பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
உள் நுழைந்து உங்கள் பாராளுமன்றத்துடன் இணைந்து கொள்க
.
2230/ ’12
கெளரவ சஜித் பிரேமதாச,— கல்வி அமைச்சரைக் கேட்பதற்கு,—
(அ) (i) 2005 –2010ஆம் ஆண்டு காலப் பகுதியினுள் நாட்டினுள் மூடப்பட்ட அரசாங்க பாடசாலைகளின் எண்ணிக்கை யாது;
(ii) போதுமான வளங்கள் கிடைக்கப்பெறாமையே பாடசாலைகள் மூடப்பட்டமைக்கான பிரதானமான காரணம் என்பதை ஏற்றுக்கொள்வாரா;
(iii) இன்றேல், மேற்படி பாடசாலைகள் மூடப்பட்டமைக்கான காரணங்கள் யாவை;
என்பதை அவர் இச்சபைக்கு அறிவிப்பாரா?
(ஆ) இன்றேல், ஏன்?
கேட்கப்பட்ட திகதி
2012-10-25
கேட்டவர்
கௌரவ சஜித் பிரேமதாச, பா.உ.
அமைச்சு
கல்வி
சட்டவாக்கம்
இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்
கூட்டத்தொடர்
1 வது கூட்டத்தொடர்
ගරු බන්දුල ගුණවර්ධන මහතා (අධ්‍යාපන අමාත්‍යතුමා)
(மாண்புமிகு பந்துல குணவர்தன - கல்வி அமைச்சர்)
(The Hon. Bandula Gunawardane - Minister of Education)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) පාසල් වසා දැමීමක් සිදු නොකෙරේ. නමුත් ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වීම මත ඇතැම් පාසල් වැසී ගිය අවස්ථා ඇත. මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යාංශ්‍යට අයත් පාසල් කිසිවක් එසේ වැසී ගොස් නැත. පළාත් සභාවලට අයත් පාසල් සමහරක් වැසී ගොස් ඇත.
වර්ෂ 2005- 2010 අතර කාලවකචානුව තුළ එසේ රට තුළ වැසී ගිය රජයේ පාසල් පහත දැක්වේ.
* යුද ගැටුම් නිසා මඩකලපුව හා ත්‍රිකුණාමලය තාවකාලිකව වැසී ගිය පාසල් 26ක් මේ පාසල් 74ට ඇතුළත්.
** යුද ගැටුම් නිසා මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්කවල තාවකාලිකව වැසුණු පාසල් 86ක් මෙයට ඇතුළත්.
*** යුද ගැටුම් නිසා මුලතිව්, කිලිනොච්චි දිස්ත්‍රික්කවල වැසී ගිය පාසල් 61ක් ද මෙයට ඇතුළත්.
යුද ගැටුම් තත්ත්වය නිසා මෙම දිස්ත්‍රික්ක දෙකෙහි 2009 වර්ෂය පාසල් සංගණනය පවත්වා නැති බැවින් එය වාර්තා වී ඇත්තේ 2010 වර්ෂයේදීය.
(ii) පාසල් වසා දැමීමට ප්‍රධානතම හේතුව ප්‍රමාණවත් සම්පත් නොලැබීම බව පිළිගන්නේ නැත.
|
වසර |
2005 |
2006 |
2007 |
2008 |
2009 |
2010 |
|
වැසී ගිය පාසල් සංඛ්‍යාව |
39 |
40 |
74* |
14 |
104** |
79 *** |
(iii) පසුගිය කාලයේ උතුරු නැඟෙනහිර පළාත්වල පැවැති යුද ගැටුම් නිසා වරින් වර පාසල් වැසී යාම සිදු විය. සෙසු පළාත්වල නාගරිකරණය නිසා ජනතාව නගර වෙත ඇදී යාම නිසා සහ ප්‍රවාහන පහසුකම් වර්ධනය වීම නිසා නාගරික පාසල් වෙත ශිෂ්‍ය ගලනයක් ඇති වීමත්, ග්‍රාමීය පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වීමට බලපා ඇත. ඇතැම් ග්‍රාමීය පාසල් වැසී යාමට ඉහත හේතු බලපා ඇත.
තවදුරටත් ග්‍රාමීය පාසල්වල පහසුකම් වර්ධනය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ද්විතීයික පාසල් දහසක් (ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් පාසල් 3ක් වන පරිදි) හා ඒ වටා සංවර්ධනය වන ප්‍රාථමික පාසල් ජාලයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටින අතර 2012 - 2016 කාල සීමාව තුළ එම පාසල් මානව සම්පත්, භෞතික සම්පත්වලින් සම්පූර්ණ කර ගුණාත්මක මට්ටමින් දිවයිනේ අග්‍ර ගණ්‍ය පාසල්වල මට්ටම කරා ළඟා කරවීමට සැලසුම් කර ඇත. තවද, යුද ගැටුම් නිසා වැසුණු පාසල්වලින් අති බහුතර සංඛ්‍යාවක් දැනට යළි විවෘත කර ඇති බවද සැලකිය යුතු වේ.
පාසල් වසා දැමීමට හේතුව වන්නේ, පසු ගිය කාලය තුළ දී උතුරු නැඟෙනහිර පළාත්වල පැවැති දීර්ඝ කාලීන යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස යුද ගැටුම් පවතින ප්‍රදේශවල විශාල පාසල් ප්‍රමාණයක් විටින් විට වසා දැමීමත්, විවෘත කිරීමත් සිදු වුණා. දෙවනුව නාගරිකරණයත්, මාර්ග සංවර්ධනයත් කරනකොට ගෙන ගම්බද දුෂ්කර ප්‍රදේශවල පිහිටි පාසල්වල දරුවන්ට නගරයට සංක්‍රමණය වන්නට අවස්ථාව ලැබුණා. තුන්වෙනුව ජනගහනයේ වයස් ප්‍රමාණවල ව්‍යුහාත්මක වෙනසක් සහ උපත් අනුපාතික වෙනස්කම් තුළ ප්‍රාථමික පන්තියට ඇතුළු වීමේ ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වෙලා තිබෙනවා. තවදුරටත් ග්‍රාමීය පහසුකම් වර්ධනය වෙමින් තිබෙනවා. මේ දිනවල සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ද්විතීයික පාසල් තුන බැගිනුත්, ඒ මත පදනම්ව පෝෂිත පාසල් පන්දහසකුත්, 2012 - 2016 කාල පරිච්ඡේදය තුළ දී ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරනවා. ඒ නිසා එම ප්‍රශ්නය අදාළ නොවේ. මධ්‍යම රජයේ කිසිදු ජාතික පාසලක් වැසිලා නැහැ.
(ආ) අදාළ නොවේ.
பதில் தேதி
2013-02-06
பதில் அளித்தார்
கௌரவ (கலாநிதி) பந்துல குணவர்தன, பா.உ.
பாராளுமன்றத்திற்கு வருகை தருதல்
பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.
முழுப்பதிப்புரிமையுடையது.
வடிவமைத்து உருவாக்கியது TekGeeks