பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
உள் நுழைந்து உங்கள் பாராளுமன்றத்துடன் இணைந்து கொள்க
3861/ ’13
கௌரவ (திருமதி) மாலனீ பொன்சேகா,— தொலைத்தொடர்புகள், தகவல் தொழில்நுட்பவியல் அமைச்சரைக் கேட்பதற்கு,—
(அ) 2005 ஆம் ஆண்டு முதல் இன்று வரையிலான காலப்பகுதியில் ‘இ-ஸ்ரீலங்கா’ (E - Sri Lanka) அபிவிருத்திக் கருத்திட்டத்தின் மூலம்,
(i) அரசதுறை மீள்கட்டமைப்பின் ஊடாக பெறப்பட்ட வெற்றிகரமான பெறுபேறுகள் யாவை;
(ii) தகவல் தொழில்நுட்பவியல் கைத்தொழில் அபிவிருத்தி மற்றும் சிறிய, நடுத்தர தொழில் முயற்சிகளின் போட்டித்தன்மையின் ஊடாகப் பெற்றுக்கொள்ளப்பட்ட வெற்றிகரமான பெறுபேறுகள் யாவை;
என்பதை அவர் குறிப்பிடுவாரா?
(ஆ) (i) ‘இ ஸ்ரீ லங்கா’ அபிவிருத்திக் கருத்திட்டத்துக்கு கிடைத்துள்ள சர்வதேச விருதுகள் மற்றும் வெற்றிகள் யாவை;
(ii) மேற்படி நிகழ்ச்சித்திட்டத்தின் கீழ் திட்டமிடப்பட்டுள்ள எதிர்கால கருத்திட்டங்கள் யாவை
என்பதை அவர் இச்சபைக்கு அறிவிப்பாரா?
(இ) இன்றேல், ஏன்?
கேட்கப்பட்ட திகதி
2013-08-22
கேட்டவர்
கௌரவ (திருமதி) கெளரவ (திருமதி) மாலனீ பொன்சேக்கா, பா.உ.,, பா.உ.
அமைச்சு
தொலைத்தொடர்புகள், தகவல் தொழிநுட்பவியல்
சட்டவாக்கம்
இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்
கூட்டத்தொடர்
1 வது கூட்டத்தொடர்
ගරු රංජිත් සියඹලාපිටිය මහතා
(மாண்புமிகு ரஞ்ஜித் சியம்பலாப்பிட்டிய)
(The Hon. Ranjith Siyambalapitiya)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පිළිතුර මෙසේය.
(අ) i) 1. ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම.
2. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය 1919 ක්‍රියාත්මක වීම.
3. ඉ -පුරවැසි ලේඛන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම.
4. රාජ්‍ය අන්තර්ජාල දත්ත පද්ධතිය ක්‍රියාත්මක වීම.
5. රාජ්‍ය ආයතන සහ අන්තර්ජාල වෙබ් අඩවි ක්‍රියාත්මක වීම.
6. ඉ -ජනගහන ලේඛන ක්‍රියාත්මක වීම.
7. ඉ -වාහන ආදායම් බලපත්‍ර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම.
8. ලංකා ගෙවුම් බිහිදොර ක්‍රියාත්මක වීම.
9. ඉ -සමෘද්ධි ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම.
10. ඉ -විශ්‍රාම වැටුප් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම.
11. රාජ්‍ය ඉඩම් තොරතුරු කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක වීම.
12. ඉ -මානව සම්පත් කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක වීම.
13. රාජ්‍ය තොරතුරු ආරක්ෂාව හා ප්‍රමිතීන් ක්‍රියාත්මක වීම.
14. සෑම ගමකටම සංකේත අංකයක් ලබා දීම.
15. ඉ -සේවා ලබා දීම.
* විභාග සහතික පත්‍ර පිටපත් ලබා ගැනීම.
* ජල බිල්පත් ගෙවීම.
* විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහා වන ගෙවීම් කටයුතු කිරීම.
* දුම්රිය දෙපාර්තමේන්තුවේ ටෙන්ඩර් මිලදී ගැනීම.
* නාවික නියෝජිත බලපත්‍ර ගාස්තු ගෙවීම.
* කන්ටේනර් බහලුම් බලපත්‍ර ගාස්තු ගෙවීම.
* බහලුම් ප්‍රවාහන ගාස්තු ගෙවීම.
* රජයේ කර්මාන්තශාලාවේ ටෙන්ඩර් මිලදී ගැනීම.
* ජාතික හැඳුනුම්පත් පිළිබඳ තොරතුරු ලබා ගැනීම.
* පොලිස් වාර්තා පිළිබඳ තොරතුරු ලබා ගැනීම.
* දුම්රිය කාල සටහන් තොරතුරු ලබා ගැනීම.
* මහවැලි ජලාශවල ජල මට්ටම් පිළිබඳ තොරතුරු ලබා ගැනීම.
* විදේශ රැකියා තොරතුරු හා විභාග ප්‍රතිඵල පිළිබඳ තොරතුරු ලබා ගැනීම.
* තේ වෙන්දේසියේ මිල ගණන් ලබා ගැනීම.
* සේවා අර්ථ සාධක අරමුදල් ශේෂයන් හා වෙනත් අදාළ තොරතුරු ලබා ගැනීම.
* මාළු මිල ගණන් දැන ගැනීම.
* මෝටර් රථ ලියා පදිංචි තොරතුරු හා ලියා පදිංචි අංක පිළිබඳ තොරතුරු ලබා ගැනීම.
* සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලේ ශේෂය දැන ගැනීම.
* රබර් මිල ගණන් ක්ෂණිකව ලබා ගැනීම.
* වන ජීවී නිවාඩු නිකේතන වෙන් කරවා ගැනීම.
* ආපදා හා ව්‍යසන පිළිබඳ තොරතුරු ලබා ගැනීම.
* දේපළ බදු හා කුලී බදු ගෙවීම. (කොළඹ මහ නගර සභාව සඳහා)
* දුම්රිය නිවාඩු නිකේතන වෙන් කර ගැනීම.
16. මහජන දුක්ගැනවිලි නියාමනය සඳහා තොරතුරු තාක්ෂණය.
17. ඉ-පාර්ලිමේන්තුව.
18. රාජ්‍ය සේවකයින්ට තොරතුරු තාක්ෂණ පුහුණුව ලබා දීම.
(ii) * තොරතුරු තාක්ෂණ කර්මාන්තය මේ නිසා රටේ විදේශ ආදායම් උපයන කර්මාන්ත අතර පස්වැනි ස්ථානයට ළඟා වී ඇත. දැන් වසරකට ඇමෙරිකානු ඩොලර් දස ලක්ෂ 600ක ආදායමක් උපයයි.
* මෙම ක්ෂේත්‍රයේ නිරත කර්මාන්ත සඳහා හැකියා ප්‍රවර්ධන වැඩසටහන් හඳුන්වා දීම, පුහුණු වැඩසටහන් හා මූල්‍ය මෙන්ම තාක්ෂණික ආධාර ලබා දීම හා රජයේ අනුග්‍රහයෙන් ඉඩ ප්‍රස්ථා හා ව්‍යාපාරික අවස්ථා උදා කර දීම නිසා තොරතුරු තාක්ෂණ කර්මාන්ත ක්ෂේත්‍රයේ ක්‍රමික දියුණුවක් ඇති වීම.
* තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ නිපුණතා වර්ධන සඳහා ඉ - ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ප්‍රදානයන් 1,500ක් ලබා දී ඇත. ඒ සඳහා රුපියල් දසලක්ෂ 500ක මුදලක් වැය කර ඇත.
අන්තර්ජාතික වාර්තාවලට අනුව තොරතුරු තාක්ෂණ බාහිරකරණ කර්මාන්ත සම්බන්ධයෙන් ලොව විශිෂ්ටතම රටවල් 20 අතරට ශ්‍රී ලංකාව පැමිණීම.
* තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ශීඝ්‍ර දියුණුවත් සමඟම ජගත් තොරතුරු තාක්ෂණ සූදානම් දර්ශකයේ රටවල් 127ක් අතරින් 72වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත් වීම.
(ආ) (i) ""e-SRI LANKA" සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ලැබී ඇති ජාත්‍යන්තර සම්මාන හා ජයග්‍රහණ:
1. තායිලන්තයේ පැවති ෆියුචර් ගව් සාක් (Future Gov SAARC) සම්මාන උළෙලෙහිදී දකුණු ආසියාවේ විශිෂ්ටතම රාජ්‍ය ආයතනයට හිමි සම්මානය හිමි වීම.
2. තායිලන්තයේ පැවති ෆියුචර් ගව් සාක් සම්මාන උළෙලෙහිදී 'ඉ - ශ්‍රී ලංකා' තාක්ෂණික සහාය ඇතිව ක්‍රියාත්මක කරන අන්තර්ජාලය ඔස්සේ වීසා ලබා දීමේ ව්‍යාපෘතියට විශිෂ්ට සම්මානයක් හිමි වීම.
3. "e-ශ්‍රී ලංකා " යටතේ ක්‍රියාත්මක 'ඉ - විශ්‍රාම' වැටුප් ව්‍යාපෘතියට 2011 වසරේ දකුණු ආසියාවේ හොඳම රාජ්‍ය සේවාවට හිමි සම්මානය හිමි වීම.
4. 1919 - රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර ව්‍යාපෘතිය සඳහා වසර 2009 දී විශ්ව සමුළු සම්මානය හිමි වීම.
5. ශ්‍රව්‍යාබාධිත හා දෘශ්‍යාබාධිතයන් සඳහා පරිගණක භාවිත කිරීමේ මෘදුකාංගයට 2009 වසරේ දී විශ්ව සමුළු සම්මානය හිමි වීම.
6. ශ්‍රී ලංකාවේ රාජ්‍ය SMS බිහිදොර සඳහා 2010 වසරේදී ඉන්දියාවේ මන්තන් සම්මානය හිමි වීම.
7. රාජ්‍ය ජංගම දුරකථන බිහිදොර වෙනුවෙන් 2012 දී ඉන්දියාවේ මන්තන් සම්මානය පිරිනැමීම.
8. 'විකිගොවියා' ව්‍යාපෘතිය සඳහා 2011 වසරේදී විශ්ව සමුළු සම්මානය හිමි වීම.
9. 2009 වසරේදී තවත් ඉ - ශ්‍රී ලංකා ව්‍යාපෘති දෙකකට ඉන්දියාවේ මන්තන් සම්මානය හිමි වීම.
10. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ලබා දුන් විශිෂ්ට නායකත්වය සඳහා වන සම්මානය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට 2009 ඉ - ඒෂියා සමුළුවේදී හිමි වීම.
11. ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර පැවැති 'ග්ලෝබල් ටෙලි සෙන්ටර් 2013' සම්මාන උළෙලේදී ලොව විශිෂ්ටතම ග්‍රාමීය තොරතුරු තාක්ෂණ කළමනාකාරියට හිමි සම්මානය සූරියවැව නැණසලට ප්‍රදානය කිරීම.
12. ග්‍රාමීය ජනතාවට තොරතුරු තාක්ෂණය සමීප කරලීම වෙනුවෙන් මැලේසියාවේ පැවැති ෆියුචර් ගව් 2010 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ 'නැණසල' ව්‍යාපෘතියට විශිෂ්ටතම සම්මානය හිමි විය.
13. 'ඉ - ඉන්දියා 2010' තරගාවලියේදී හල්දුම්මුල්ල නැණසල විශිෂ්ටතම දේශීය තොරතුරු තාක්ෂණ අන්තර්ගතයන් සැපයීම සම්බන්ධ සම්මානය හිමි විය.
14. 2011 වසරේ ලොව විශිෂ්ටතම ග්‍රාමීය තොරතුරු තාක්ෂණ කාන්තා ව්‍යවසායකයන් 100 දෙන අතරට ශ්‍රී ලංකාවේ නැණසල ක්‍රියාකාරින් 13 දෙනෙකු ඇතුළත් කර ගැනීමට අන්තර්ජාතික විදුලි සංදේශ සංගමය තීරණය කළේය.
15. 2010 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැති ප්‍රජා තොරතුරු තාක්ෂණ සම්මාන උළෙලේ 'නැණසල' ව්‍යාපෘතිය සඳහා විශිෂ්ටතම ප්‍රජා සහයෝගිතා සම්මානය හිමි විය.
(ii) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ප්‍රතිලාභ මෙතෙක් ළඟා නොවූ ප්‍රදේශ වෙත ගෙන යෑම ප්‍රධාන මූලික සැලසුම වන අතර, විශේෂයෙන් උතුරු නැඟෙනහිර පළාත් සඳහා සාර්ථක තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති රැසක් මේ වසර තුළ ක්‍රියාවට නැංවීම දැනටමත් අරඹා ඇත.
මේ යටතේ අදාළ පළාත්වල දිස්ත්‍රික්ක හතක රාජ්‍ය ආයතන 75ක් ලංකා රාජ්‍ය ජාලය මඟින් සම්බන්ධ කෙරේ.
නැණසල ග්‍රාමීය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන 40ක් පිහිටුවීමට ද 2013 දෙසැම්බර් මාසයට පෙර අවසන් කිරීමට නියමිතය. තවත් නැණසල 200ක් දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල ආරම්භ කිරීමට යෝජිතය.
රෝහල් වාර්තා පරිගණකගත කිරීමේ ව්‍යාපෘතිය ද උතුරු හා නැඟෙනහිර පළාත්වල ක්‍රියාත්මක කෙරේ.
උතුරු හා නැඟෙනහිර පළාත්වල සේවය කරන රාජ්‍ය නිලධාරින්ට තොරතුරු තාක්ෂණ පුහුණු වැඩසටහන් රැසක් ද වසර නිමවීමට පෙර සිදු කිරීමට සැලසුම් කර ඇත.
රාජ්‍ය ඉ - සේවාවලට අදාළ මෘදුකාංග හා අන්තර්ගතයන් ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම ව්‍යාප්ත කිරීමට අදහස් කරයි.
(ඇ) අදාළ නොවේ.
பதில் தேதி
2013-08-22
பதில் அளித்தார்
கௌரவ ரன்ஜித் சியம்பலாபிடிய, பா.உ.
பாராளுமன்றத்திற்கு வருகை தருதல்
பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.
முழுப்பதிப்புரிமையுடையது.
வடிவமைத்து உருவாக்கியது TekGeeks