Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
56/’15
Hon. Buddhika Pathirana,— To ask the Minister of Rural Economic Affairs,—
(a) Is he aware that—
(i) farmers do not get a reasonable price for the vegetables that they bring to the Dambulla Dedicated Economic Centre;
(ii) extortionists and middlemen dupe the farmers; and
(iii) extortionists operate with political backing?
(b) Will he state —
(i) whether a course of action has been formulated for ensuring a reasonable price to farmer at the above Economic Centre;
(ii) if so, what that course of action is;
(iii) whether the government has acted to combat the extortionists operating in the Centre; and
(iv) if so, in what manner?
(c) Will he inform this House —
(i) what the objectives and aims of establishing this Centre were; and
(ii) whether that objectives and aims have been achieved?
(d) Will he also inform this House—
(i) how many trade stalls are available in the Centre referred to above;
(ii) what the names and addresses of their owners are;
(iii) how much does the government charge the owners as taxes;
(iv) whether he is aware that the stalls have been sub-leased;
(v) if so, whether he admits that sub-leasing is illegal; and
(vi) why eviction was carried out in respect of the two trade stalls allotted for the farmers’ organizations and farmers’ co-operative society?
(e) If not, why?
Asked Date
2015-12-09
Asked by
Hon. Buddhika Pathirana, M.P.
Ministry
Rural Economic Afffairs
Legislature
Eighth Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
(අ) (i) සාධාරණ මිලක් ලැබේ. ගොවියා විසින් කෙළින්ම පිටස්තර ව්‍යාපාරිකයන් වෙත එළවලු අළෙවි කරන අතර, මිල තීරණය වන්නේ වෙළෙඳ පොළේ පවතින ඉල්ලුම හා සැපයුම මත වේ.
(ii) එසේ සිදු නොවේ.
(iii) පැන නොනඟී. එවැනි සිදුවීමක් මෙතෙක් වාර්තා වී නොමැත.
(ආ) (i) ඔව්.
(ii) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දැනට ඇති තදබදයට හේතු වී ඇත්තේ උතුරු පළාතේ නිෂ්පාදනයන්ද එම වෙළෙඳ මධ්‍යස්ථානයට පැමිණීම නිසා එකම වෙළෙඳ පොළක අධික සැපයුමක් ඇතිවීමය. එබැවින් උතුරු පළාතේ කිලිනොච්චිය ප්‍රදේශයේ දැනටමත් ආර්ථික මධ්‍යස්ථානයක් ඉදි කර අවසන් කර ඇති අතර, වවුනියාව ප්‍රදේශයේ විශාල තොග ආර්ථික මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට 2016 අය වැය මඟින් මුදල් වෙන් කර ඇත. ඒ අනුව වෙළෙඳ පොළේ මිල ස්ථාවර වනු ඇත.
(iii) පැන නොනඟී.
(iv) දිනකට ගොවි ව්‍යාපාරික හා අනෙකුත් පාරිභෝගික ජනතාව දස දහසක් පමණ නිරන්තරයෙන් රැඳී සිටින ස්ථානයක් බැවින් ගොවීන්ගේ හා වෙළෙඳුන්ගේ ආරක්ෂාව හා පහසුව උදෙසා ආර්ථික මධ්‍යස්ථානය තුළ පොලිස් උපපොළක් විවෘත කිරීමට කටයුතු යොදා ඇත.
(ඇ) (i) * එළවලු අළෙවිය සඳහා විධිමත් වූ තොග වෙළෙඳ පොළක් ආරම්භ කිරීම.
ගොවියාට ව්‍යාපාර සඳහා සෘජුව සම්බන්ධ වීමට ඉඩ ලබාදෙමින් අතරමැදියන් අවම කිරීම/සීමා කිරීම.
ගොවිබිමේ සිට පාරිභෝගිකයා අතට එළවලු පත්වීමේදී ඇති වන නාස්තිය, එනම් පසු අස්වනු හානිය සඳහා පිළියමක් යෙදීම.
ගුණාත්මක එළවලු නිෂ්පාදන අළෙවිය තුළින් එළවලු අපනයනය දක්වා ගොවියා රැගෙන යාම.
(ii) පළමු හා දෙවන අරමුණු දැනටමත් ඉටු වී ඇත. පසු අස්වනු හානිය අවම කිරීම සඳහා විශේෂයෙන් එළවලු ප්‍රවාහනයේදී සිදුවන හානිය අවම කර ගැනීම සඳහා සුදුසු වැඩ පිළිවෙළක් සකස් කිරීමට ඉදිරියේදී කටයුතු කරනු ලැබේ. ආර්ථික මධ්‍යස්ථානවලට යාබදව පෞද්ගලික අංශයේ කළමනාකාරිත්වය යටතේ ශීත ගබඩා පහසුකම් වැඩිදියුණු කිරීමට 2016 අය වැය යෝජනා මඟින් ප්‍රතිපාදනය වෙන් කර ඇත.
(ඈ) (i) එළවලු හා පලතුරු අළෙවි ඒකක - 146
ආපන ශාලා - 09
ගබඩා - 01
බැංකු - 01
සම්පූර්ණ ඒකක ප්‍රමාණය - 157
(ii) ඇමුණුම 01 වශයෙන් ඉදිරිපත් කර ඇත. එම ඇමුණුම සභාගත* කරමි.
(iii) එළවලු හා පලතුරු අළෙවි ඒකක සඳහා මාසිකව එක් ඒකකයකින් රු. 22,755 (වැට් සහිතව)
ආපන ශාලාව සඳහා මාසිකව එක් ඒකකයකින් රු. 20,535 (වැට් සහිතව)
ගබඩා රුපියල් 37,185 (වැට් සහිතව)
බැංකු රුපියල් 25,000 (වැට් සහිතව)
(iv). ඔව්.
(v). සෑම කටයුත්තකදීම දැනට පෙනී සිටින්නේ රජය මඟින් කඩ කාමර ලබා දී ඇති බදුකරු වේ. බදු කුලී ගෙවන්නේද එම අයම වේ. මෙම තත්ත්වය මඟ හැරවීමට නව බදු ගිවිසුම් මඟින් නීත්‍යනුකූලව පියවර ගෙන ඇත.
(vi). පැන නොනඟී.
ගොවි සංවිධානයට අංක ඊ-2-5 කඩ කාමරයද, සමුපකාර සමිතියට එෆ්-3-7 කඩ කාමරයද, ආරම්භයේදී එනම්, 1999.04.01 වන දින සිට ලබාදී ඇත. දැනටමත් එම සංවිධාන විසින්ම මෙම කඩ කාමර කරගෙන යනු ලබයි.
(ඉ) පැන නොනඟී.
Answered Date
2015-12-09
Answered by
Hon. P. Harrison, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks