Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
3600/’13
Hon. Ranjan Ramanayake,— To ask the Minister of Foreign Employment Promotion and Welfare,—
(a) Will he admit that—
(i) Sri Lanka Bureau of Foreign Employment has attached welfare officers to the Sri Lankan Embassies to look into the welfare of the Sri Lankan migrant workers; and
(ii) the Sri Lankan workers who were subjected to various type of mistreatments and harassments did not get a proper service from many of those officers?
(b) Will he inform this House—
(i) of the qualifications taken into consideration in appointing the aforesaid welfare officers;
(ii) of the names and the addresses of those officers; and
(iii) whether steps will be taken to appoint qualified officers with a proper knowledge about International Laws, the language and the culture of the relevant country?
(c) If not, why ?
Asked Date
2013-08-06
Asked by
Hon. Ranjan Ramanayake, M.P.
Ministry
Foreign Employment Promotion and Welfare
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
ගරු ඩිලාන් පෙරේරා මහතා (විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යතුමා)
(மாண்புமிகு டிலான் பெரேரா - வெளிநாட்டு வேலைவாய்ப்பு ஊக்குவிப்பு, நலனோம்புகை அமைச்சர்)
(The Hon. Dilan Perera - Minister of Foreign Employment Promotion and Welfare)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) ඔව්.
(ii) නැත. විදේශයන්හිදී විවිධ ගැටලුවලට මුහුණ පා අදාළ තානාපති කාර්යාලවල සහය අපේක්ෂා කරන විගමනික සේවක මහත්ම මහත්මීන්ට ඔවුන්ගේ ගැටලු නිරාකරණය කර ගැනීමට සියලු සහය ලබා දීමට කටයුතු කර ඇත. මෙයට අමතරව කාර්යාංශය වෙත දේශීය වශයෙන් විගමනික සේවකයන්ගේ ඥාතීන් විසින් සිදු කරනු ලබන පැමිණිලි අදාළ තානාපති කාර්යාල නිලධාරින් වෙත යොමු කර අවශ්‍ය සහන සලසනු ලැබේ.
(ආ) (i) මෙම තනතුරට පත් කිරීමේදී පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබා ගත් උපාධියක් තිබේද කියා බලනවා. නමුත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඇතුළෙන් බඳවා ගැනීමේදී උපාධියක් නොමැති වුණත් එයට සමාන සුදුසුකම් සහ කාර්යාංශයේ වැඩ කිරීමේ සේවා පළපුරුද්දත්, ඊට අමතරව ඉංග්‍රීසි භාෂාව සහ තමා සේවයට යන තානාපති කාර්යාලය තිබෙන රටේ භාෂාව පිළිබඳ ප්‍රවීණතාවක් තිබීම අමතර සුදුසුකමක් සේ සලකා බලනු ලැබේ.
(ii) පත් කර ඇති එම නිලධාරින්ගේ නම් සහ ලිපිනයන් මේ සමඟ ඇති ඇමුණුමෙහි දක්වා තිබෙනවා. ඇමුණුම සභාගත* කරමි.
(iii) ඔව්. මම අමාත්‍යාංශය භාර ගත්තාට පස්සේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික සබඳතා අංශය මඟින් විශේෂයෙන් පවත්වනු ලබන ජාත්‍යන්තර නීති-රීති හා ආගමික පසුබිම, සංස්කෘතික කටයුතු පිළිබඳ පාඨමාලා සඳහා යොමු කර ඒ අවශ්‍ය දැනුම හා කුසලතා වර්ධනය කරනු ලබන අතර ඉන් අනතුරුව කාර්යාංශයේ විවිධ අංශ වෙත යොමු කර ප්‍රායෝගික දැනුම අදාළ නිලධාරින්ට ලබා දෙනු ලැබේ.
ඒ පාඨමාලාවලින් සමත් වන අයට ඉදිරියේදී කාර්යාංශය ඇතුළෙන් පත්වීම් ලබා දීමේදි ප්‍රමුඛතාව දෙන්න කටයුතු කරනවා. ඒ වාගේම IOM සහ ILO ආයතනත් එක්ක එකතු වෙලා ගිය අවුරුද්දේ ජෝර්දාන් නගරයේදීත්, මේ අවුරුද්දේ ලංකාවේදීත් දැනට පිට රට වැඩ කරන සුබසාධන නිලධාරින් සහ ඒ සුබසාධන නිලධාරින් එක්ක ලංකාවෙන් සම්බන්ධ වෙලා ඉන්න නිලධාරිනුත් එක්ක පිට රට ඉන්න විශේෂඥයිනුත් ගෙනැල්ලා ඒ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන පාඨමාලා දෙකක් පැවැත්වූවා.
(ඇ) පැන නොනඟී.
*සභාමේසය මත තබන ලද ඇමුණුම:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :
Annex tabled:
Answered Date
2013-10-08
Answered by
Hon. Dilan Perera, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks