Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
1582/’17
Hon. Kanaka Herath,— To ask the Minister of Disaster Management,—
(a) Will he inform this House—
(i) the number of estates in Kegalle district where landslides were reported and that were landslide prone due to the adverse weather conditions experienced by the country in May 2016;
(ii) the names of estates;
(iii) the number of families who were displaced from landslides and landslide risks occurred due to heavy showers;
(iv) whether permanent houses have been provided for the displaced families;
(v) if not, the places where they are currently residing; and
(vi) a date of which the process to handover houses to the displaced families will be completed?
(b) If not, why?
Asked Date
2017-07-26
Asked by
Hon. Kanaka Herath, M.P.
Ministry
Irrigation and Water Resources & Disaster Management
Legislature
Eighth Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
(අ) (i) වතු සංඛ්‍යාව 14කි. ඒ පිළිබඳ විස්තර ඇමුණුමෙහි සඳහන් වේ. ඇමුණුම සභාගත* කරමි.
(ii) එම වතුවල නම් පහත පරිදි වේ.
|
අනු අංකය |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
ග්‍රාම නිලධාරි වසම |
වත්තේ නම |
අවදානමට ලක් වූ ක්ෂේත්‍ර අංකය හෝ කොටස |
|
01 |
දෙහිඕවිට |
119 හල්ගොඩ |
ඩෙන්ස්වර්ත් |
145612m 193592m (2014 රබර් වගාව) |
|
02 |
|
115 බී බොරලන්කඩ |
අයිලා |
- |
|
03 |
|
123 බටංගල |
වුඩ්න්ඩ් |
යෝගමුව |
|
04 |
|
මඩගම්මන |
තලපිටියවත්ත |
1984 හා 1986 රබර් |
|
05 |
|
123 බටංගල |
ග්ලාසල් |
2008 කොටස |
|
06 |
|
123 බටංගල |
යෝගම |
- |
|
07 |
|
122 ඒ රංගේගම |
රංගේගම |
2015 කොටස |
|
08 |
දෙහිඕවිට හා ඇහැළියගොඩ |
මාදොල හා 137 බී දිවුරුම්පිටිය |
දිව්රුම්පිටිය වත්ත |
138039m 190805m |
|
09 |
බුලත්කොහුපිටිය |
කිරිපෝරුව |
කිරිපෝරුව |
නො. 03 කොටස |
|
10 |
|
නෙව්ස්මියර් ඉහළ |
නෙව්ස්මියර් ඉහළ |
අංක 01 කොටස |
|
11 |
|
නෙව්ස්මියර් ඉහළ |
නෙව්ස්මියර් ඉහළ |
අංක 05 |
|
12 |
|
උඩපොත |
කළුපහන වත්ත |
අරන්දර කොටස |
|
13 |
|
128 පූනාහැල |
ඇඳුරාපොලවත්ත |
බටහිර කොටස |
|
14 |
දැරණියගල |
වත්තේගෙදර |
ඉලුක්තැන්න |
- |
(iii) ආපදා තත්ත්ව වාර්තා අනුව නාය යෑම් හා නාය යෑම් අවදානම් හේතුවෙන් අවතැන් වූවන් ලෙස පවුල් 4853ක ප්‍රමාණයක් හඳුනා ගෙන ඇත. මෙම පිරිස කඳවුරුගත කිරීම් සිදු කර පිසූ ආහාර, වියලි සලාක, අත්‍යවශ්‍ය වෙනත් සහනාධාර ද්‍රව්‍ය ලබා දීම් සිදු කළ අතර, ඉහත හඳුනා ගත් පවුල් අතරින් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් කරන ලද මූලික භූ පරීක්ෂණ මඟින් අධි අවදානම් හා නැවත පදිංචි කළ යුතු පවුල් සංඛ්‍යාව 1965ක් වශයෙන් හඳුනා ගෙන ඇත.
(iv) ඉහත හඳුනා ගත් අධි අවදානම් පවුල් 1965 අතරින් පවුල් 1941ක් සඳහා 2016.07.26වැනි දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ අංක අමප/16/1457/715/012 සහ 2017.04.04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ අංක අමප/17/0709/715/009 අනුව පදිංචිය සඳහා පහත සඳහන් පරිදි නිවාස ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇත.
(අ) රාජ්‍ය අනුග්‍රහය හා ප්‍රතිලාභ ශ්‍රම දායකත්වය යටතේ රජය මඟින් වෙන් කර දුන් ඉඩම් කොටස්වල හා තම පුද්ගලික ඉඩමෙහි පවුල් 997ක් සඳහා නිවාස ඉදිවෙමින් පවතී.
(ආ) නිවසක් සහිත ඉඩමක් තමා විසින් මිල දී ගැනීමට කැමැත්ත ප්‍රකාශ කරන ලද පවුල් 110ක් සඳහා විශේෂ නිර්ණායක යටතේ ගෙවීම් කිරීමට ද පියවර ගෙන ඇත.
(ඇ) පුද්ගලික / රාජ්‍ය නොවන සංවිධාන අනුග්‍රහය යටතේ නිවාස 201ක් ඉදි කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතර, ඒ අතරින් පවුල් 114ක් නිවාසවල පදිංචි කරවීමද පවුල් 17ක් නිවාස ඉදි කිරීම් අවසන්ව පදිංචි කිරීමට නියමිතවද, පවුල් 70ක් සඳහා ඉඩම් හඳුනා ගැනීම හා හඳුනා ගත් ඉඩම්වල නිවාස ඉදි කිරීම් ආරම්භ කිරීමට ද පියවර ගෙන ඇත.
(v) ඉහත පරිදි පදිංචි කිරීම් සිදුවන අතර, ස්ථිර පදිංචිය අවසන් කළ පවුල් හැර ඉතිරි පවුල් තම ඥාති නිවෙස්වල හා ඉදි කිරීම සිදුවන රජයේ ඉඩම්වල අර්ධ තාවකාලික නිවාස වෙත යොමු කර ඇත. තවද අරණායක හා බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පිළිවෙළින් ආරක්ෂිත තාවකාලික කූඩාරම් සහිත ස්ථාන 9ක් හා 6ක් වශයෙන් පදිංචි කර ඇත.
(vi ) නිවාස සකස් කිරීම සඳහා මෙතෙක් ක්‍රියාත්මක ක්‍රමවේදය වූයේ අදියර 5ක් යටතේ සම්පූර්ණ නිවාසය ඉදිකිරීමෙන් අනතුරුව පදිංචි කිරීම වුවත්, මෙම ක්‍රමයෙන් බැහැරව නව ක්‍රමවේදයක් යටතේ නිවාස ඉදිකිරීමත්, ඒ අනුව පදිංචිය කඩිනම් කිරීම සඳහාත් අදාළ ඉඩමෙහි සම්පූර්ණ කළ අත්තිවාරම මත වැසිකිළිය සහිතව එක් කාමරයක් ඉදිකොට පදිංචි කරවීමට පියවර ගෙන ඇත. මෙම ක්‍රමවේදය අනුව අවම වශයෙන් මාස 03ක කාලයක් තුළ වැඩ කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන අතර නිවාස තැනීමට අදාළ ඉඩම් අත්පත් කර ගැනීම සඳහා තවදුරටත් පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට අවශ්‍ය පියවරද ගෙන ඇත. එකී ඉඩම් ගැටලු නිරාකරණය කොට අවසන් වීම සඳහා තවත් මාස 02ක පමණ කාලයක් ගතවනු ඇතැයිද ඉන් අනතුරුව එළඹෙන මාස 02ක කාලය තුළ පදිංචිය සඳහා අවශ්‍ය ඉදි කිරීම් අවසන් කිරීමටද හැකි වනු ඇතැයි අපේක්ෂා කරනු ලැබේ.
(ආ) පැන නොනඟී.
Answered Date
2017-07-26
Answered by
Hon. Dunesh Gankanda, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks