05

සි   |     |  

 Date: 2013-06-20   Answered 

2575/2013: DIVINEGUMA PROGRAMME : DEVELOPMENT PROJECTS

2575/’12

Hon. Sajith Premadasa,— To ask the Minister of Economic Development,—

(a) Will he state—

(i) the development projects implemented under Divineguma Programme;

(ii) the number of Grama Niladari Divisions covered by the aforesaid programmes;

(iii) the number of families that have been attached to Divineguma Programme from one Grama Niladari Division; and

(iv) the total number of beneficiary families of the aforesaid project ?

(b) Will he inform this House of—

(i) the total amount of money allocated for Divineguma Programme in millions;

(ii) the targets of the aforesaid programme; and

(iii) the extent to which those targets have been accomplished by now ?

(c) If not, why?

 

Asked Date

2013-06-20

Asked by

Hon. Sajith Premadasa, M.P.

Ministry

Economic Development

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා (ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு சுசந்த புஞ்சிநிலமே - பொருளாதார அபிவிருத்தி பிரதி அமைச்சர்)

(The Hon. Susantha Punchinilame - Deputy Minister Economic Development)

ගරු කථානායකතුමනි, ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.

(අ)          (i)      ඉසුරුමත් නිවහනක් අසිරිමත් මව් බිමක් යන තේමාව පාදක කර ගනිමින් ආරම්භ කරන ලද දිවි නැගුම ජාතික ව්‍යාපාරයේ අපේක්ෂිත අරමුණු කිහිපයකි.

 

විශේෂිත අරමුණු

01. ජනතා සහභාගිත්වයෙන් ශක්තිමත් ගෘහ ආර්ථික මඟින් පවුල් සවිබල ගැන්වීම.

02. ආහාර නිෂ්පාදනය වැඩි කිරීමෙන් ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම.

03. පරිසර හිතකාමී ජීවන රටාවකට ජනතාව හුරු කිරීම.

04. ජනතාව‍ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම.

05. ජීවන වියදම අඩු කිරීම.

06. අතිරික්ත නිෂ්පාදන අළෙවිය මඟින් අමතර ආදායම් ලබා දීම.

07. ව්‍යවසාය සංවර්ධනය මඟින් ස්වයං රැකියා පුළුල් කිරීම හා ආදායම ඉහළ නැංවීම.

08. දේශීයව නිෂ්පාදනය කළ හැකි භෝග වර්ග වගා කර එමඟින් ආනයනය අඩු කිරීම හා විදේශ විනිමය ඉතිරි කර ගැනීමට දායක වීම.

09. අපනයනය මූලික කර ගත් නිෂ්පාදන වැඩිදියුණු කිරීම තුළින් විදේශ විනිමය පුළුල් කිරීම.

10. ‍සාරධර්මවලින් පිරි ගුණගරුක සෞඛ්‍ය සම්පන්න සමාජයක් බිහි කිරීම.

11. ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළින් අඩු ආදායම්ලාභීන්ට මූල්‍ය පහසුකම් පුළුල් කිරීම.

12. දිවි නැඟුම ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කිරීම.

13. සියයට 8.9ක් වන දරිද්‍ර ජනගහනය 2016 වන විට සියයට 4 දක්වා අඩු කිරීමට හඳුනා ගත් පවුල් සඳහා ඒකාබද්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

14. අවිධිමත් ආර්ථික ක්‍රියාකාරකම්වල නිරතවන්නන් විධිමත් කිරීම මඟින් ආදායම් වැඩි කිරීම හා රැකියා අවස්ථා සුරක්ෂිත කිරීම.

15. ජීවත් වීම සඳහා සුදුසු ආරක්ෂාකාරී පිරිසිදු පරිසරයක් ඇති කිරීම.

16. සංචාරක ව්‍යාපාරය තුළින් දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සහ එම කර්මාන්තවල නියුක්තවන්නන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම.

ඒ අනුව ඉහත අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කෘෂි, පශු සම්පත් හා ධීවර ව්‍යවසායකත්ව සංවර්ධනය සහ අළෙවිකරණය යන ක්ෂේත්‍ර ඔස්සේ විවිධ ව්‍යාපෘති රාශියක් ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කරමින් පවතී.

(ii) ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව 14,022කි.

(iii) 2012 වර්ෂයේ මිලියන 05ක් පමණ වූ සමස්ත පවුල් සංඛ්‍යාව මෙම වැඩ පිළිවෙළට සම්බන්ධ කර ගනු ලැබිණි.

(iv) පවුල් මිලියන 05ක් පමණ.

(ආ) (i) ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ප්‍රමුඛ අනිකුත් රේඛීය අමාත්‍යාංශවලින් ලබා දෙන ප්‍රතිපාදන මඟින්, විශේෂ සංවර්ධන ව්‍යාපෘති අරමුදල් මඟින්, බැංකු ණය යෝජනා ක්‍රම, රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම ඇතැම් අවස්ථාවලදී පෞද්ගලික අංශය මඟින් ද මෙම වැඩසටහන සඳහා අරමුදල් සපයනු ලැබේ.

(ii) * එළවලු හා පලතුරු පාරිභෝජනය- [බාධා කිරීමක්]

මිලියනවලින් උත්තර දෙන්න බැහැ, ගරු මන්ත්‍රීතුමා. මොකද, අපට නිශ්චිත ගණනක් කියන්න බැහැ. අපි 2011 වර්ෂයේදී පටන් ගත්ත මේ වැඩසටහන 2016 වසරේ තමයි අවසන් කරන්න බලාපොරොත්තු වන්නේ. අද වන කොට මිලියන 5ක් පමණ වූ පවුල් සංඛ්‍යාවක් අපි මේකට සම්බන්ධ කර ගෙන තිබෙනවා. විවිධ ආයතන, ඒ කියන්නේ රජයේ ආයතන විතරක් නොවෙයි-[බාධා කිරීමක්]

 

කථානායකතුමා

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

ඉස්සෙල්ලා ප්‍රශ්නයට උත්තර දීලා ඉන්න.

 

ගරු  සුසන්ත පුංචිනිලමේ මහතා

(மாண்புமிகு சுசந்த புஞ்சிநிலமே)

(The Hon.  Susantha Punchinilame)

ගරු මන්ත්‍රීතුමා, එම වැඩසටහනේ ඉලක්කයන් නැවත මා ඔබතුමාට කියවන්නම්.

(ii) * එළවලු හා පලතුරු පාරිභෝජනය සියයට 60කින් ඉහළ නැංවීම සඳහා ගෙවතු සංවර්ධනයට පලතුරු පැළ වර්ග සහ එළවලු වර්ග වගා කිරීමට අවශ්‍ය යෙදවුම් ලබා දීම. පලතුරු පැළ සමස්ත අවශ්‍යතාවයෙන් සියයට 50ක් සපුරාලීම.

* ජාතික පොල් නිෂ්පාදනයෙන් සියයට 40කට දායක වීමට අවශ්‍ය පොල් පැළ ගෙවතුවලට ලබා දීම.

* ඒ සඳහා අවශ්‍ය පැළ තවාන් ඇති කිරීම සඳහා ආරක්ෂිත දැල් ගෘහ ඒකක ස්ථාපිත කිරීම.

* බිත්තර පරිභෝජනය සියයට 40කින් ඉහළ නැංවීමට එක් ගෘහ ඒකකයකට උපරිමය කිකිළි පැටවුන් 10 බැගින් ලබා දීම.

 

* දියර කිරි නිෂ්පාදනය දිරිමත් කිරීමට කිරි ගව පාලනය සියයට 40කින් ඉහළ නැංවීමට අවශ්‍ය පහසුකම් ලබා දීම.

* එළුවන් පාලනය සහ ඌරු පාලන ව්‍යාපෘති ඇති කිරීම.

* මත්ස්‍ය පරිභෝජනය හා විසිතුරු මත්ස්‍ය කර්මාන්ත තුළින් ආදායම් උත්පාදනය ඉහළ නැංවීමට ධීවර ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම.

* අමතර ආදායම් මාර්ග උත්පාදනය කිරීමට ගෘහස්ථ කර්මාන්ත සියයට 40ක් ස්ථාපිත කිරීම මඟින් එම පවුල් රටේ ආර්ථික අභිවෘද්ධිය සඳහා දායක කර ගැනීම.

* මී මැසි පාලනය ප්‍රවර්ධනය කිරීම තුළින් මී පැණි නිෂ්පාදනය සියයට 60කින් දේශීයව සපුරා ගැනීමට දායක වීම.

* කිතුල් පැණි නිෂ්පාදනය සියයට 50කින් ඉහළ නැංවීමට අවශ්‍ය පහසුකම් සැලසීම.

* එක් ග්‍රාම නිලධාරි වසමකින් අවම වශයෙන් අඩු ආදායම්ලාභී පවුල් 50ක් ප්‍රථමයෙන් තෝරා ගෙන ආර්ථික, සාමාජයීය හා අධ්‍යාත්මිකව පවුල් 700,000ක් සවි බල ගැන්වීම.

(iii) කෘෂි, පශු, ධීවර හා ගෘහස්ථ කර්මාන්ත ක්ෂේත්‍රයන්හි ගෘහස්ථ මට්ටමින් අපේක්ෂා කරනු ලබන ජාතික ඉලක්කයන් සාර්ථකව මේ වන විට සපුරාලමින් සිටින අතර, එය මේ වන විට සමස්ත ඉලක්කවලින් සියයට 35ත්, 40ත් අතර ළඟා කරගෙන ඇත. විශේෂයෙන්ම 2016 වනවිට අපේක්ෂිත සියලුම ඉලක්කයන් සපුරා ගැනීම සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතී.

(ඇ) අදාළ නොවේ.

 

Answered Date

2013-06-20

Answered by

Hon. Susantha Punchinilame, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks