Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
3595/’13
Hon. (Mrs.) Anoma Gamage,— To ask the Minister of Education Services,—
(a) Will he inform this House—
(i) of the amount spent by the government on the programme to provide a free mid-day meal to school children, within the last 5 years;
(ii) of the persons who make decisions regarding the meal provided to the children;
(iii) whether a follow up is done to check proper implementation of the instructions given with relevance to the provision of meals;and
(iv) if so, by whom it is done?
(b) Will he also inform this House—
(i) whether he admits that the programme to provide free mid-day meal to school children is being implemented at a satisfactory level; and
(ii) if so, the reasons for such admission?
(c) If not, why?
Asked Date
2013-09-03
Asked by
Hon. (Dr.)(Mrs.) Anoma Gamage, M.P.
Ministry
Education Services
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
ගරු දුමින්ද දිසානායක මහතා
(மாண்புமிகு துமிந்த திசாநாயக்க)
(The Hon. Duminda Dissanayake)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අමාත්‍යාංශය පිහිටෙව්වාට පසු අහපු පළමුවැනි ප්‍රශ්නය. කනගාටු වෙනවා, ප්‍රශ්නය අහපු ගරු මන්ත්‍රීතුමිය සභාවේ නොමැති වීම ගැන. එම නිසා මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i)
|
වර්ෂය |
වැය කළ මුළු මුදල (රුපියල් මිලියන) |
|
2012 |
2655 |
|
2011 |
2630 |
|
2010 |
2486 |
|
2009 |
2341 |
|
2008 |
1648 |
|
එකතුව |
11760 |
(ii) පහත සංයුතියෙන් යුත් කමිටුවක් මඟිනි.
පෝෂණ විශේෂඥයන්
වෛද්‍යවරුන්
අධ්‍යාපන නිලධාරින්
(iii) ඔව්.
(iv) අධ්‍යාපන නිලධාරින් සහ සෞඛ්‍ය නිලධාරින් විසින් පහත අදියර යටතේ සිදු කරනු ලැබේ.
පාසල් මට්ටමින්
විදුහල්පති සහ පන්ති භාර ගුරු භවතුන් විසින්.
කලාප මට්ටම
පාසල් 10කට එක් නිලධාරියකු බැගින් වනසේ අධ්‍යාපන නිලධාරින්/ගරු උපදේශකවරුන් ගෙන් යුත් කණ්ඩායමක් විසින් වාරයකට වරක් නියාමන වාර්තාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වෙත ලබා දීම සිදු කෙරේ.
සෑම කලාපයකටම වැඩසටහන භාර නිලධාරියකු පත් කිරීම හා විශේෂ ගැටලු සහිත අවස්ථා එම නිලධාරියා විසින් පරීක්ෂා කරනු ලැබේ.
පළාත් මට්ටම
පෝෂණ වැඩසටහන භාර නිලධාරියකු සෑම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවකටම පත් කර ඇත.
සෑම වාරයකදීම තම අධ්‍යාපන කලාපවල වැඩසටහන පිළිබඳ නියාමනය කරනු ඇත.
රේඛීය අමාත්‍යාංශ මට්ටමින්
අහඹු ලෙස තෝරා ගත් පාසල්වල වැඩසටහන නියාමනය සිදු කිරීම හා එමඟින් හඳුනාගත් ගැටලු පිළිබඳ විශේෂ සොයා බැලීම් සිදු කිරීම.
මසකට වරක් පළාත් නිලධාරින් සමඟද, පාසල් වාරයකට වරක් කලාප නිලධාරින් සමඟද, ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම හා ප්‍රායෝගික ගැටලු පිළිබඳ සොයා බැලීම සිදු කෙරේ.
සෞඛ්‍ය අංශය මඟින්
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මඟින් වැඩසටහන පිළිබඳ පරීක්ෂා කිරීම සිදු කෙරේ.
දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් විසින් මාසික රැස්වීම් පවත්වා ප්‍රගති සමාලෝචනය සිදු කෙරේ.
(ආ) (i) ඔව්.
(ii) පාසල් සිසුන් සඳහා ආහාර ලබා දීමේ වැඩසටහනේ අරමුණු ඉටු වී තිබේද යන්න අනාවරණය කර ගැනීම අධ්‍යයනයක් මඟින් සිදු කෙරේ. 2012 වර්ෂයේ සිදු කරනු ලැබූ එම අධ්‍යයනයේ ප්‍රතිඵල තුළින් වැඩසටහනේ සාර්ථකත්වය හඳුනා ගැනීමට හැකි වී ඇත.
මෙම අධ්‍යයනය සඳහා තෝරා ගනු ලැබුවේ පසු ගිය වසර 05 තුළදීම ආහාර ලබා දීමේ වැඩසටහනේ ප්‍රතිලාභ ලැබූ සිසුන්ය. 1 සිට 5 ශ්‍රේණි දක්වාම මෙම සිසුන්ට ආහාර සපයා ඇත. එම අධ්‍යයනයෙන් අනාවරණ කර ගන්නා ලද තොරතුරු පහත සඳහන් පරිදි වේ.
පාසල් පැමිණීම වර්ධනය වීම
සාමාන්‍ය අගය 87.77% දක්වා.
පෝෂණ තත්ත්වය වර්ධනය වීම
නිසි පෝෂණයෙන් හෙබි සිසුන් 79% සිට 86% දක්වා
පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය
70%කට වඩා වැඩි ලකුණු ලබාගත් සිසු ප්‍රතිශතය 53%කින් වැඩි වීම.
උදෑසන ක්ලාන්ත වීමේ අවස්ථා අවම වී ඇත.
(ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ අදහස් අනුව)
අධ්‍යයන කටයුතුවල ක්‍රියාකාරි සහභාගිත්වයක් ලැබීම.
(ගුරුවරුන්ගේ අදහස් අනුව)
ආහාර පුරුදු / සෞඛ්‍ය පුරුදු පිළිබඳ සිසු චර්යා සංවර්ධනය වීම.
(නිරීක්ෂණ වාර්තා සහ සිසු තොරතුරු අනුව)
පාසල්වල ජල හා සනීපාරක්ෂක පහසුකම්වල තත්ත්වය සංවර්ධනය වීම
සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු පිහිටුවීම
(පාසල් 8903ක)
මෙයට අමතරව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගෙන් හා පාසල් වෛද්‍ය පරීක්ෂණ තුළින් අනාවරණ කරගන්නා ලද තොරතුරු අනුව පාසල් සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් සංවර්ධනය වීමට ආහාර ලබා දීමේ වැඩසටහන හේතු වී ඇති බව පැහැදිලි වේ.
(ඇ) අදාළ නොවේ.
Answered Date
2013-09-03
Answered by
Hon. Duminda Dissanayake, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks