Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
72/’15
Hon. Buddhika Pathirana,— To ask the Minister of Higher Education and Highways,—
(a) Is he aware that—
(i) paddy lands, wetlands and floodplains have been damaged as a result of the Southern, Katunayake-Colombo and Outer Circular expressways;
(ii) the residents in close proximity to expressways are facing the danger of floods due to this reason; and
(iii) this damage caused to the environment affects the balance of environment in the entire country?
(b) Will he inform this House—
(i) whether steps have been taken to save the flood risk areas created due to the expressways from the danger of floods;
(ii) if so, what those steps are;
(iii) whether he has taken steps to conserve the affected eco systems; and
(iv) if so, what those steps are?
(c) Will he also inform this House—
(i) whether there is an integrated programme with the other Ministries connected to the flood risk mentioned in (a) (ii) above; and
(ii) if so, what that programme is?
(d) If not, why?
Asked Date
2015-11-30
Asked by
Hon. Buddhika Pathirana, M.P.
Ministry
Highways & Road Development
Legislature
Eighth Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
(අ) (i) දක්ෂිණ, කොළඹ - කටුනායක හා පිටත වටරවුම් මාර්ග ව්‍යාපෘති I සහ II යන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වැනි රජයේ ආයතනවල අනුමැතිය ලබාගෙන ඇත. එකී අනුමැතියට යටත්ව පාරිසරික බලපෑම් පිළිබඳව එම ආයතනවල කොන්දේසි මත අධිවේගී මාර්ග හේතුවෙන් එම මාර්ග දෙපස ඇති කුඹුරු ඉඩම්, තෙත්බිම් හා ගංගා පිටාර තැනි ආදියට සිදු විය හැකි හානිය අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇත.
(ii) අධිවේගී මාර්ග ඉදිකිරීමට පෙර සිට ගංවතුර තර්ජන පැවති ප්‍රදේශවල තවමත් ගංවතුර අවදානමක් ඇති නමුත්, අධිවේගී මාර්ග නිසා එම තත්ත්වය වර්ධනය වීමක් නිරීක්ෂණය කර නොමැත.
(iii) පරිසර සමතුලිතතාවයට බලපෑමක් සිදු වී ඇති බවට සාධක ඉදිරිපත් වී නොමැත.
(ආ) (i) අධික වර්ෂාවන් පවතින අවස්ථාවල ඇති වන පිටාර වතුර සහ විශාල ගංවතුර බැස යාමේ බාධක පවතින බව නිරීක්ෂණය වූ අවස්ථාවල වහාම එය නිවැරදි කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇත.
(ii) අධිවේගී මාර්ග නිසා එකතු වන අමතර ජල ප්‍රමාණය මඟින් ජල ගැලීම් තත්ත්වයක් ඇති නොවන පරිදි ජලය බැස යාම සඳහා දෙපස ඇති ජලාපවහන මාර්ග පළල් කර සංවර්ධනය කිරීම සිදු කර ඇති අතර, එම ජලාපවහන පද්ධති අවශ්‍ය පරිදි නඩත්තු කිරීමට කටයුතු කරනු ලබයි.
එමෙන්ම අධිවේගී මාර්ග ඉදි කිරීමට ප්‍රථම ඒ සඳහා විධිමත් පාරිසරික බලපෑම් ඇගයීමක් සිදු කර එම ඇගයීම අනුව ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කරමින් අධිවේගී මාර්ග ඉදි කර ඇත.
එම මාර්ග සැලසුම් කිරීමේදී සියලු ජල පෝෂක ප්‍රදේශ සඳහා ජල විද්‍යාත්මක විශ්ලේෂණය, ජල ගැලීම් අවදානමක් ඇති ප්‍රදේශ හඳුනා ගැනීම, සියලු පාලම් හා බෝක්කු සඳහා ජල විද්‍යාත්මක සැලසුම් නිර්මාණය කිරීම යන කරුණු පදනම් කර ගෙන සියලු බෝක්කු හා පාලම් නිර්මාණය කර ඇත.
(iii) අධිවේගී මාර්ග හේතු කොට ගෙන පරිසරයට බලපාන විශේෂ ගංවතුර තත්ත්වයක් මතු වී නොමැති වුවද පරිසර පද්ධතියට ඇති විය හැකි බලපෑම් අවම කිරීම සඳහා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන කාලයේදී පරිසර ඇගයීම් වාර්තාව අනුව අවශ්‍ය පියවර ගෙන ඇත.
(iv) පහත්බිම් හරහා ඉදි කරනු ලබන මාර්ග කොටස් සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව ඉදිරිපත් කර ඇති යෝජනා සැලකිල්ලට ගෙන දිගු පාලම් - viaducts - පාලම්, බෝක්කු හා අනෙකුත් වතුර බැස යාමට අවශ්‍ය ඉදි කිරීම් සිදු කිරීම.
ඉවුරු ඛාදනය වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම.
ඉහත මාර්ග ඉදිකිරීමේදී ජලය බැසයාම සඳහා පවත්නා කුඩා ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම.
කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී මීගමුව කළපුව හරහා වැටී ඇති බැවින්, එමඟින් වන බලපෑම අවම කිරීම සඳහා එම කළපුව විශාල කිරීම.
(ඇ) (i) ඔව්.
(ii) ඉහත සඳහන් මාර්ග සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ අදාළ ව්‍යාපෘතිය නිරන්තර සම්බන්ධීකරණය කරනු ලබයි. තවද, ගොවි සංවිධාන සහ බලපෑමට ලක්වන පුද්ගලයන් සහ පුද්ගල කණ්ඩායම් සමඟ සාකච්ඡා කර අවශ්‍ය කටයුතු සිදු කරනු ලබයි.
(ඈ) පැන නොනඟී.
Answered Date
2016-02-25
Answered by
Hon. Lakshman Kiriella, Attorney at Law, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks