Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
2887/’12
Hon. Ravi Karunanayake,— To ask the Minister of External Affairs,—
(a) Will he state—
(i) whether there have been many protests against H.E the President, Hon. Ministers and Key Officials of Sri Lanka when they visit UK, India, Australia and Canada; and
(ii) if so, whether the Ministry of External Affairs is unable to use the Sri Lankan Embassies or High Commissions in the aforesaid countries to stop such happenings ?
(b) Will he also state—
(i) whether the aforesaid countries have apologized to Sri Lanka for such embarrassing events;
(ii) if so, as to when, where and by whom it was done; and
(iii) whether the Sri Lankan High Commissions and Embassies have envisaged the possible problems and informed the Government of Sri Lanka of the growing dissention in certain areas of relevant countries and corrective action should be looked at in order to avoid any embarrassing events faced by the Sri Lankan Delegates?
(c) If not why?
Asked Date
2013-06-20
Asked by
Hon. Ravi Karunanayake, M.P.
Ministry
External Affairs
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
ගරු නියෝමාල් පෙරේරා මහතා
(மாண்புமிகு நியோமால் பெரேரா)
(The Hon. Neomal Perera )
ගරු කථානායකතුමනි, විදේශ කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) එක්සත් රාජධානිය
අතිගරු ජනාධිපතිතුමා, ඔක්ස්ෆර්ඩ් සංගමය ඇමතීම සඳහා, 2012 නොවැම්බර් 29 සිට දෙසැම්බර් 02 දක්වා දිනවලදී එක්සත් රාජධානියෙහි නිරත වූ සංචාරය අතරතුරදී විරෝධතා පැවැත්විණ.
-හීත්‍රෝ ගුවන් තොටු පොළේ 4 වැනි පර්යන්තයේදීත් (2010.11.29) ඩෝර්චෙස්ටර් හෝටලයෙන් හා ලන්ඩන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් පිටතදීත් (2010.12.02) බ්‍රිතාන්‍ය දමිළ සංසදය ( BTF) විසින් විරෝධතා පවත්වන ලදී.
අතිගරු ජනාධිපතිතුමා, එංගලන්තයේ මහ රැජිනගේ දියමන්ති ජුබිලි සැමරුම් අවස්ථාවට සහභාගී වීම සඳහා 2012 ජුනි මස සිදු කළ සංචාරයේදී, ගෝලීය දමිළ සංසදය (GTF) බ්‍රිතාන්‍ය දමිළ සංසදය ( BTF) සහ එක්සත් රාජධානියේ සහ යුරෝපයේ එල්ටීටීඊ හිතවාදී වෙනත් පෙරමුණු සංවිධාන විසින් ඒකාබද්ධව සංවිධානය කරන ලද පහත සඳහන් විරෝධතා පැවැත්විණ.
- හීත්‍රෝ ගුවන් තොටු පොළේදී (ජුනි 03 සහ 04)
- ලන්ඩන්හි හිල්ටන් පාර්ක් ලේන් හෝටලයෙන් පිටත (ජුනි 4, 5 සහ 6)
- ලන්ඩන් නුවර, මාල්‍බරෝ හවුස්හි පොදු රාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලය ඉදිරිපිට (ජුනි 6)
- ලන්ඩන් නුවර, මැන්ෂන් හවුස්හි, නගරාධිපති සාමිවරයාගේ කාර්යාලය ඉදිරිපිට
ගරු විදේශ කටයුතු අමාත්‍යතුමාගේ සංචාරය අතරතුරදී, ඒ මහතා ප්‍රධාන දේශනයක් සිදු කළ ලන්ඩන් නුවර පිහිටි ක්‍රමෝපායික අධ්‍යයනය සඳහා ජාත්‍යන්තර අධ්‍යයන ආයතනය (IISS) ඉදිරිපිටදී, ගෝලීය දමිළ සංසදය (GTF) විසින් විරෝධතාවක් සංවිධානය කරන ලදී.
ඉන්දියාව
- 2012 සැප්තැම්බර් මස සහ 2013 පෙබරවාරි මස අතිගරු ජනාධිපතිතුමා ඉන්දියාවේ සිදු කළ සංචාරයට එරෙහිව, ඩී.එම්.කේ, ඒ.අයි.ඒ.ඩී.එම්.කේ, එම්.ඩී.එම්.කේ. වැනි තමිල්නාඩුව කේන්ද්‍ර කොට ගත් දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරන ලද විරෝධතා පැවැත්විණ.
මෙම විරෝධතා ප්‍රධාන වශයෙන්ම තමිල්නාඩු ප්‍රාන්තයට සීමා වූ අතර, දිල්ලියේදී ද විරෝධතා සුළු සංඛ්‍යාවක් පැවැත්විණ.
- ශ්‍රී ලංකාවේ අතිවිශේෂ පුද්ගලයන් තමිල්නාඩුවේ සිදු කළ සංචාරවලදී, විරෝධතා සුළු සංඛ්‍යාවක් පවත්වා ඇත. එසේ වුවත්, ඉන්දියාවේ වෙනත් කිසිදු ප්‍රදේශයක, විරෝධතාවක් පවත්වා නොමැත.
- ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා 2011 වසරේදී සංචාරයක නිරත වූ අවස්ථාවේදී, ලෝක් සභාවේ තමිල්නාඩු මන්ත්‍රීවරුන් පුවරු ඔසවමින් විරෝධතාව දැක්වූ එක් අවස්ථාවක් විය.
ඕස්ට්‍රේලියාව
- 2011 ඔක්තෝබර් මස පර්ත්හිදී පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය ආණ්ඩු ප්‍රධානීන්ගේ රැස්වීමට සහභාගී වීම සඳහා අතිගරු ජනාධිපතිතුමා නිරත වූ සංචාරයට එරෙහිව එල්ටීටීඊ හිතවාදී සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව බටහිර ඕස්ට්‍රේලියාවේදී විරෝධතාවක් පවත්වන ලදී.
කැනඩාව
- ගරු වාසුදේව නානායක්කාර මහතා 2011 නොවැම්බර් මස සිදු කළ සංචාරය අතරතුරදී, ටොරොන්ටෝහි කොරියානු සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිරිපිට, ශ්‍රී ලාංකික දමිළ ඩයස්පෝරාවේ සාමාජිකයින් විසින් විරෝධතාවක් පවත්වන ලදී.
(ii) එක්සත් රාජධානිය
යම් විරෝධතාවක් සාමකාමීව පවත්වන්නේ නම්, එවැනි විරෝධතාවක් සංවිධානය කිරීම එක්සත් රාජධානියේ රජයේ රෙගුලාසි සහ ඊට අදාළ සාම්ප්‍රදායික පරිචයන්ට අනුකූලව, එරට පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වෙයි. 2010 වසරේදී සිදු කරන ලද සංචාරය සම්බන්ධයෙන් ගත් කළ, ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, එක්සත් රාජධානියේ අගනගර පොලිස් සේවය ඇතුළුව අදාළ දේශීය බලධාරින් සමඟ අති සම්භාවනීය පුද්ගලයෙකු විසින් සිදු කරනු ලබන සංචාරයට පෙරාතුව සාකච්ඡා පවත්වන ලද අතර, විරෝධතාවයේ ස්වරූපය සහ එය සංවිධානය කරන්නන්ගේ පසු බිම පිළිබඳ පවතින තොරතුරු ද ඔවුන් වෙත ලබා දුන්නේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, විරෝධතාව දක්වන්නන් විසින් පොලිස් මාර්ගෝපදේශ අනුගමනය කරන බව තහවුරු කිරීම සඳහා විරෝධතාව පවත්වන ස්ථානවලට එක්සත් රාජධානියේ අගනගර පොලිස් නිලධාරින් යොදවන ලදී. ඔක්ස්ෆර්ඩ් සංගමයේ පැවැත්වීමට නියමිතව තිබූ දේශනය අවළංගු කිරීමට ගත් තීරණය, මුළුමනින්ම එහි සංවිධායකයන් විසින් ගන්නා ලද තීරණයක් වන අතර, ඊට අවශ්‍යව තිබූ ආරක්ෂාව සපයා දීමට හැකියාවක් තිබෙන බව පොලීසිය ප්‍රකාශ කර තිබිණ. මෙම විරෝධතාව පැවැත්වීම පිළිබඳව සැලකිල්ලට ලක් කළ යුතු කරුණු හා සම්බන්ධයෙන්, විශේෂයෙන්ම එල්ටීටීඊ ධජය ප්‍රදර්ශනය කිරීම මඟින් වර්ෂ 2000 එක්සත් රාජධානි ත්‍රස්තවාදී පනතේ 13(1)(ආ) වගන්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මහ කොමසාරිස් කාර්යාලය ස්වදේශීය කාර්යාලයේ (Home Office) පොදු සාමය පිළිබඳ ඒකකයට සහ එක්සත් රාජධානියේ විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය කාර්යාලයටද වාර්තා කරන ලදී.
එංගලන්ත මහ රැජිනගේ දියමන්ති ජුබිලියට සහභාගී වීම සඳහා අතිගරු ජනාධිපතිවරයා සිදු කරන ලද සංචාරයට බොහෝ කලකට පෙරාතුව, ඒ පිළිබඳව එක්සත් රාජධානියේ අදාළ බලධාරින් දැනුවත් කිරීමට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කාලෝචිතව පියවර ගන්නා ලද අතර, අතිගරු ජනාධිපතිතුමාගේ නිල සහ පෞද්ගලික කටයුතු සඳහා, දැඩි පෞද්ගලික ආරක්ෂාවක් ලබා දීමට, අදාළ ස්ථාන ආරක්ෂා කිරීමට සහ ජංගම ආරක්ෂකයන් ලබා දීමට රාජකීය ආරක්ෂක දෙපාර්තමේන්තුව එකඟ විය. මීට අදාළ කටයුත්ත අවළංගු කිරීමට පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික කවුන්සිලය විසින් ගන්නා ලද තීරණය මුළුමනින්ම එම සංවිධායකයන් විසින් ගනු ලැබූ තීරණයක් වන නමුත්, මෙම අවස්ථාවේදීද අතිගරු ජනාධිපතිතුමාගේ ආරක්ෂාව තහවුරු කිරීමේ හැකියාව පොලිස් බලධාරින් විසින් දැනුම් දී තිබිණ.
2010 වසරේදී විදේශ කටයුතු අමාත්‍යවරයා සිදු කළ සංචාරය අතරතුරදී දක්වන ලද විරෝධතාව, පෙර දැනුම්දීමක් සහිතව සිදු කළ විරෝධතාවක් නොවේ. කෙසේ වුවද, මේ පිළිබඳව තොරතුරු ලද වහාම, මහ කොමසාරිස් කාර්යාලය විසින් අදාළ බලධාරින් දැනුවත් කරන ලදී. ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලදී.
ඉන්දියාව
ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන ඉන්දියාව, සාමකාමීව විරෝධතා/ පෙළපාළි පැවැත්වීමේ අයිතිය, මුළුමනින්ම ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංගයක් ලෙස ආරක්ෂා කරයි. එබැවින්, එරට සංචාරය කරන සම්භාවනීය පුද්ගලයන්ට කිසිදු පීඩාවක් හෝ බාධාවක් ඇති නොවන පරිද්දෙන්, රාජ්‍ය නායකයන්/අති සම්භාවනීය පුද්ගලයන් සංචාරය කරන ස්ථානවලට ඈතින් පිහිටි සීමා කරන මායිම් තුළ ප්‍රචණ්ඩකාරී නොවන, සාමකාමී වීරෝධතා පැවැත්වීමට අවසර ලබා දෙනු ලැබේ.
ඕස්ට්‍රේලියාව
ශ්‍රී ලංකාවට එරෙහිව පවත්වන ලද විරෝධතාවට ප්‍රතිචාර වශයෙන්, එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධානයෙන් සහ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් යුතුව අතිගරු ජනාධිපතිතුමාට සහයෝගය පළ කරමින් පැවැති විරෝධතාව නිසා, ශ්‍රී ලංකාවට එරෙහි එම විරෝධතාව අසාර්ථක විය.
කැනඩාව
කැනඩාවේ රෙගුලාසි සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, සාමකාමීව විරෝධතාවක් සංවිධානය කිරීම එහි පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. එහෙයින්, බලධාරින් විසින් එවැනි ක්‍රියාමාර්ගයක් වළක්වනු නොලබයි. කෙසේ වුවද, රාජකීය කැනේඩියානු අශ්වාරෝහක පොලීසිය ඇතුළුව අදාළ කැනේඩියානු බලධාරින් අතිවිශේෂ පුද්ගලයෙකු පැමිණ සිටීම පිළිබඳව දැනුවත් කිරීමට මහ කොමසාරිස් කාර්යාලය කාලෝචිතව පියවර ගත් අතරම, විරෝධතාවයේ ස්වභාවය පිළිබඳව හා සංවිධායකවරුන්ගේ පසු බිම පිළිබඳව ලැබී තිබෙන තොරතුරු ද ඔවුන් වෙත දැනුම් දුන්නේය. මෙම විරෝධතාව පොලිස් මාර්ගෝපදේශවලට අනුකූලව පවත්වන බව තහවුරු කිරීමට කැනේඩියානු පොලීසිය විසින් කටයුතු කරන ලදී.
මෙම තත්ත්වය යටතේ, අදාළ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල, විදේශ කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් විමසීමෙන් අනතුරුව, එම අදාළ රටවල රජයන් සමඟ ඒකාබද්ධව අවශ්‍ය පියවරගෙන ඇත.
(අ) (i) ඔක්ස්ෆර්ඩ් සංගමයේදී පැවැත්වීමට නියමිතව තිබූ දේශනය රාජ්‍ය අංශය විසින් සංවිධානය කළ අවස්ථාවක් නොවන හෙයින්, එය අවළංගු කිරීම සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ රජය විසින් නිල නිවේදනයක් නිකුත් කර නොමැත.
අනෙකුත් සියලුම අවස්ථාවන්හිදී, විරෝධතා සම්බන්ධයෙන් අදාළ රජයන් විසින් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
(ii) ඔක්ස්ෆර්ඩ් සංගමය, අතිගරු ජනාධිපතිතුමාගේ දේශනය අවළංගු කිරීම සම්බන්ධයෙන් සාමාජිකයන් වෙත කනගාටුව ප්‍රකාශ කරමින් පුවත් පත් නිවේදනයක් නිකුත් කළේය. මෙම අවස්ථාව සංවිධානය කළ ඔක්ස්‍ෆර්ඩ් සංගමයේ සභාපතිවරයා, මේ සම්බන්ධයෙන් තම කනගාටුව ප්‍රකාශ කර සිටීම සඳහා අතිගරු ජනාධිපතිවරයා බැහැ දුටුවේය. මේ සඳහා සහභාගී වන අතිසම්භාවනීය පුද්ගලයාගේ, එනම් ජනාධිපතිතුමාගේ ආරක්ෂාව තහවුරු කරන බවට එක්සත් රාජධානි අගනගර පොලීසිය ලබා දුන් සහතිකයද නොතකා, මෙම දේශනය අවළංගු කිරීමට ඔක්ස්ෆර්ඩ් සංගමය ගන්නා ලද ඒකපාර්ශ්වීය තීරණය පිළිබඳව අසතුට පළ කරමින් දෙසැම්බර් 04 වැනි දින ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය ශ්‍රී ලංකා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සංගමය ද ප්‍රකාශයක් නිකුත් කළේය.
(iii) එල්‍ටීටීඊ හිතවාදී හා ශ්‍රී ලංකා විරෝධී ක්‍රියාවල නියැලී සිටින ප්‍රජා සංවිධානවල ක්‍රියාකාරකම් පිළිබඳව ලන්ඩන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිරතුරුවම අදාළ බලධාරින් වෙත කරුණු පැහැදිලි කරයි. සමහර අවස්ථාවලදී, විරෝධතා පිළිබඳව පූර්ව දැනුම්දීම් දූත මණ්ඩලය වෙත ලැබෙන අතර, ඒ පිළිබඳව අදාළ බලධාරින් වෙත දැනුම් දෙනු ලැබේ. සමහර අවස්ථාවලදී, නුදුරු අනාගතයේදී පැවැත්වෙන විරෝධතා පිළිබඳව පොලීසිය දූත මණ්ඩලය දැනුවත් කරයි. කෙසේ වුවද, අති සම්භාවනීය පුද්ගලයෙකු එරටට පැමිණ, ඉතා කෙටි දැනුම් දීමකින් පසු විරෝධතා සංවිධානය කරන ලද අවස්ථා ද තිබේ. විරෝධතාවල පරිමාණය හා විශාලත්වය නිවැරැදිව අනුමාන කළ නොහැකිය. නිදහස්ව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට අනුව, එක්සත් රාජධානියේ රෙගුලාසි මඟින් විරෝධතා සංවිධානය කිරීමේ නිදහස සිය පුරවැසියන්ට ලබා දෙන හෙයින්, විදේශීය අති සම්භාවනීය පුද්ගලයන්ගේ සංචාර අතරතුරදී මෙවැනි විරෝධතා බහුලව සිදු වේ. එරට සංචාරය කරන අති සම්භාවනීය පුද්ගලයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට උපරිම ආකාරයෙන් ආරක්ෂක පියවර ගන්නා බවට එක්සත් රාජධානියේ බලධාරින් සෑම විටෙකම තහවුරු කර තිබේ.
ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතා සහ ඒ හා සමාන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විදේශ රටවල පිහිටි දූත මණ්ඩල, විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ නිරන්තරයෙන් සාකච්ඡා පවත්වයි. ශ්‍රී ලංකාවට එරෙහි විරෝධතා/පෙළපාළි හා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දූත මණ්ඩල වෙත මාර්ගෝපදේශනය සහ උපදෙස් සපයා දෙයි.
අදාළ සත්කාරක රටෙහි ආණ්ඩුව සමඟ උපදේශනයෙන් සහ සම්බන්ධීකරණයෙන් යුතුව, විරෝධතා මැඩලීම සහ වැළැක්වීම සඳහා පියවරගෙන තිබේ.
(ඇ) පැන නොනඟී.
Answered Date
2013-06-20
Answered by
Hon. NEOMAL PERERA, M.P.,, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks