04

E   |   සි   |  

 திகதி: 2014-01-24   பதிலளிக்கப்பட்டவைகள் 

2662/2014: விவசாய ஏற்றுமதி வலயங்கள்: விபரம்

2662/ ’12

கௌரவ சஜித் பிரேமதாஸ,— கைத்தொழில், வாணிப அமைச்சரைக் கேட்பதற்கு,—

(அ)     (i)      மஹிந்த சிந்தனை எதிர்காலத்திற்கான தொலைநோக்கில் குறிப்பிடப்பட்டுள்ளதன் பிரகாரம் ஏற்றுமதிப் பயிர்ச்செய்கையாளர்களை ஊக்குவிப்பதற்காக தற்போது அறிமுகம் செய்யப்பட்டுள்ள  “விவசாய ஏற்றுமதி வலயங்கள்” நாடு பூராவும் விஸ்தரிக்கப்பட்டுள்ளனவா என்பதையும்;

(ii) ஆமெனில் மேற்படி “விவசாய ஏற்றுமதி வலயங்கள்” நாடு பூராவும் விஸ்தரிக்கப்படுதல் சம்பந்தமான விபரங்கள் யாவையென்பதையும்

அவர் இச்சபைக்கு அறிவிப்பாரா?

(ஆ) இன்றேல், ஏன்?

கேட்கப்பட்ட திகதி

2014-01-24

கேட்டவர்

கௌரவ சஜித் பிரேமதாச, பா.உ.

அமைச்சு

கைத்தொழில், வாணிப

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

(අ)           (i)       අපනයන කෘෂි කලාප පිහිටුවීමේ වැඩසටහන

                        2009 ජාතික අය වැය යෝජනාවකට අනුව ක්‍රියාත්මක කළ අපනයන කෘෂි කලාප වැඩසටහන යටතේ අපනයන සංවර්ධන මණ්ඩලය විසින් තෝරා ගත් පළාත්වල කුඩා ගොවි කණ්ඩායම්වල සහභාගිත්වයෙන් ව්‍යාපෘති රැසක් ආරම්භ කරන ලදි. අපනයනය සඳහා කෘෂි කාර්මික නිෂ්පාදනවල සැපයුම පුළුල් කිරීම සහ ග්‍රාමීය ජනතාවට අපනයනයේ ප්‍රතිලාභ ලබා ගැනීමට සැලැස්වීමේ අරමුණින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලදි.

මෙම ව්‍යාපෘතිය පහත දැක්වෙන පළාත්වල ආරම්භ කරන ලදි.

1. දකුණු පළාතේ කුරුඳු සැකසීමේ මධ්‍යස්ථාන පිහිටුවීම;

2. දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, වීරවිල ප්‍රදේශයේ  අපනයනය සඳහා පලතුරු සහ එළවලු වගා කිරීමේ ව්‍යාපෘතිය;

3. නැ‍ඟෙනහිර පළාතේ කහ වගා කිරීමේ ව්‍යාපෘතිය;

4. නැ‍ඟෙනහිර පළාතේ අපනයනය සඳහා අන්නාසි වගා කිරීමේ ව්‍යාපෘතිය;

5. වයඹ පළාතේ බිංගිරිය ප්‍රදේශයේ අපනයනය සඳහා මල් හා විසිතුරු පැළ වගා කිරීමේ හා සැකසීමේ ව්‍යාපෘතිය.

(ii) කෘෂි අපනයන කලාප ව්‍යාපෘතිය යටතේ ආරම්භ කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ විස්තර පහත දැක්වේ.

1. දකුණු පළාතේ තත්ත්වයෙන් උසස්  කුරුඳු සැකසීම වර්ධනය කිරීම.

ජාත්‍යන්තර වෙළෙඳ පොළ අවශ්‍යතාවන්ට අනුකූලව සෞඛ්‍ය ආරක්ෂිත ලෙස කුරුඳු සැකසීම දිරිමත් කිරීම උදෙසා දකුණු පළාතේ කුරුඳු සැකසීමේ මධ්‍යස්ථාන පිහිටුවීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. මේ යටතේ දකුණු පළාත තුළ මධ්‍යස්ථාන 15ක් පිහිටුවා ඇති අතර, ඒවා වාණිජමය කටයුතුවල නියැලෙමින් අන්තර් ජාතික තත්ත්වයන්ට අනුකූල වන පරිදි කුරුඳු සැකසීම සිදු කරයි. අපනයන සංවර්ධන මණ්ඩලය මධ්‍යස්ථානයකට උපරිමයෙන් රුපියල් මිලියන 0.6 බැගින් මධ්‍යස්ථාන 15 සඳහා රුපියල් මිලියන 9ක මූල්‍යමය ආධාර ලබා දී තිබේ.  2009 වසරේදී කුරුඳු  අපනයනයෙන් ඉපැයූ ආදායම රුපියල් මිලියන 8517.56ක් වූ අතර, එය 2013 වන විට රුපියල් මිලියන 17188.91ක් දක්වා වර්ධනය වී තිබේ. මෙම ව්‍යාපෘතිය මඟින් කුරුඳුවල තත්ත්වය වර්ධනය කිරීමට හැකි වූ අතර, එමඟින් "ශ්‍රී ලංකා කුරුඳු" සන්නම් නාමය ජාත්‍යන්තරව ප්‍රවර්ධනය කිරීමට උපකාරී විය. එමෙන්ම අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ "ශ්‍රී ලංකා කුරුඳු" සන්නම් නාමය සහ වෙළෙඳ ලකුණ ලියා පදිංචි කරන ලදි.

2. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරවිල ප්‍රදේශයේ වීරවිල වත්ත කෘෂි අපනයන කලාපය

ඉහත කෘෂි අපනයන කලාපය, තිස්සමහාරාම අපනයන නිෂ්පාදන ගම්මාන සමාගම සමඟ ඒකාබද්ධව වීරවිල පිහිටි, වීරවිල වත්ත යන ස්ථානයේ ස්ථාපිත කරන ලදි. මෙකී ව්‍යාපෘතිය අදියර තුනකින් සමන්විත වූ අතර, එහි පළමු අදියර සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 9.2ක් වූ අතර, ඉන් මිලියන 3.8ක් අපනයන සංවර්ධන මණ්ඩලය යොදවා ඇත. පළමුවන අදියර යටතේ අක්කර 18ක ඉඩමක්, ඉඩම් ප්‍රතිසංස්කරණ සභාව මඟින් ලබා ගැනීමටත්, එකී ඉඩම එළි පෙහෙළි කිරීමටත්, ඉඩම ආවරණය වන පරිදි වැටක් ස්ථාපිත කිරීමටත්, ඉඩම සඳහා අක්කර 8ක බිංදු ජල ප්‍රවාහන පද්ධතිය ස්ථාපිත කර, EJC  ටොම් වර්ගයට අයත් අඹ පැළ 70ක් රෝපණය කර ඇත. කෙටි කාලීන මුදල් ප්‍රවාහය සඳහා පැපෙල් පැළ 1500ක්, බඩ ඉරිඟු, තල, කජු සහ වට්ටක්කා වැනි අතු‍රු බෝග වගා කරන ලදි.

එහි  දෙවන අදියර ලෙස අඹ වගාව තිස්සමහාරාම මැතිවරණ කෙට්ඨාසයේ ව්‍යාප්ත කිරීම සහ ධාරිතාව වැඩි කිරීමේ අරමුණ පෙරදැරිව ඉහත කී වර්ගයට අයත් අඹ පැළ 2000ක් ලබා දුන් අතර, ඉන් 1,500ක් වගාකරුවන් අතර බෙදා දෙන ලදි. ඉතිරි අක්කර 8 සඳහා විසිරුණු සහ බිංදු ජල ප්‍රවාහන පද්ධතිය ස්ථාපිත කළ අතර, පැළ තවානක් ඇති කිරීම සඳහා ආරක්ෂිත දැල් ගෘහයක් (හරිතාගාරයක්) ස්ථාපිත කිරීමට නියමිතය. දෙවන අදියර සඳහා මුළු ඇස්තමේන්තු පිරිවැය රුපියල් මිලියන 5.44ක් වූ අතර, ඉන් රුපියල් මිලියන 3.44ක් අපනයන සංවර්ධන මණ්ඩලය ලබා දී ඇත. මේ වන විට සෘජු රැකියා 5ක් සහ වක්‍ර රැකියා 50ක් පමණ ස්ථාපිත කර ඇති අතර, කෘෂි භෝග අළෙවි කර ගැනීම සඳහා අළෙවි පහසුකම් අපනයනකරුවන් හරහා ලබා දී ඇත. අවසාන අදියර ලෙස වීරවිල කෘෂි අපනයන කලාපයේ එළවලු සහ පලතුරු එකතු කිරීම, එකලස් කිරීම සහ ඇසිරීම සඳහා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට නියමිතය.

මෙම කෘෂි අපනයන කලාපයෙන් මේ වන විට රුපියල් මිලියන 3.345ක් ආදායම ලෙස උපයා ඇත. (2010-2013)

3. අම්පාර දිස්ත්‍රික්කයේ කහ වගාව

කෘෂි අපනයන කලාප වැඩසටහන යටතේ අපනයන සංවර්ධන මණ්ඩලය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව අම්පාර දිස්ත්‍රික්කයේ කුඩා ගොවි කණ්ඩායම්වල සහභාගිත්වයෙන් කහ වගා කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි. මෙම වැඩසටහන යටතේ ගෘහ ආර්ථික ඒකකවල ආදායම ඉහළ නැංවීමේ අරමුණින් ගොවීන් 200ක් තෝරා ගත් අතර,  ඔවුන්ට  කහ වගා කිරීම පිළිබඳව පුහුණුවක් ද ලබා දුනි. මෙම ව්‍යාපෘතියේ  පළමු අදියර යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ ගොනාගොල්ල, උහන සහ මායාදුන්නේ යන ප්‍රදේශවල ගොවීන් 190ක් අක්කර 38.25ක පමණ ප්‍රදේශයක කහ වගා කර තිබේ. මෙම ගොවීන්ට අපනයන සංවර්ධන මණ්ඩලය මඟින් අවශ්‍ය කාබනික පොහොර නොමිලේ ලබා දුන් අතර,  පැළ සඳහා වූ වියදමින් අඩක් ද මණ්ඩලය මඟින් දරනු ලැබීය. මෙම ව්‍යාපෘතියේ 2011 වසර වන විට මුළු ඇස්තම්න්තු වියදම රුපියල් මිලියන 1.123ක් විය. කහ වගාවෙන් ලද අපනයන ආදායම 2009 වසරේදී  රුපියල් 14,168ක් වූ අතර, එය 2013  ජනවාරි සිට නොවැම්බර් කාලය තුළ රුපියල් 36,582 දක්වා වර්ධනය විය.

මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර සඳහා අක්කර 15ක කහ වගාවක් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන ලදි.

4. නැ‍ඟෙනහිර පළාතේ අන්නාසි වගා කිරීමේ ව්‍යාපෘතිය අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් අතර වාණිජ වගාවක් ලෙස අන්නාසි වගාව ජනප්‍රිය කිරීමේ අරමුණින් අපනයන සංවර්ධන මණ්ඩලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා එක්ව මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි. මෙම ව්‍යාපෘතිය යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ නාමල් ඔය, වේරන්කැටගොඩ, මානික්කමඩු, පල්ලන් ඔය, කොඩුවිල්, මධ්‍යම කඳවුර සහ දීඝවාපී යන ප්‍රදේශවල ගොවීන් 200 දෙනෙක් අතර අන්නාසි මොටෙයියන් බෙදා දෙන ලදි. 2009 සිට 2010 දක්වා කාලය තුළ මොටෙයියයන් 1,74,401ක් ගොවීන් හට බෙදා දුන් අතර, අක්කර 50ක් වගා කරන ලදි. 2009 වසර තුළ අම්පාර දිස්ත්‍රික්කයේ පැවැති තද නියඟය නිසා මොටෙයියන් 147,567ක් පමණක් ඉතිරි විය. වර්තමානයේ ගොවීන් 154ක් පමණ අන්නාසි වගාවේ නිරත වේ. මෙම ව්‍යාපෘතියේ මුළු වියදම රුපියල් මිලියන 2.04කි.

5. වයඹ පළාතේ, බිංගිරිය ප්‍රදේශයේ කැපූ මල් හා විසිතුරු පැළ වගා කිරීමේ සහ සැකසීමේ ව්‍යාපෘතිය. අපනයන කෘෂි කලාප වැඩසටහන යටතේ ප්‍රථම කලාපය ලෙස මෙම ව්‍යාපෘතිය බිංගිරි ප්‍රදේශයේ කණ්ඩක්කුවත්ත යන ස්ථානයේ ආරම්භ කරන ලදි. පළමු අදියර යටතේ ඇන්තූරියම් වගාව සඳහා දැල් ගෘහ 100ක් සහ විසිතුරු පැළ වගාව සඳහා දැල් ගෘහ 100ක් ලෙස බිංගිරිය සහ උඩුබද්දාව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගොවීන් සඳහා ස්ථාපිත කරන ලදි. මීට අමතරව, පොදු පහසුකම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ අතර, ඒ සඳහා කැපූ මල් සඳහා දැල් ගෘහ තුනක්ද,  විසිතුරු ශාක පත්‍ර වගා කිරීම සඳහා දැල් ගෘහ 6ක්ද  සථාපිත කරන ලදි. ඇන්තූරියම් පැළ 19,550ක්  මිලදී ගෙන ගොවීන් 100ක් අතර බෙදා දෙන ලදි. ඉතුරු දැල් ගෘහ 100 තුළ සැන්ඩ්‍රියානා විසිතුරු ශාක පත්‍ර වගා කර ඇත. මීට ‍අමතරව ව්‍යාපෘතිය තුළ පිහිටි පොදු පහසුකම් මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය මාර්ග පද්ධතිය අඩකින් නිම කර ඇත. අපනයන සංවර්ධන මණ්ඩලය මෙම ව්‍යාපෘතිය සෘජුව අධීක්ෂණය කරන අතර, ඇන්තූරියම් මල් සහ සැන්ඩ්‍රියානා විසිතුරු පත්‍ර සෘජුව අපනයනකරුවන් හරහා මේ වන විට අපනයනය කරනු ලබයි. වක්‍ර අපනයන ආදායම් ලෙස 2012 වසරේදී විසිතුරු ශාක පත්‍ර අපනයනයෙන් රුපියල් මිලියන 1.1ක් ඉපැයූ අතර, ඇන්තූරියම් අපනයනයෙන් රුපියල් මිලියන 0.55ක්ද, 2013 වසරේදී විසිතුරු ශාක පත්‍ර අපනයනයෙන් රුපියල් මිලියන 1.34ක් සහ ඇන්තූරියම් අපනයනයෙන් රුපියල් මිලියන 0.62ක් ලැබී තිබිණ.  මීට අමතරව, පොදු පහසුකම් මධ්‍යස්ථානයේ පිහිටි දැල් ගෘහ සඳහා ජල පහසුකම් පද්ධතියක් හා වගා ළිඳක් ස්ථාපිත කර ඇත.  මෙහි ඊළඟ අදියර වශයෙන් වගා කටයුතු ව්‍යාප්ත කිරීම සඳහා තෝරා ගත් වගාකරුවන් මඟින් ස්වභාවික සෙවණේ විසිතුරු ශාක පත්‍ර වගා කිරීමට මූලික කටයුතු ආරම්භ කර ඇත.

බිංගිරිය මල් වසන්තය 2013 වසරේදී බිංගිරිය සංවර්ධන පදනම අනිකුත් අදාළ ආයතන හා එක්ව හතරවන වරටත්  බිංගිරිය මල් වසන්තය ප්‍රදර්ශනය පවත්වන ලදි. මෙම ව්‍යාපෘතියේ තිරසාර බව රැකීම සඳහා අපනයනකරුවන් හා ගැනුම්කරුවන් අතර සම්බන්ධතා ගොඩ නැඟීමෙන් විසිතුරු මල් සහ පැළ සඳහා වෙළෙඳ පළ අවස්ථා ගොඩ නඟා ගැනීමේ අරමුණින් මෙම වෙළෙඳ ප්‍රදර්ශනය පවත්වනු ලැබේ. එමෙන්ම එය ජීවන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් රජය විසින් ආරම්භ කරන ලද දිවි නැගුම වැඩසටහනට දායකත්වය දක්වයි. ශ්‍රී ලංකාවේ කැපූ මල් හා විසිතුරු පැළ අපනයන ක්ෂේත්‍රය වර්ධනය කිරීමට  සහ ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ පිරිසට රැකියා අවස්ථා උදා කිරීමටද  දායක වේ. මේ වන විට මෙම ව්‍යාපෘතිය රුපියල් මිලියන 5ක් පමණ විකුණුම් සිදු කර තිබේ.

(ආ) අදාළ නොවේ.

பதில் தேதி

2016-07-08

பதில் அளித்தார்

கௌரவ ரவி கருணாநாயக்க, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks