Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
4095/’13
Hon. Anura Dissanayaka,— To ask the Minister of Technology and Research,—
(a) Will he state —
(i) whether the milk powder imports to Sri Lanka contains substances that are harmful to the human body;
(ii) if so, what those substances are; and
(iii) the types of milk powder that contain such substances?
(b) Will he inform this House—
(i) of the name of the institution that carried out tests with regard to the harmful substances contain in milk powder;
(ii) whether the research activities with regard to the above issue has been referred to foreign research institutes;
(iii) if so, the contents of the research reports issued by those foreign institutes; and
(iv) of the courses of action that will be taken with regard to the contaminated milk powder and the importers of such milk powder?
(c) If not, why?
Asked Date
2014-01-24
Asked by
Hon. Anura Dissanayaka, M.P.
Ministry
Technology and Research
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
(අ) (i) ආනයනය කරන ලද කිරි පිටිවල ශරීරයට අහිතකර සංඝටක අඩංගු වන්නේද යන්න සොයා ගත හැක්කේ රසායනාගාර විශ්ලේෂණයන් මඟින් පමණි.
(ii) (iii) සඳහා මා එකවර පිළිතුරු දෙන්නම්.
ආනයනය කරනු ලැබූ කිරි පිටිවල ශරීරයට හානිකර සංඝටක අඩංගු වන්නේද යන්න පරීක්ෂා කිරීමේ වග කීම මාගේ අමාත්‍යාංශයට හෝ, අමාත්‍යාංශය යටතේ ඇති කිසිදු ආයතනයකට පැවරී නැත. 1980 අංක 26 දරන ආහාර පනත යටතේ, ආහාර ද්‍රව්‍යවල සෞඛ්‍යාරක්ෂිතභාවය තහවුරු කිරීමේ වග කීම එකී පනත යටතේ ස්ථාපිත කර ඇති ආහාර අධිකාරියට පැවරී ඇත. තවද, 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත යටතේ පිහිටුවා ඇති පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියටද එම පනතේ විධිවිධාන අනුව, පාරිභෝගික අයිතීන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වග කීම් හා බලතල ඇත.
එනමුත් නවසීලන්තයේ නිෂ්පාදිත ඇතැම් කිරි ආහාරවල ඩයිසයිනමයිඩ් - DCD- ඇති බව 2013 ජුනි මාසයේ අනාවරණය වූ විට වග කිව යුතු පරීක්ෂණාගාරයක් වශයෙන් කාර්මික තාක්ෂණික ආයතනය -ITI- විසින් වෙළෙඳ පොළේ ඇති ආනයනික හා දේශීය වශයෙන් නිෂ්පාදිත කිරි ආහාර වර්ගවල සාම්පල ලබා ගෙන ඒවා පරීක්ෂණයට භාජනය කරන ලදී. කාර්මික තාක්ෂණික ආයතනය -ITI- විසින් ප්‍රථම වතාවට මෙම පරීක්ෂණයන් සිදු කරන ලද්දේ 2013 වසරේ ජූලි මාසයේදීයි.
(ආ) (i) ඉහත සඳහන් කරන ලද පරිදි කිරි පිටි සාම්පල සම්බන්ධයෙන් පරීක්ෂණාගාර විශ්ලේෂණයන් සිදු කරන ලද මගේ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනය වන්නේ කාර්මික තාක්ෂණ ආයතනයයි. මගේ අමාත්‍යාංශයෙන් පිටස්තරව වෙනත් ආයතන විසින් පරීක්ෂණාගාර විශ්ලේෂණයන් සිදු කරන ලද්දේද, එසේ නම් එම ආයතනයන් මොනවාද යන්න ගැන මම නොදනිමි. මෙම ප්‍රශ්නය යොමු කළ යුත්තේ ආහාර අධිකාරිය අයත් වන අමාත්‍යාංශයටය.
(ii) මගේ අමාත්‍යාංශය හෝ කාර්මික තාක්ෂණ ආයතනය විසින් "පර්යේෂණ ක්‍රියාකාරකම්" කිසිවක් විදේශීය පර්යේෂණ ආයතනයන් වෙත යොමු කොට නොමැත.
(iii) පැන නොනඟී.
(iv) කාර්මික තාක්ෂණ ආයතනය -ITI- විසින් පරීක්ෂණාගාර විශ්ලේෂණ සේවාවන් ඉටු කර, ඒ සම්බන්ධයෙන් වාර්තා, අදාළ ඉල්ලීම යොමු කරන ලද බලධාරින්ට නිකුත් කරනු ලබන අතර, ඊට අමතරව වෙනත් පියවර ගැනීමට කිසිදු බලයක් හෝ වගකීමක් මෙම ආයතනයට නැත. වාර්තා අනුව අවශ්‍ය පියවර ගැනීමේ වගකීමක් එම ආයතනයට නැත. මෙම කරුණ මාගේ අමාත්‍යාංශයට හෝ අමාත්‍යාංශය යටතේ ඇති වෙනත් කිසිදු ආයතනයකට අදාළ නොවේ.
ඉහත සදන් කළ පරිදි, අදාළ බලය පැවරී ඇත්තේ ආහාර පනත යටතේය.
(v) පර්යේෂණ වාර්තා පදනම් කර ගනිමින් අවශ්‍ය පියවර ගත යුත්තේ අදාළ බලතල පැවරී ඇති බලධරයන් විසිනි.
(ඇ) ඉහත විස්තර කරන ලද හේතුව නිසා.
Answered Date
2014-03-19
Answered by
Hon. Patali Champika Ranawaka, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks