பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
உள் நுழைந்து உங்கள் பாராளுமன்றத்துடன் இணைந்து கொள்க
----
கேட்கப்பட்ட திகதி
2022-02-08
கேட்டவர்
கௌரவ கயந்த கருணாதிலக்க, பா.உ.
அமைச்சு
கமத்தொழில்
சட்டவாக்கம்
இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஒன்பதாவது பாராளுமன்றம்
கூட்டத்தொடர்
2 வது கூட்டத்தொடர்
(අ) (i) බෝගය - වී
(ii) I සාමාන්‍ය තත්ත්වයක් තුළ පසුගිය වර්ෂ 5ක මහ කන්නයන්හි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් වාර්තා කර ඇති වී අස්වැන්නේ සාමාන්‍ය අගය දිස්ත්‍රික්ක අනුව සලකා බැලීම.
II ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදුකරන විධිමත් අස්වනු සමීක්ෂණයන් මඟින් 2021/22 මහ කන්නයේ සත්‍ය වශයෙන්ම වගාකර ඇති කුඹුරුවල අස්වැන්නේ සාමාන්‍ය දිස්ත්‍රික් අනුව ලබා ගැනීම.
III ඉහත අංක I න් ලැබෙන සාමාන්‍ය අගයෙන්, ඉහත අංක IIහි පරිදි අස්වනු සමීක්ෂණය තුළින් ලබා ගන්නා අස්වැන්නේ සාමාන්‍ය අගය අඩු කළ විට ලැබෙන අගය ගොවීන්ගේ අස්වනු අඩු වීමේ ප්‍රමාණය ලෙස සලකා බැලීමටත්, එම අගය ගොවියාගේ වගා වපසරිය පදනම් කරගෙන තීරණය කරන ලද ඇගැයීම් දිරි දීමනාවෙන් ගුණකර එක් එක් ගොවියාට හිමි විය යුතු ඇගැයීම් දිරි දීමනාව තීරණය කිරීම.
IV. මෙම සලකා බලන කන්නය මහ කන්නයක් වන බැවින් ජලය සීමාකාරී සාධකයක් ලෙස නොසැලකීම. ඒ අනුව මහා වාරි, සුළු වාරි සහ වර්ෂා පෝෂිත ලෙස කුඹුරු ඉඩම් වර්ග කිරීමක් අවශ්‍ය නොවීම.
V. 2021/22 මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන සඳහා ඉදිරිපත් කරන ලද අංක 22/0087/323/004 හා 2022.01.18 දිනැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සඳහා අමාත්‍ය මණ්ඩලය ලබා දුන් තීරණයන්හි (v) (අ) මඟින් දක්වා ඇති නියමයන් පරිදි 2021/22 මහ කන්නයේ වී අස්වැන්නේ යම්කිසි අඩුවීමක් සිදු වුවහොත්, ඒ හේතුවෙන් බලපෑමට ලක්වන වී ගොවීන්ගේ ආදායම් මට්ටම සුරක්ෂිත කිරීම සඳහා සහ හරිත කෘෂිකාර්මික යෙදවුම් භාවිත කිරීම වෙනුවෙන් ඇගයීම සඳහා දිරි දීමනාව ගෙවීමට අස්වැන්නේ අඩුවන වී කිලෝග්‍රෑම් එකකට අවම රු. 25ක් ලෙස පදනම් කර ගැනීම.
VI. අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව රු.25.00 පදනම් කරගෙන ගෙවීම් කිරීමේදී වෙනසට අනුව අක්කර 1 සහ අක්කර 1ට අඩු වගා වපසරියක් සහිත ගොවීන්ට ඉතා සුළු දිරි දීමනාවක් ලැබෙන හෙයින් ඔවුන් වෙත වැඩි දිරි දීමනාවක් ලැබෙන ලෙස ගණනය කිරීම. එනම්, අවම පදනම් දිරි දීමනාව මෙන් දෙගුණයක් ගෙවීම. (රු. 25.00*2=රු. 50.00) රුපියල් 25 සිට රුපියල් 50 දක්වා පොඩි ගොවීන්ට.
VII. ඇගයීම් දිරි දීමනාව ලබා දීමේ උපරිම වගා වපසරිය අක්කර 5ක් ලෙස සැලකීම.
අක්කර 5ට වැඩි අයට අපි දිරි දීමනා ලබා දෙන්නේ නැහැ, ගරු මන්ත්‍රීතුමනි. මොකද, ඔවුන් වාණිජ ගොවීන් නිසා.
VIII. අක්කරයකට වඩා අඩුවෙන් වී වගා කරන යැපුම් මට්ටමේ කුඩා පරිමාණ ගොවීන්ගේ නිෂ්පාදන පිරිවැය මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ වී වගා කරුවන්ට වඩා ඉහළ අගයක් ගන්නා බැවින් ද, කුඩා හා මධ්‍ය පරිමාණ ගොවීන් තම අස්වැන්නෙන් වැඩි කොටසක් පරිභෝජනය සඳහා රඳවා ගැනීම මත වී අළෙවි කරන ප්‍රමාණයේ අඩුවීම හේතුවෙන් වී මිල ඉහළ යාමේ වාසිය එම ගොවීන්ට නොලැබෙන බැවින් ද, මහා පරිමාණ ගොවියාට එම ප්‍රතිලාභය උපරිම වශයෙන් ලැබෙන බැවින් ද වගා වපසරිය පදනම් කරගෙන පහත පරිදි ගෙවීමට තීරණය කිරීම.
|
කාණ්ඩ අංකය |
විස්තරය |
කිලෝග්‍රෑම් 1ට ලබාදෙන ඇගයීම් දිරි දීමනාව (රු.) |
අගයීම් දිරි දීමනාව ගණනය කිරීමේ පදනම |
|
i |
අක්කර ½ සහ ½ට අඩු වගා බිම් සඳහා අක්කර ½ක් සේ සලකා දිරි දීමනා ගණනය කිරීම |
50.00 |
රු. 25.00*2 = රු.50.00 (අවම පදනම් දිරි දීමනාව මෙන් දෙගුණයක්) |
|
ii |
අක්කර 1 සහ අක්කර 1ට අඩු |
50.00 |
රු. 25.00*2 = රු.50.00 (අවම පදනම් දිරි දීමනාව මෙන් දෙගුණයක්) |
|
iii |
අක්කර 1 ට වැඩි සහ අක්කර 2 ½ ට අඩු |
37.50 |
රු. 25.00 + (25.00*1/2)= 37.50 (අවම දිරි දීමනාවට ඉන් භාගයක් එකතු කිරීම) |
|
iv |
අක්කර 2 ½ ට වැඩි සහ අක්කර 5 ට අඩු |
25.00 |
රු.25.00 (අවම ඇගයීම් දිරි දීමනා අගය) |
ඒ කියන්නේ, අක්කර ප්‍රමාණය වැඩියි නම් අපි වී කිලෝ එකකට ගෙවන ප්‍රමාණය අඩුයි, ගරු මන්ත්‍රීතුමනි.
(ආ) අදාළ නොවේ.
பதில் தேதி
2022-03-08
பதில் அளித்தார்
கௌரவ மஹிந்தானந்த அலுத்கமகே, பா.உ.
பாராளுமன்றத்திற்கு வருகை தருதல்
பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.
முழுப்பதிப்புரிமையுடையது.
வடிவமைத்து உருவாக்கியது TekGeeks