Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
3681/’13
Hon. Nimal Wijesinghe,— To ask the Minister of Coconut Development and Janatha Estate Development,—
(a) Will he state—
(i) the steps that have been taken to control the situation, as blocking out and auctioning of fertile coconut cultivations has resulted in the reduction of the local production of coconut and in the increase of the price of coconut from time to time;
(ii) the steps that have been taken to encourage small scale coconut cultivation owners;
(iii) the methodology adopted when granting the coconut subsidy; and
(iv) the concessions granted to small scale estate owners who are entering into coconut cultivation anew?
(b) If not, why?
Asked Date
2013-07-24
Asked by
Hon. NIMAL WIJESINGHE, M.P.,, M.P.
Ministry
Coconut Development and Janatha Estate Development
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
ගරු ඒ.පී. ජගත් පුෂ්පකුමාර මහතා
(மாண்புமிகு ஏ.பீ. ஜகத் புஷ்பகுமார)
(The Hon. A.P. Jagath Pushpakumara)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) පොල් ඉඩම් කට්ටි කිරීමේ බලතල 1958 අංක 02 දරන තේ, රබර් සහ පොල් වතු කැබලි කිරීම පාලන පනත මඟින් තේ, රබර් හා පොල් වතු (ඉඩම් කැබලි කිරීම පාලන) මණ්ඩලය වෙත පවරා ඇත. එම මණ්ඩලය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ සෘජුවම පාලනය වේ. කෙසේ නමුත් පොල් ඉඩම් කට්ටි කිරීම සම්බන්ධ ඉල්ලුම්පත්‍ර පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කොට එහි එකඟතාවය ලබා ගන්නා ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වෙත දන්වා ඇත.
මෙම පනත ඉදිරියේදී සංශෝධනය කිරීමට යෝජිතව ඇත. එම සංශෝධනයේදී, දැනට පවතින අක්කර 10ට වැඩි ඉඩම් කට්ටි කිරීම වෙනුවට අක්කර 05ට වැඩි ඉඩම් කට්ටි කිරීම පාලනය කිරීමට අවශ්‍ය කටයුතු, යෝජිත සංශෝධනයේ ඇතුළත් කිරීමට බලාපොරොත්තු වේ.
(ii) පොල් පොහොර සහනාධාරය ක්‍රියාත්මක කිරීම.
කප්රුක පුරවර, කප්රුකයි - සිප්නැණයි, දිවිනැගුම වැඩසටහන් යටතේ නොමිලයේ පොල් පැළ බෙදා දීම.
ආනයනික තෙල් සඳහා බදු පැනවීම මඟින් දේශීය පොල් තෙල් නිෂ්පාදකයන්ට සහන සැලසීම.
පොල් ඉඩම්වල ජල සම්පාදන පද්ධති ඉදි කිරීම සඳහා මූල්‍ය සහනාධාර ලබා දීම.
පොල් ඉඩමේ ඵලදායීතාවය සහ ගොවිපළක් ලෙස සංවර්ධනය සඳහා සහනදායී පොලී අනුපාත යටතේ බැංකු හා ්ඒකාබද්ධව ණය ලබා දීම.
ක්‍රමානුකූලව පොල් වගා කිරීම, පොල් වගාව කුමානුකූලව පවත්වා ගැනීම, නඩත්තු කිරීම, රෝග හා පලිබෝධ මර්දනය පිළිබඳව වගාකරුවන් දැනුවත් කිරීම.
පොල් වගාවේ පලිබෝධ මර්දනය සඳහා යෙදවුම් ලබා දීම.
පොල් ඉඩම් හා පොල් වගාව සංවර්ධනය සඳහා අවශ්‍ය නව තාක්ෂණය ලබා දීම.
පොල් තෙල්වල හා ආනයනික තෙල්වල මිල ගණන් සමානව පවත්වාගෙන යාම සඳහා ආනයනික තෙල් සඳහා ආනයනික බදු පනවා ඇත.
(iii) ඉල්ලුම්පත්‍ර ලබා ගැනීම
ඉල්ලුම්කරුවන් කැඳවා කණ්ඩායම් සාකච්ඡාවක් පැවැත්වීම හා ඉඩමේ අයිතිය තහවුරු කර ගැනීම.
පොල් සංවර්ධන නිලධාරී/ක්ෂේත්‍ර නිලධාරී විසින් ඉඩම් හා ලිපිලේඛන පරීක්ෂා කිරීම.
මූලික පරීක්ෂණ වාර්තාවක් ප්‍රාදේශීය කාර්යාලය වෙත ඉදිරිපත් කිරීම.
ඉල්ලුම්කරු වෙනුවෙන් ලිපිගොනුවක් විවෘත කිරීම.
ප්‍රාදේශීය කාර්යාලය මඟින් බලපත්‍රයක් වගාකරු වෙත නිකුත් කිරීම.
භූමිය සකස් කර ඇති/නැති බව පිළිබඳ වාර්තාවක් පොල් සංවර්ධන නිලධාරී විසින් වගාකරුගෙන් ලබා ගැනීම.
වගාකරු වෙත පැළ නිකුත් කිරීම පිළිබඳ කැඳවීම් ලිපියක් යොමු කිරීම.
කැඳවනු ලබන වගාකරුවන් වෙත පොල් සංවර්ධන නිලධාරී විසින් සහනාධාර ලබා ගැනීමට අවශ්‍ය කටයුතු පිළිබඳ දැනුවත් කිරීම හා අවශ්‍ය තාක්ෂණ උපදෙස් ලබා ගැනීම.
පැළ නිකුත් කිරීමක් නම් පැළ නිකුත් කර, පැළ ලබා ගත් බවට ලදුපත සම්පූර්ණ කර ගැනීම.
(පෞද්ගලිකව පැමිණ පැළ ලබා ගැනීමට කැමැති අයදුම්කරුවන් වෙත වෙනම පොල් පැළ ලබාදීම සිදු කෙරේ.)
මූල්‍ය සහනාධාර ලබාදීමක් නම් ගෙවීම් පරීක්ෂාවක් කිරීම. නිසිපරිදි වැඩ නිමකර ඇති ඉල්ලුම්කරුවන්ගේ බැංකු ගිණුම වෙත මුදල් නිකුත් කිරීම.
(iv) පොල් අලුතෙන් වගා කිරීම සඳහා නොමිලයේ පොල් පැළ ලබා දීම. (අක්කර 1/4 සිට 5 දක්වා)
අවශ්‍ය තරම් පැළ ප්‍රමාණයක් බිම් පැළයක් රු.75කට හා බඳුන්ගත පැළයක් රු. 150ක් වන සහන මිලට ලබා දීම.
පොල් වගාව සඳහා ජල සම්පාදන පද්ධති ඉදි කිරීම සඳහා මූල්‍ය සහනාධාර ලබා දීම.
කාබනික පොහොර නිෂ්පාදනයට හා පොල් වගාවට කාබනික පොහොර යෙදීම සඳහා මූල්‍ය සහනාධාර ලබා දීම.
පොල් ඉඩම් අතුරු භෝග සහිතව ගොවිපළක් ලෙස සංවර්ධනය සඳහා සහනදායී පොලී අනුපාත යටතේ බැංකු හා ඒකාබද්ධ කප්රුක ණය ආයෝජන ක්‍රමය යටතේ ණය ලබා දීම.
ක්‍රමානුකූලව පොල් වගා කිරීම, පොල් වගාව ක්‍රමානුකූලව පවත්වාගැනීම, නඩත්තු කිරීම, රෝග හා පලිබෝධ මර්දනය පිළිබඳව වගාකරුවන් දැනුවත් කිරීම.
පොල් වගාවට ක්‍රමානුකූලව කාබනික හා අකාබනික පොහොර යෙදීම පිළිබඳ වගාකරුවන් දැනුවත් කිරීම හා පොල් වගාවට පොහොර යෙදීම පිළිබඳ වගාකරුවන් දැනුවත් කිරීම.
(ආ) ඉහත පිළිතුර අනුව පැන නොනඟී.
Answered Date
2013-09-03
Answered by
Hon. Jagath Pushpakumara, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks