01

සි   |     |  

 Date: 2012-10-25   Answered 

2853/2012: ELIMINATION OF TORTURE OF WOMEN AND CHILDREN : PROCEDURES

2853/’12

Hon. Ajith P. Perera,— To ask the Minister of Power and Energy,—

(a) Is he aware that a project called “Kudankulam Nuclear Power Plant” is being implemented in Kanyakumari District in the State of Tamilnadu in India?

(b) Will he state—

(i) the capacity of the aforesaid nuclear power plant;

(ii) the distance to the territorial waters of Sri Lanka from the aforesaid nuclear power plant;

(iii) the distance to Sri Lanka from the place where the aforesaid nuclear power plant is situated;

(iv) whether the Site Evaluation Study Report of the aforesaid nuclear power plant has been received by the Sri Lankan government;

(v) whether the Safety Analysis Report of the aforesaid nuclear power plant has been received by the Sri Lankan government; and

(vi) whether the above mentioned reports will be tabled?

(c) Will he inform this House—

(i) of the studies conducted by the Sri Lankan government on the possible impacts on the environment of Sri Lanka that can be caused by the aforesaid power plant;

(ii) whether the reports of those studies will be submitted to this House; and

(iii) of the steps taken by the government of Sri Lanka to prevent damage caused to the environment of Sri Lanka by the aforesaid nuclear power plant ?

(d) If not, why?

 

Asked Date

2012-10-25

Asked by

Hon. Ajith P. Perera, M.P.

Ministry

Power & Energy

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු පාඨලී චම්පික රණවක මහතා (විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා)

(மாண்புமிகு பாட்டளி சம்பிக ரணவக்க - மின்வலு, எரிசக்தி அமைச்சர்)

(The Hon. Patali Champika Ranawaka - Minister of Power and Energy)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා මුලින්ම ස්තුතිවන්ත වනවා, අපේ ගරු අජිත් පී. පෙ‍රේරා මන්ත්‍රීතුමාට  මෙම ප්‍රශ්නය ඇසීම ගැන. මොකද, මේ පිළිබඳව විවිධ ආකාරයෙන් විවිධ ජනමාධ්‍යවල පළ වූ නිසා ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට මා එතුමාගෙන් පොඩි වේලාවක් ඉල්ලා සිටිනවා. ඇතැම් මාධ්‍ය හා පුද්ගලයින් මා ප්‍රකාශ කළේ යැයි සඳහන් කරමින්, ඇතැම් විට ඉන්දියාවේ හෝ විදේශ මාධ්‍ය උපුටා ගනිමින් කුඩන්කුලම් බලාගාරයෙන් කිසිදු අනතුරක් සිදු නොවන්නේ යැයි වාර්තා කර තිබෙනවා. ඒ වාගේම තවත් මාධ්‍ය හා පුද්ගලයින් මා ප්‍රකාශ කළේ යැයි සඳහන් කරමින් ඇතැම් විට ඉන්දීය හෝ විදේශීය මාධ්‍ය උපුටා ගනිමින් එකී බලාගාරයෙන් ලක්ෂ 15ක පමණ ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත අනතුරේ හෙළා ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.

 

මෙහිදී මා ප්‍රකාශ කරන්න ඕනෑ, න්‍යෂ්ටික බලාගාරයක ආරක්ෂාව පිළිබඳව ඕනෑම රටක් අනිවාර්යෙන්ම සියයට 100ක සහතිකයක් ලබා දෙන බවත්, ඒවා අන්තර්ජාතික වශයෙනුත් නිරීක්ෂණය වන බවත්. එසේ වුණත් න්‍යෂ්ටික අනතුරු හෝ විකිරණ කාන්දු වීම් පිළිබඳව, ඒවා කිසි දා කිසිම ආකාරයකින් සිදු නොවනවාය කියලා මා හට හෝ වෙනත් කිසිම අයකුට ප්‍රකාශ කරන්න බැහැ. කළ හැකි එකම දේ, මෙවැන්නක් ඇති වීම වැළැක්වීමත්, ඒ වාගේම එවැන්නක් ඇති වුණොත් ක්‍රියාත්මක කිරීම සඳහා පිළියම් යෙදීමත් පමණයි.

 

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අද ලෝකය ගත්තොත් න්‍යෂ්ටික ප්‍රතිකාරක - nuclear reactors - 454ක් රටවල් 36ක තිබෙනවා. ඉන්දියාවේ දැනට බලාගාර 8ක ප්‍රතිකාරක 20ක් ක්‍රියාත්මක කර තිබෙනවා. තවත් 4ක් ඉදි කරමින් තිබෙනවා. තවත් 10ක් සැලසුම් කර තිබෙනවා. ඒ වාගේම තවත් ප්‍රතිකාරක 15ක් යෝජනා කර තිබෙනවා. පළමු න්‍යෂ්ටික ප්‍රතිකාරකය ඉන්දියාවේ ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ 1969 ඔක්තෝබර් මාසයේ 28වන දායි.

 

දැන් මා මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුර දෙන්නම්.

(අ) ඔව්. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනුයේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුනෙල්වේලි දිස්ත්‍රික්කයේයි. එතුමා කියා තිබෙන දිස්ත්‍රික්කයේ නොවෙයි තිබෙන්නේ තිරුනෙල්වේලි දිස්ත්‍රික්කයේයි.

(ආ) (i) දැනට මෙගා වොට් 2,000යි. ඉදිරියේදී මෙගා වොට් 6,000 දක්වා වැඩි කරන්න අවශ්‍ය පියවර ගන්නවා.

 

(ii)    කිලෝමීටර් 100ක් පමණ.

(iii) කල්පිටියට කිලෝමීටර් 220ක් පමණ දුරින්.  (කෙටිම දුර)

(iv)   නැත.

(v)    නැත.

(vi)   ඉහත (iv) හා (v) අනුව පැන නොනඟී.

 

(ඇ)     (i)    මෙම විදුලි බලාගාරයට සෘජුව අදාළ නොවූවද, අන්තර් ජාතික පරමාණුක බලශක්ති ආයතනය මඟින් නිකුත් කර ඇති විකිරණශීලී හදිසි අවස්ථාවලට සූදානම් වීම හා සැලසුම් සකස් කිරීමේ නිර්ණායක සහිත වාර්තාවේ දත්ත මත පදනම්ව පරමාණුක බලශක්ති අධිකාරිය විසින් පරිසරය කෙරෙහි ඇති විය හැකි බලපෑම් තක්සේරු කර ඇති අතර අදාළ වාර්තාව සමාලෝචනය කෙරෙමින් පවතී.

(ii) නැත. ඉහත දැක් වූ පරිදි වාර්තාව සමාලෝචන අවස්ථාවේ පවතී.

(iii) න්‍යෂ්ටික විදුලි බලාගාරයක හදිසි අනතුරක් ඇති වීමක් සිදු වීමේ හැකියාව ඉතා විරලය. එවැනි හදිසි අනතුරක් ඇති වුවහොත් එය අන්තර් ජාතික පරමාණුක බලශක්ති ආයතනය විසින් නිර්දේශ කර ඇති විද්‍යාත්මක ප්‍රවේශයක් වන විකිරණශීලී ආපදා කළමනාකරණ සැලසුම්කරණයක් තුළින් කළමනාකරණය කර ගත හැකිය. පරමාණුක බලශක්ති අධිකාරිය මේ වන විටත් විකිරණශීලී ආපදා කළමනාකරණ වැඩසටහනක් සකස් කර ඇත. ඒ අනුව, පහත සඳහන් පියවර ගෙන ඇත.

1.  න්‍යෂ්ටික ආපදා පිළිබඳ පූර්ව අනතුරු හැඟවීමේ පද්ධතියක් ස්ථාපිත කිරීම.

2. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා එක්ව විකිරණශීලී ආපදා සැලැස්මක් කෙටුම්පත් කර අවශ්‍ය මානව සම්පත් බඳවා ගැනීමට කටයුතු කිරීම.

3. විමර්ශන උපකරණ වැනි ‍භෞතික සම්පත් ශක්තිමත් කිරීම පිණිස අය වැය ඇස්තමේන්තු හරහා අරමුදල් ලබා ගැනීමට කටයුතු කිරීම.

4. ද්විපාර්ශ්වික සහයෝගිතාව ලබා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියානු රජය සමඟ සාකච්ඡා සිදු කිරීම.

5. පරමාණුක බලශක්ති අධිකාරියද මේ වන වි‍ට ජාතික විකිරණශීලී ආපදා කළමනාකරණය පිළිබඳ ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවා වසර කිහිපයකින් අංග සම්පූර්ණ ආයතනයක් ලෙසට සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘති යෝජනාවක් සකස් කර ඇති අතර එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

(ඈ) පැන නොනඟී.

 

 

Answered Date

2012-10-25

Answered by

Hon. Patali Champika Ranawaka, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks