, දුම්රිය මාර්ගය ඉදි කරනු ලබන සමාගම විසින් සිදු කළ යුතුය. මුළු දුම්රිය මාර්ගය ඉදිකිරීමෙහි වගකීම චයිනා නැෂනල් මැෂිනරි ඉම්පෝට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කෝපරේෂන් සමාගම දැරිය යුතු අතර මෙම සංඥා පද්ධතිය ඉදිකිරීමෙහිදීද ඉහත සඳහන් කාර්ය ප්‍රායෝගිකව කළ හැකි ආයතනය ද එයයි. 2010 අගෝස්තු මස අත්සන් කළ මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා වන ගිවිසුමට අනුව, සංඥා පද්ධතිය ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් සමාගමේ සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ එකඟතාව අවශ්‍යය. මේ බව අදාළ කොන්ත්‍රාත් ගිවිසුමේ 6වන ඡේදයේ පැහැදිලිව දක්වා ඇත. එම කොන්ත්‍රාත් ගිවිසුම ඇමුණුම 01 ලෙස සභාගත* කරමි.

එසේම,දුම්රිය දෙපාර්තමේන්තුවට මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය ස්ථාපිත කිරීමට පවතින අපහසුතාව පිළිබඳව කරුණු දක්වමින් එවකට දුම්රිය සාමාන්‍යාධිකාරිතුමා විසින් ඔහුගේ අංක GMR/INV.SIG. & TELECOM/2015 හා 2016.05.28 දිනැති ලිපියෙන් පහත පරිදි අමාත්‍යාංශය වෙත දන්වා තිබුණි. එම ලිපිය ඇමුණුම 02 ලෙස ඉදිරිපත් කරමි.  එහි අදාළ කොටස  පමණක් මම කියන්නම්. I quote:

“You are requested to relieve me from the responsibility of providing signaling system to MTR-BEL once the completion of trackwork, unless the Ministry of Transport seeks an alternative solution to proceed with any prospective proposal already submitted and evaluated with financial assistance considering the limited timeframe or to call REF with funding arrangements in competitive manner to supply and installation as a complete project.”

අදාළ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු විසින් දුම්රිය මාර්ගයෙහි ගොඩැල්ල සකස් කිරීමේ කාර්යයන් - embankment - අවසන් වන අදියරේදී, එනම් 2016 ජුනි මාසයේදී මෙම සංඥා පද්ධති ස්ථාපිත කිරීමේ කටයුතුද ඔවුන් විසින්ම සිදු කිරීමට සහ දැනට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය පවතින ආකාරයෙන්ම මෙම මාතර බෙලිඅත්ත කොටසටද ස්ථාපිත කර මුළු දුම්රිය මාර්ගයම දුම්රිය ධාවනයට සුදුසු වන පරිදි සකස් කිරීමට ඉල්ලීමක් කරන ලදී. 2016 ජුලි 26වන දින මා විසින් උක්ත කාර්ය ඉටුකිරීම සඳහාත්, අමාත්‍ය මණ්ඩලය පත්කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත යථා පරිදි පත්කරනු ලැබූ තාක්ෂණික ඇගයුම් කමිටුව විසින් ඇගයීමට ලක්කරන ලද කොන්ත්‍රාත්කරුගේ තාක්ෂණික හා මූල්‍ය අභිලාෂ කැඳවුම් අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කිරීම සඳහාත් අනුමැතිය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ලද අතර, ඒ සඳහා අංක අමප/16/1476/709/065 හා 2016.08.09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් අනුමැතිය ලැබුණි.  ඇමුණුම 03 බලන්න.  ඇමුණුම් සියල්ල සභාගත* කරමි.

ඒ අනුව මේ අවස්ථාවේදී කොන්ත්‍රාත්කරුට සේවායෝජක අවශ්‍යතාව - employer requirement - සහ පිරිවිතර - specification - පිළිබඳව දැනුවත් කර යෝජනාවක් ලබාගෙන නිසි පරිදි පත්කරන ලද තාක්ෂණ ඇගයීම් කමිටුවක් මඟින් විශ්ලේෂණය කරන ලදී. ඒ අනුව සංඥා පද්ධතිය ඉදිකිරීමේ කටයුතු, දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු සිදු කරන චයිනා නැෂනල් මැෂිනරි ඉම්පෝට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කෝපරේෂන් සමාගම මඟින් සිදුකිරීම සඳහා එම සමාගම ඉදිරිපත් කළ යෝජනාව අනුව කටයුතු කිරීමට අමප/17/0974/709/039ටීබීආර් හා 2017.05.24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් අනුමැතිය ලබා ගන්නා ලදී.

(iv) අදාළ නොවේ.

(v) මූලික කොන්ත්‍රාත් ගිවිසුමේ අනුමත කර ඇති අමතර වියදම් - provisional sum-  සඳහා ඇති අරමුදල්වලින් ගිවිසුමේ දක්වා ඇති කාර්යයන්ට අමතරව - as scope variation - මෙම සංඥා පද්ධතිය ඉදිකිරීමට උක්ත (අ) iii හි සඳහන් අමප/16/1476/709/065 හා 2016.08.09 දිනැති අමාත්‍ය  මණ්ඩල තීරණය මඟින් අරමුදල් භාවිත කිරීමට අමාත්‍ය මණ්ඩලයෙන් අනුමැතිය ලබාගන්නා ලදී. මේ සඳහා චීන එක්සිම් බැංකුව මඟින් පවතින කොන්ත්‍රාත් ගිවිසුම මඟින්ම අරමුදල් සපයනු ඇත.

(vi) නිසි මිල ගණන් ඉදිරිපත් කිරීමක් සිදු කර නොතිබුණි. ව්‍යාපෘති වැය ශිර්ෂයන් හි 2015 වසරේ මිලියන 05ක්, 2016 වසරේ මිලියන 200ක් හා 2017 වසර සඳහා මිලියන 400ක්  දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙම කාර්ය ඉටු කිරීම සඳහා  වෙන් කර තිබුණි.

නමුත් මෙම අරමුදල් භාවිත කර අදාළ කර්ය ඉටු කිරීමක් සිදු නොවුණි. තවද 2010 අගෝස්තු මාසයේ අත්සන් කර ඇති ගිවිසුමේ පිටු අංක 03 හි 6 වන ඡේදය අනුව ඉහත කාර්ය ශ්‍රී ලංකා දුම්රිය සේවයට තනිව තීරණය කර ඉටු කළ නොහැකි අතර දුම්රිය මාර්ගය සාදා අවසන් වන විට, සංඥා පද්ධතිය ද සවි කොට දුම්රිය ධාවනය සඳහා යෙදවීමෙහි වගකීම ඉටු කළ යුතුව ඇත.

(ආ) පැන නොනඟී.

பதில் தேதி

2017-10-09

பதில் அளித்தார்

கௌரவ சட்டத்தரணி நிமல் சிறிபால த சில்வா, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks