Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
4332/’13
Hon. (Mrs.) Anoma Gamage,— To ask the Minister of Education,—
(a) Will he inform this House of—
(i) the number of Colleges of Education functioning in this country, separately in terms of each subject; and
(ii) the number of students studying in each College of Education in the year 2013, separately?
(b) Will he also inform this House —
(i) of the names and qualifications of the Presidents serving at the Colleges of Education;
(ii) of the minimum qualifications required to hold the post of the President of a College of Education;
(iii) whether there is a shortage of lecturers at those Colleges of Education; and
(iv) if so, the Colleges of Education and the subjects with relevance to which the shortage of lecturers exists?
(c) If not, why?
Asked Date
2014-05-23
Asked by
Hon. (Dr.)(Mrs.) Anoma Gamage, M.P.
Ministry
Education
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) මෙරට ක්‍රියාත්මක වන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සංඛ්‍යාව 18කි. එක් එක් විෂයයන් අනුව සියලු අධ්‍යාපන විද්‍යාපීඨ වර්ග කරන්නේ නැත. එකම පීඨය තුළ විවිධ පාඨමාලා පැවැත් වේ. මේ වන විට එක් එක් විද්‍යාපීඨවල පැවැත්වෙන පාඨමාලා ඇමුණුම 01හි* සඳහන් පරිදි වේ.
(ii) 2011, 2012 හා 2013 යන වසර තුනේදී බඳවාගත් ශිෂ්‍ය කණ්ඩායම් තුනක් 2013 වර්ෂයේදී අධ්‍යාපනය ලබා ඇත. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක අධ්‍යයන කාලය වසර තුනකි. එයින් එක් වසරක් සීමාවාසී පුහුණුව ලැබිය යුතුයි. ඒ අනුව 2013 වර්ෂය තුළ අධ්‍යාපනය ලැබූ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 02 හි දැක්වේ.
(ආ) (i) ඒ ඒ විද්‍යාපීඨවල සේවය කරන පීඨාධිපතිවරුන්ගේ නම් හා සුදුසුකම් ඇමුණුම 03*හි දක්වා ඇත.
(ii) ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක පීඨාධිපති තනතුර දැරීම සඳහා අවම සුදුසුකම වන්නේ ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ පළමුවන පන්තියේ නිලධාරියකු වීමයි.
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ උසස්වීම් අවසන්වරට ලබා දී ඇත්තේ 2005 වසරේදීය. ඉන් පසුව අධ්‍යාපන අමාත්‍යාංශයේ වර්තමාන ක්‍රියාදාමයේ එක් සුවිශේෂී මෙහෙවරක් ලෙස 2013 වර්ෂයේදී ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ 1වන පන්තියට උසස්වීම් ලබා දී ඇති අතර එම නිලධාරින්ගෙන් එකොළොස් දෙනෙකු විශ්‍රාම ගොස් ඇත. ඉතිරි නිලධාරින් 11 දෙනා පීඨාධිපතිවරුන් ලෙස පත් කර ඇත. එහෙත් දැනට සිටින ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ 1වන පන්තියේ නිලධාරින් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම නිසා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 6ක පීඨාධිපති තනතුරෙහි රාජකාරි ආවරණය කරනු ලබන්නේ එම සේවයේ 2-1 පන්තියේ හා 2-11 පන්තියේ නිලධාරින් විසින්ය. ඉදිරියේදී නැවතත් සම්මුඛ පරීක්ෂණයක් පවත්වා ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ 1 වන පන්තියට උසස්වීම් ලබා දී පීඨාධිපති තනතුරු සඳහා පත් කිරීමට නියමිතය.
(iii) හිඟයක් පැවතුනි. දැන් ඒ හිඟය පිරවීමට අවශ්‍ය පියවර ගනිමින් පවතී.
(iv) ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 18ක කථිකාචාර්ය තනතුරු සඳහා පහත සඳහන් විෂයයන්වල පුරප්පාඩු පවතී. පුරප්පාඩු වී ඇති කථිකාචාර්ය තනතුරු සඳහා බඳවා ගැනීමට ගැසට් නිවේදනයක් පළ කර අයදුම්පත් කැඳවා ඇති අතර, අයදුම්පත් 9000ක් පමණ ලැබී තිබිණ. එයින් අයදුම්කරුවන් 4000ක් සඳහා සම්මුඛ පරීක්ෂණ ද පවත්වා අවසන් කර, තෝරා ගන්නා ලද කථිකාචාර්යවරුන්ගේ අවසාන ලේඛන සකස් කිරීමේ කටයුතු සිදු වෙමින් පවතී. මෙම වසරේ ජූලි 10 වන විට තෝරා ගැනීමට නියමිත කථිකාචාර්යවරු 272කගේ ලේඛනය නිර්දේශ කර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යැවීමට නියමිතය. අනුමැතිය ලැබීමෙන් පසු කඩිනමින් මෙම පුරප්පාඩු සම්පූර්ණ කරනු ලැබේ.
පුරප්පාඩු පවතින විෂයයන් පහත සඳහන් කර ඇත.
01. වෘත්තීය විෂය
02. පළමු බස සිංහල
03. පළමු බස දෙමළ
04. ඉංග්‍රීසි භාෂාව
05. බුද්ධ ධර්මය
06. හින්දු ධර්මය
07. ඉස්ලාම් ධර්මය
08. ක්‍රිස්තියානි ධර්මය
09. දෙවන බස සිංහල
10. දෙවන බස දෙමළ
11. ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම්කරණය
12. ජීව විද්‍යාව
13. රසායන විද්‍යාව
14. භෞතික විද්‍යාව
15. ගණිතය
16. කෘෂි විද්‍යාව
17. තොරතුරු සන්නිවේදන තාක්ෂණය
18. ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපනය
19. ආහාර තාක්ෂණය
20. යාන්ත්‍රික තාක්ෂණය
21. විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය
22. කලා ශිල්ප
23. චිත්‍ර
24. නැටුම්
25. සංගීතය
26. සංගීතය (කර්නාටක)
27. සංගිතය (බටහිර)
28. නාට්‍ය හා රංග කලාව (දෙමළ)
29. විශේෂ අධ්‍යාපනය
30. ප්‍රාථමික අධ්‍යාපනය
31. පුරවැසි අධ්‍යාපනය
32. භූගෝල විද්‍යාව
33. සමාජ අධ්‍යාපනය
34. ඉතිහාසය (දෙමළ)
(ඇ) අදාළ නොවේ.
Answered Date
2016-07-10
Answered by
Hon. Mohan Lal Grero, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks