01

E   |   සි   |  

 திகதி: 2015-03-17   பதிலளிக்கப்பட்டவைகள் 

5860/2015: பொருளாதார அபிவிருத்தி அமைச்சு முன்னெடுத்த வேலைகள்: நிதி ஏற்பாடுகளை விடுவித்தல்

----

கேட்கப்பட்ட திகதி

2015-03-17

கேட்டவர்

கௌரவ சாந்த பண்டார, பா.உ.

அமைச்சு

பிரதம அமைச்சர் அலுவலகம்

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

(අ)       (i) සහ (ii) - ඔව්.

 

           2012 වර්ෂයේ අය වැය ලේඛනයේ වෙන් කර තිබූ ප්‍රතිපාදන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිදහස් කරන ලද අතර, දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් අදාළ ප්‍රා‍දේශීය ලේකම්වරුන් වෙත එම ප්‍රතිපාදන නිදහස් කර ඇත. ඒ අනුව පසු ගිය රජය යටතේ පැවැති ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත නිදහස් කරන ලද ප්‍රතිපාදන පිළිබඳ විස්තරයක් මෙම පිළිතුර සමඟ අමුණා ඇත. එම ඇමුණුම සභාගත* කරමි.

(ආ)         (i)        අපගේ නව රජය කිසි විටකත් මහ ජනතාවට ප්‍රයෝජනවත් වන වැඩසටහන්/ව්‍යාපෘති නතර කිරීමට කටයුතු නොකරයි. කෙසේ වුවත් පසු ගිය කාලයේ සිදු කරන ලද වැඩසටහන්වල/ව්‍යාපෘතිවල ඇස්තමේන්තු සකස් කිරීම, වැඩසටහන්/ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ගෙවීම් සිදු කිරීම් පිළිබඳව පවත්නා වැරැදි, දූෂණ, අපතේ යාම්, අවභාවිතය (misuse) පිළිබඳව නිරතුරුව මහ ජනතාව අප වෙත තොරතුරු ඉදිරිපත් කරනු ලැබේ. මේ සම්බන්ධයෙන් නව රජය සැලකිල්ලක් දැක්විය යුතු අතර ඒ පිළිබඳ සොයා බැලීමක්ද සිදු විය යුතුය. එමෙන්ම වැඩසටහන්/ව්‍යාපෘති සඳහා යොදවන ලද මුදල් පැවති රජයේ දේශපාලනඥයන්ගේ ප්‍රයෝජනයට ගත් බවද මහජනතාව නිරතුරුව කියා සිටියි. ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රියාත්මක කළ ව්‍යාපෘති මෙන්ම ජාතික මට්ටමින් සිදු කළ විශාල ව්‍යාපෘති/වැඩසටහන්වලින් අරමුදල් විශාල ලෙස අවභාවිතයට ගත් බැව්ද ප්‍රකට කරුණුය. එබැවින් අපගේ නව රජය මේ පිළිබඳව සවිස්තරාත්මක සොයා බැලීමක් සිදු කරයි. ඒ සොයා බැලීම් කඩිනමින් සිදු කිරීමටද අපේක්ෂා කරමි. එහිදී නිවැරැදි ඇස්තමේන්තු සකස් කර තිබේද, අවශ්‍ය ටෙන්ඩර් පටිපාටි අනුගමනය කර තිබේද, නිසි අනුමැතීන් ලබා ගෙන තිබේද යන්න පිළිබඳව අවධානය යොමු කරමි. එමෙන්ම වැඩසටහන්/ව්‍යාපෘතිවලින් අපේක්ෂිත වැඩ ප්‍රමිතීන් පවතීද යන්න පිළිබඳවත් සොයා බලන අතර ඉන් අනතුරුව නිසි ලෙස ක්‍රියාත්මක වූ වැඩසටහන්/ව්‍යාපෘති සඳහා ගෙවීම් කටයුතු කිරීමට අපේක්ෂා කරමි. එසේම මහ ජනතාවට ප්‍රයෝජනවත් වන එවැනි කිසිදු වැඩ පිළිවෙළක් නතර කිරීමටද අපේක්ෂා නොකරමි.

(ii)  මේ වන විට විමධ්‍යගත අරමුදල් වැඩ පිළිවෙළ (DCB Funds)  යටතේ ලබා දෙන අරමුදල් දෙගුණ කර ඇත. (රුපියල් මිලියන 1,125 සිට 2,250 දක්වා) එබැවින් මෙම අරමුදල් යොදවා ග්‍රාමීය මට්ටමින් විවිධ ව්‍යපෘති/වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් පවතී. එමෙන්ම නිසි ක්‍රමවේදයක් ඔස්සේ ජනතාවට ඍජුව ප්‍රතිඵල ලැබෙන ලෙස මහ ජනතාවගේ ධනය අපතේ නොයන ලෙස එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් පවතී.

(ඇ) පැන නොනඟී.

 

 

பதில் தேதி

2015-03-17

பதில் அளித்தார்

கௌரவ (கலாநிதி) ஹர்ஷ த சில்வா, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks