01

E   |   සි   |  

 திகதி: 2026-05-07   பதிலளிக்கப்பட்டவைகள் 

0815/2026: 2015 முதல் புலம்பெயர்ந்த பதிவு செய்யப்பட்ட வீட்டுப் பணிப்பெண்கள்: விபரம்

.

கேட்கப்பட்ட திகதி

2026-05-07

கேட்டவர்

கௌரவ ஹெக்டர் அப்புஹாமி, பா.உ.

அமைச்சு

வெளிநாட்டலுவல்கள், வெளிநாட்டு வேலைவாய்ப்பு மற்றும் சுற்றுலா

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் பத்தாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

(අ)           (i)      2015 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ගෘහ සේවිකාවන් ලෙස විදේශගත වූ සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් පහත වගුවේ සඳහන් කර ඇත.

වර්ෂය

ලියාපදිංචි සංඛ්‍යාව

2015

74,316

2016

66,480

2017

57,518

2018

66,638

2019

63,582

2020

16,008

2021

31,354

2022

97,089

2023

100,879

2024

93,683

2025

86,080

2026.03.30 දිනට

14,182

එකතුව

767,809

 

 

 

 

 

 

 

 

 

 

 

(ii) එම සංඛ්‍යාව එක් එක් රට අනුව වෙන් වෙන් වශයෙන් පහත ඇමුණුම I හි දක්වා ඇත.

(iii) විදේශ රැකියාවක් සඳහා විදේශගත වීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගන්නා ශ්‍රමිකයින්ගේ දත්ත ලියාපදිංචිය ලබා ගන්නා අවස්ථාවේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පරිගණක දත්ත පද්ධතියට ඇතුළත් කිරීම සිදු කරනු ලබයි.

(iv) ඔවුන් අතරින් මියගිය, සිය දිවි නසාගත් සහ වෙනත් අනතුරු හේතුවෙන් පීඩාවට පත් වී ඇති සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් පහත ඇමුණුම IIහි හා IIIහි දක්වා ඇත.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(v)    01.    ශ්‍රී  ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ‍විදේශ රැකියා සඳහා පිටත්වන සියලුදෙනාට නොමිලයේ රක්ෂණ ආවරණයක් ලබා දීම සිදු කරන අතර, ඒ සඳහා වැයවන රක්ෂණ වාරික මුදල ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සම්පූර්ණයෙන්ම ගෙවනු   ලබයි.

එසේම ඉහත රක්ෂණ යෝජනා ක්‍රමයට වඩා වැඩි ප්‍රතිලාභ සහිත රක්ෂණ යෝජනා ක්‍රමයක් රක්ෂණලාභියාගේ කැමැත්ත මත තෝරා ගත හැකි අතර, එහිදී අමතර මුදලක් රක්ෂණලාභියා විසින් ගෙවා මෙම ප්‍රතිලාභ වැඩි ක්‍රමය තෝරා ගැනීමට පහත පරිදි අවස්ථාව ලබා දී ඇත. (අවුරුදු  02ක කෙ‍ාන්ත්‍රාත් කාලය සඳහා අමතරව රුපියල් 935.66ක මුලක්ද, අවුරුදු 03ක කොන්ත්‍රාත් කාලය සඳහා රුපියල් 1087.38ක මුදලක්ද ඒ සඳහා ගෙවිය යුතු වේ.)

 

රක්ෂණ ප්‍රතිලාභය

නොමිලේ ලබා දෙන රක්ෂණ හිමිකම (පළමු තේරීම)

අමතර ගෙවීමක් කර තෝරා ගැනීමට හඳුන්වා දී ඇති වැඩි ප්‍රතිලාභ හිමි රක්ෂණ හිමිකම (දෙවන තේරීම)

ලියාපදිංචිය වලංගු කාලය තුළ විදෙස් සේවයේ නියුක්තව සිටියදී මුහුණ දීමට සිදු වූ බරපතළ  රෝගී තත්ත්වයක් හෝ හදිසි අනතුරක් හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ මාස 03ක් ගතවීමට පෙර ජීවිතක්ෂයට පත්වීම

රු. 250,000

රු. 500,000

ලියාපදිංචිය වලංගු කාලය තුළ විදෙස් සේවයේ නියුක්තව සිටියදී මුහුණ දීමට සිදුවූ හදිසි අනතුරක් හේතුකොටගෙන පූර්ණ හෝ අර්ධ ආබාධිත තත්ත්වයට පත්වීම. · ලංකාවට පැමිණීමෙන් පසු දැරීමට සිදුවන වෛද්‍ය වියදම් සඳහා

උපරිමය රු. 500,000      උපරිමය රු. 50,000

උපරිමය රු. 600,000      උපරිමය රු. 150,000

ලෙඩ රෝග/හදිසි අනතුරු/වධහිංසා ආදිය‍ හේතුවෙන් ලංකාවට පැමිණීමෙන් පසු දැරීමට සිදුවන වෛද්‍ය වියදම් සඳහා ආදී වශයෙන් තවත් ප්‍රතිලාභ ඇත.

උපරිමය රු. 50,000

උපරිමය රු. 150,000

02. විදේශගතව සිටින විගමණික ශ්‍රමිකයින්ගේ දූ දරුවන් සඳහා සහ විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිණ වසර 05ක් ඇතුළත අයදුම්කරන විගමණික ශ්‍රමිකයින්ගේ දූ දරුවන් සඳහා රු. 10,000ක් වටිනා පාසල් උපකරණ කට්ටල ලබා දීම. මෙහිදී ශ්‍රී ලංකා විදේශ කාර්යාංශයේ ලියාපදිංචි වී තිබීම මූලික සුදුසුකමක් වන අතර, දරුවා පාසලේ අධ්‍යාපනය ලබන බවට විදුහල්පතිගේ නිර්දේශය තිබීම අත්‍යවශ්‍ය වේ.

03. විගමණික ශ්‍රමිකයන්ගේ දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය (05 වසර - රු. 25,000  අ.පො.ස (සා.පෙළ) - රු. 30,000  අ.පො.ස (උ.පෙළ) - රු. 40,000)

මෙම ප්‍රතිලාභ ලබා දීම සඳහා පහත නිර්ණායකයන් සලකා බලනු ලැබේ.

  • · ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශගතව සිටින හෝ නැවත ලංකාවට පැමිණ ඇති ශ්‍රමිකයින්ගේ දූ දරුවකු විය යුතුය. (විභාගයට පෙනී සිටි දින සිට වසර 05කට පෙර කාලයක් ඇතුළත අයදුම්කරුගේ මව/පියා ගේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය සලකා බලනු ලැබේ.)
  • · අදාළ වර්ෂය සඳහා පුවත්පත් මඟින්, සමාජ මාධ්‍ය මඟින්, පාසල්වල විදුහල්පතිවරු මඟින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සංවර්ධන නිලධාරින් (විදේශ රැකියා) මඟින් හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවිය හරහා මේ පිළිබඳ දැනුවත් කරන අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉල්ලුම්පත් ඉදිරිපත් කළ යුතුය.
  • · පහ වසර ශිෂ්‍යත්වය සඳහා එම වර්ෂයට අදාළ දිස්ත්‍රික් කඩඉම් ලකුණු මට්ටම ලබා සමත් වී තිබිය යුතුය.
  • · අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත්විය යුතුය. (අවම වශයෙන් ගණිත විෂය ඇතුළුව විෂයන් 06ක් සමත් විය යුතු අතර, විෂයන් 03ක් සඳහා සම්මාන සාමාර්ථ සහිතව උසස් පෙළ හදාරමින් සිටිය යුතුය.)
  • · අ‍.පො.ස. (උසස් පෙළ) සමත් වී රජයේ හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි වී ඇති පෞද්ගලික විශ්ව විද්‍යාලයක පූර්ණ කාලීන උපාධි පාඨමාලාවක් හෝ ජාතික කාර්මික විද්‍යාලයක හෝ වෙනත් රජයේ අධ්‍යාපන ආයතනයක වසර 2කට වැඩි කාලයක් සඳහා වූ ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරිය යුතුය.

04. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතව සිටින ශ්‍රමිකයන්ට බහු විධ ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබා දීම. (සියයට 8 පොළිය යටතේ රු. ලක්ෂ 20ක් දක්වා ණය ලබා දීම.)

05. විවිධ හේතූන් මත රක්ෂණාවරණය යටතේ හිමිකම් නොලැබෙන විගමණික ශ්‍රමිකයින් සඳහා සේවක සුබසාධක අරමුදල මඟින් එම අරමුදල් කමිටුවේ තීරණය මත වෛද්‍ය ප්‍රතිකාර සඳහා රු. 150,000ක උපරිමයකට යටත්ව මූල්‍යාධාර ලබා දීම සිදු කරන අතර, මරණයකදී රු. 300,000ක් ලබා දීම සිදු කෙරේ.

06. විදේශගතව සේවය කර ආපසු පැමිණි විගමණික ශ්‍රමිකයන් ව්‍යවසායකයින් බවට පත් කිරීම සඳහා ව්‍යවසායකත්ව සහාය ලබා දීමට මූල්‍ය ආධාර ලෙස එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට පස්දෙනා බැගින් තෝරාගෙන රු. 1,000,000ක ආධාර එකක්, රු. 500,000ක ආධාර එකක්  සහ රු. 250,000ක ආධාර 03ක් වශයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහා රු. 2,250,000ක මුදලක් ලබා දීම සිදු කරනු ලබයි.

07. විගමණික ශ්‍රමිකයා හෝ ඔවුන්ගේ යැපෙන්නන් රෝහල්ගතවී ඇත්නම් ඔවුන් මුහුණ දෙන අසීරු තත්ත්වයන් සමනය කර ගැනීමට ලබා දෙන සහනයක් ලෙස ඒ රෝගීන් පිළිබඳව සොයා බැලීම සහ වෛද්‍ය උපදෙස් මත අවශ්‍ය ඖෂධ, අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා මූල්‍යාධාර ලබා දීම.

08. විදේශ රැකියාවක නියුක්තව සිටිය දී අනතුරක් හේතුවෙන් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව ලංකාවට පැමිණි නිවසක් නොමැති ශ්‍රමිකයින්ට (පූර්ණ ආබාධිත තත්ත්වය සියයට 65කට වඩා වැඩි අය සඳහා) තමන්ට අයත් ඉඩමක් තිබේ නම් ඒ අය සඳහා නිවසක් සාදා දීම.

09. ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධව විදේශ සේවා නියුක්තිකයන් සඳහා දායකත්ව විශ්‍රාම වැටුප් ‍යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම.

10. විදේශ රැකියාවල නියුතු ශ්‍රමිකයින්‍ගේ පවුල්වල සිදුවන හදිසි ආපදා තත්ත්වයන් සඳහා මූල්‍යමය ආධාර ලබා දීම.

ප්‍රධාන අදියර 02ක් යටතේ ක්‍රියාත්මක කරයි.

I. හදිසි මූල්‍ය සහන - හදිසි ආපදාවක් හේතුවෙන් යම් බලපෑමක් ඇති වී ඇති ශ්‍රමික පවුල් සඳහා වියළි ආහාර ලබා ගැනීමට රු. 15,000  මූල්‍ය සහනයක් ලබා දීම.

II. ස්වාභාවික හදිසි ආපදාවක් හේතුවෙන් යම් භෞතික හානියක් සඳහා රු. 50,000 යටත්ව මූල්‍යාධාරයක් ලබා දීම. (හානි පූර්ණය සඳහා‍)

11. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ප්‍රථම වරට ගෘහස්ථ අංශයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමික කාන්තාවන්ගේ පවුල් සඳහා රු. 10,000ක් වටිනා සතොස වවුචර්පත් ලබා දීම.

12. විදේශගත ශ්‍රමිකයින්ගේ පවුල්වල විශේෂ අවශ්‍යතාවය ඇති දූ දරුවන්ගේ ප්‍රතිකාර සඳහා මූල්‍යමය ආධාර ලබා දීම හා සමස්ථ ලංකා මට්ටමින්, ජාත්‍යන්තර මට්ටමින්, විශේෂ දක්ෂතා ඇති දරුවන් සඳහා එම දක්ෂතා වැඩි දියුණු කර ගැනීම සඳහා අවශ්‍යතාව අනුව මූල්‍යමය ආධාර ලබා  දීම හා විගමණික ශ්‍රමිකයන්ගේ දූ දරුවන්ට පෝෂණ හා අධ්‍යාපනික කටයුතු සහ මූල්‍යාධාර සැපයීම.

ඉදිරිපත් වන ඉල්ලීම් (සෘජුව/ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින්/ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාල) පිළිබඳව සලකා බලා සනාථ කිරීම් අදාළ පාර්ශ්ව මඟින් සිදු කර ගැනීමෙන් පසු විදේශ සේවා නියුක්ති කාර්යාංශ සභාපති වෙත ඉදිරිපත් කරනු ලබන  යෝජනා ඇතුළත් වාර්තාවකට අනුව මූල්‍ය ප්‍රදානයන් සිදු කරනු ලැබේ.

13. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශගත වන ශ්‍රමිකයන්ගේ මරණයකදී රක්ෂණාවරණය යටතේ රු.600,000ක මුදලක් යැපෙන්නන් හට ලබා දෙනු ලබයි. මෙම මුදලට අමතරව සේවක සුබසාධන අරමුදලද මිය ගිය අය වෙනුවෙන් තවත් රු. 1,40,000ක  මුදලක්, එනම් මුළු මුදල රු. 2,000,000ක් දක්වා ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇත.

14. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවක නිරතව සිටියදී මිය යන අයගේ අවමංගල්‍ය කටයුතු සිදු කර ගැනීම සඳහා මෙතෙක් ලබා දුන් රු. 40,000ක මුදල රු. 100,000ක් දක්වා වැඩි කර මේ වන විට ලබා දෙනු ලැබේ.

(ආ) අදාළ නොවේ.

பதில் தேதி

2026-05-07

பதில் அளித்தார்

கௌரவ அருண் ஹேமச்சந்திரா, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks