03

සි   |     |  

 Date: 2014-11-13   Answered 

4397/2014: TRAINEES AT COLLEGES OF EDUCATION: MONTHLY ALLOWANCE

4397/’13

Hon. Buddhika Pathirana;— To ask the Minister of Education,—

(a) Will he state—

(i) the monthly allowance paid to a trainee receiving training at Colleges of Education;

(ii) the date on which the payment of that allowance was commenced; and

(iii) the amount paid prior to the introduction of the payment of the said allowance?

(b) Will he inform this House —

(i) of the amount of money paid to a trainee of a College of Education during the period of internship;

(ii) of the amount paid prior to the introduction of the payment of the said amount;

(iii) whether he admits the fact that the amount paid at present is not sufficient in comparison with the current cost of living;

(iv) if so, whether arrangements will be made to increase the salary or allowances paid to them at present; and

(v) if so, when?

(c) If not, why?

 

Asked Date

2014-11-13

Asked by

Hon. Buddhika Pathirana, M.P.

Ministry

Education

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

(අ)          (i)      ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පූර්ව සේවා ගුරු අධ්‍යාපන පාඨමාලා නේවාසිකව හදාරනු ලබන ශික්ෂණලාභීන් සඳහා ආරම්භයේ සිටම දෑ අවුරුදු ආයතනික පුහුණු කාලසීමාවේදී හා එක් අවුරුදු සීමාවාසී ගුරු පුහුණු කාල සීමාවේ දී රජයෙන් මාසික දීමනාවක් සිදුන් වෙනුවෙන් විද්‍යාපීඨයට ලබා දේ. මෙම දීමනාව අදාළ ශික්ෂණලාභීන්ගේ සේවා පහසුකම් සඳහාත් ආහාර වියදම් සඳහාත් වැය කරනු ලැබේ. වසරින් වසර ආහාර ද්‍රව්‍යවල මිල ගණන් වැඩිවීමත් සමඟ එම මුදල වරින් වර සංශෝධනය වී ඇති අතර පහත සඳහන් පරිදි 2001 සිට ශික්ෂණලාභීන් සඳහා මාසිකව දීමනා ලබා දී ඇත.

 

 වර්ෂය

අභ්‍යාසලාභීන් නේවාසික/ ආයතනික පුහුණුව ලබන සිසුන්(1,2 වසර)

සීමාවාසී ගුරු පුහුණුව ලබන සිසුන්

(3 වන වසර )

2001 -2007 දක්වා

රු.1500.00

රු. 2000.00

2007- 2011 දක්වා

රු.2000.00

රු. 2500.00

2011 සිට මේ දක්වා

රු.2500.00

රු. 3000.00

ඒ අනුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ආයතනික / නේවාසික පුහුණුව ලබන සිසුන්ට රු. 2500/-ක් හා සීමාවාසී සිසුන්ට රු.3000/-ක් ද දැනට ගෙවනු ලැබේ.

(ii) 2011.01.01 දින සිට එම මුදල ගෙවීම ආරම්භ කර ඇත.

(iii) එම මුදල ගෙවීමට පෙර අභ්‍යාසලාභී/නේවාසික ආයතනික පුහුණුව ලබන සිසුන් සඳහා රුපියල් 2,000ක් හා සීමාවාසී සිසුන්ට රුපියල් 2,500ක් බැගින් ගෙවා ඇත. 

(ආ) (i) 2011.01.01 දින සිට මේ දක්වා සීමාවාසී කාලය තුළදී ගුරු අභ්‍යාසලාභියකු සඳහා රජය විසින් රුපියල් 3,000ක් ගෙවනු ලබයි. මෙම මුදල පෞද්ගලිකව අභ්‍යාසලාභියා අතට ගෙවනු ලැබේ.

(ii) එම මුදල ගෙවීමට පෙර සීමාවාසී සිසුන්ට රුපියල් 2,500ක් බැගින් ගෙවා ඇත.

(iii) වර්තමාන ජීවන වියදම හා සැසඳීමේදී දැනට ගෙවනු ලබන මුදල ‍ප්‍රමාණවත් නොවන නිසා මාසික දීමනාව රුපියල් 1,000කින් වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති අතර, එය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. එවිට අභ්‍යාසලාභීන් නේවාසික/ආයතනික පුහුණුව ලබන සිසුන්ට (1,2 වසර කාලය තුළ) ආහාර වියදම් සඳහා රුපියල් 3,500ක් විද්‍යාපීඨය වෙතද, සීමාවාසී සිසුන් සඳහා (3 වන වසර) රුපියල් 4,000ක මුදලක්  හිමි වනු ඇත.

(iv) 2015.01.01 දින සිට අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 14/1766/530/037-01 හා 2014.12.03 දිනැති අමාත්‍ය මණ්ඩල සටහන අනුව 2015.01.01 දින සිට දීමනාව වැඩි කිරීම අනුමත කර ඇත.  එහෙත් 2015 විසර්ජන ගිණුම මඟින් මේ සඳහා ප්‍රතිපාදන වෙන් කර නොමැති අතර, භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර ඉදිරියේදී එම දීමනාව ලබා දීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතී.

(v) භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන සලසා ගැනීමෙන් අනතුරුව 2015.01.01 දින සිට හිඟ දීමනාව සමඟ මෙම දීමනාව ගෙවීමට කටයුතු කරමි.

 (ඇ) අදාළ නොවේ.

Answered Date

2015-03-18

Answered by

Hon. Akila Viraj Kariyawasam, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks