02

සි   |     |  

 Date: 2017-08-23   Answered 

1415/2017: COMPANIES LISTED IN COLOMBO STOCK EXCHANGE: FOREIGN INVESTMENTS

1415/’16

Hon. Bandula Gunawardana,—To ask the Prime Minister and Minister of National Policies and Economic Affairs,—

(a) Will he inform this House—

(i) the amount of foreign investments made by the companies listed in the Colombo Stock Exchange in the year 2016 since the income from dividends on investments in listed shares by foreign companies was exempted from the income tax as per proposal No.199 of the 2016 budget;

(ii)  whether he will submit a report on the trends (as per standard indices) in the share market of Sri Lanka following the conclusion of the armed conflict in the year 2009;

(iii) the amounts of investments withdrawn by foreigners from the share market of Sri Lanka in the years 2015 and 2016;

(iv) the proposed changes and financial and tax incentives for the revival of the share market of Sri Lanka;

(v) whether there is a plan to introduce the Capital Gains Tax proposed from the 2016 budget to the share market in future?

(b) If not, why?

 

Asked Date

2017-08-23

Asked by

Hon. (Dr.) Bandula Gunawardana, M.P.

Ministry

Prime Minister and Minister of National Policies and Economic Affairs

Legislature

Eighth Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

(අ)          (i)       වසර 2016 දී ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළෙහි ලැයිස්තුගත සමාගම්වල විදේශීය ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 74.5කි.

                         ගරු මන්ත්‍රීතුමනි, ඒ විදේශීය මිලදී ගැනීම්.

              (ii)       වසර 2009දී යුද ගැටුම අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොළේ ඇති වූ උපනතීන් සම්මත දර්ශකයන්ට අනුව:

 

 

වසර

සමස්ත මිල දර්ශකයෙහි වර්ධනය (%)

2010

96.0

2011

සෘණ 8.5

2012

සෘණ 7.1

2013

 4.8

2014

23.4

2015

සෘණ 5.5

2016

සෘණ 9.7

2017 (අගෝස්තු 11 දක්වා)

4.2

 

(iii) වසර 2015දී විදේශ ආයෝජකයන් රුපියල් බිලියන 5.3ක වටිනාකමක මුදල් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත. එහෙත්, 2016 වර්ෂයේදී විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 383ක වටිනාකමක් ශුද්ධ වශයෙන් කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කර ඇත. එය රට තුළට මුදල් ගලා ඒමකි.

ගරු කථානායකතුමනි, මා ඉතාම සන්තෝෂයෙන් ඔබතුමාට දැනුම් දෙන්න කැමැතියි, 2017 අගෝස්තු 11වන දින වන විට විදේශ ආයෝජකයන් විසින් ශුද්ධ වශයෙන් රට තුළට ගෙනැවිත් ඇති ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 26.7ක් බව. එය කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වසරක් තුළ වාර්තා වී ඇති දෙවන ඉහළම ශුද්ධ විදේශීය ගලා ඒමේ ප්‍රමාණයයි.

(iv) ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොළෙහි පුනර්ජීවය සඳහා යෝජිත ප්‍රධාන වෙනස්කම් වන්නේ,

ප්‍රාග්ධන වෙළෙඳ පොළ නියාමනය යාවත්කාලීන කිරීම උදෙසා වසර 2017 තුළදී නව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත සම්මත කර ගැනීම.

අපි එය තව මාස එකහමාරකින්-දෙකකින් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා.

ඉහළ කාර්යක්ෂමතාවක් උදෙසා කොටස් වෙළෙඳ පොළ අසාමූහීකරණය කිරීම. That is to demutualize  the Stock Exchange.

අවදානම් කළමනාකරණය උදෙසා DVP ක්‍රමය හඳුන්වා දී (කොටස් නිෂ්කාශනය/ මුදල් ගෙවීම සහ ගනුදෙනු එකවර සිදු කිරීම) ඉන් පසුව මධ්‍යම ප්‍රතිපාර්ශ්ව ආයතනයක් පිහිටුවීම. That is to create a central counterparty.

රජය සතු හඳුනාගත් සමහර සමාගම් කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත කිරීම තුළින් කොටස් වෙළෙඳ පොළේ විශාලත්වය සහ ද්‍රවශීලතාව ඉහළ නැංවීම. That is to increase liquidity.

සුළු පරිමාණ ආයෝජකයින් අතර ඒකක භාර ආයෝජන ප්‍රචලිත කිරීම - Unit trust.

ප්‍රාග්ධන වෙළෙඳ පොළ පිළිබඳව මහජනයා, ආයෝජකයන්, පාසල් සිසුන්, ගුරු භවතුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු සියලුම පාර්ශ්ව තුළ ඇති දැනුවත්භාවය ඉහළ දැමීම.

ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳ පොළ නියාමනය තවදුරටත් වර්ධනය කිරීම උදෙසා පවත්නා නීති රීති (ලැයිස්තුගත කිරීමේ නීති, කොටස් තැරැව්කාර නීති, ගනුදෙනු පද්ධති නීති ඇතුළු සියල්ල) යාවත්කාලීන කිරීම.

(v) 2016 අය වැයෙන් යෝජිත ප්‍රාග්ධන ලාභ බද්ද අනාගතයේදී කොටස් හුවමාරුවට හඳුන්වා දීමේ අදහසක් නැත.

(ආ) අදාළ නොවේ.

 

Answered Date

2017-08-23

Answered by

Hon. (Dr.) Harsha de Silva, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks