Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
2563/’12
Hon. Sajith Premadasa,— To ask the Minister of Child Development and Women’s Affairs,—
(a) Will he state—
(i) the programmes launched by the National Committee on Women for the betterment of women;
(ii) the amount of money allocated in the years 2008,2009,2010 and 2011 to implement the aforesaid programmes, separately; and
(iii) whether an adequate service has been rendered for the betterment of women through the programmes which are implemented using the aforesaid allocations ?
(b) If not, why?
Asked Date
2013-06-07
Asked by
Hon. Sajith Premadasa, M.P.
Ministry
Child Development & Women's Affairs
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
ගරු තිස්ස කරල්ලියද්ද මහතා
(மாண்புமிகு திஸ்ஸ கரல்லியத்த )
(The Hon. Tissa Karalliyadde)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) අමාත්‍ය මණ්ඩලය මඟින් අනුමත කාන්තා ප්‍රඥප්තියෙන් මෙන්ම වෙනත් ජාත්‍යන්තර සම්මුතීන් හා වැඩ සටහන් මඟින් ප්‍රකාශිත අයිතිවාසිකම් තහවුරු කිරීම හා ආරක්ෂා කිරීම අරමුණු කරගෙන කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කොට සමානාත්මතාව තහවුරු කිරීම උදෙසා පහත සඳහන් වැඩ සටහන් ක්‍රියාත්මක කරනු ලබයි.
1. ප්‍රතිපත්තිමය ක්‍රියාකාරකම්
2. පැමිණිලි මධ්‍යස්ථාන පවත්වා ගෙන යෑම
3. නීති සංශෝධනය
4. පර්යේෂණ/අධ්‍යයන
5. ස්ත්‍රී පුරුෂ සමාජ හිංසනයන් වැළැක්වීම උදෙසා හා කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වැඩ සටහන් පැවැත්වීම
6. දේශපාලනයේ කාන්තා නියෝජය වැඩි කිරීම උදෙසා වැඩ සටහන් දියත් කිරීම
7. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ පරිදි ඉන්දීය සම්භවයකින් යුතු වතු ප්‍රජාව හා උතුරු නැඟෙනහිර ප්‍රජාව පාදක කර වැඩ සටහන් මාලා සංවිධානය කිරීම හා පැවැත්වීම
විස්තර සඳහා ඇමුණුම 1 බලන්න.
(ii)
වෙන් කළ මුදල (මහා භාණ්ඩාගාරය) (රුපියල් මිලියන)
2008 2009 2010 2011
වාර්ෂික ප්‍රතිපාදන 6.0 3.4 3.0 5.0
විස්තර සඳහා ඇමුණුම 2 බලන්න.
(iii) ඔව්.
ජාතික කාන්තා කමිටුවේ විෂයය ක්ෂේත්‍රයට පැවරී ඇති බලතල ප්‍රකාර එම කමිටුව ඉටු කර ඇති කාර්ය භාරය අතිමහත්ය. එමෙන්ම මෙම ප්‍රතිපාදන උපයෝගී කර උපරිම සේවාවක් ඉටු කර ඇති අතර, සමාජයීය වශයෙන් ජනතාව ලද ප්‍රතිලාභ අතිමහත් ය.
විශේෂයෙන් දියත් කරන ලද මෙම වැඩ සටහන් දිස්ත්‍රික් මට්ටමින් හා ප්‍රාදේශීය මට්ටමින්, දිසාපතිවරුන්ගේ, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මෙන්ම රාජ්‍ය සේවයේ පහළ ස්ථර දක්වාත්, ගම් මට්ටමින් ග්‍රාමීය සංවිධාන හා ස්වේච්ඡා සංවිධාන සහායෙන් ඉටු කරනු ලබන සේවාවන් සමාජගත කිරීමටත් උපරිම උත්සාහය දරා ඇත.
විස්තර සඳහා ඇමුණුම 2 බලන්න.
ඇමුණුම් සහාගත* කරමි.
(ආ) අදාළ නොවේ.
*සභාමේසය මත තබන ලද ඇමුණුම්:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :
Annexs tabled:
Answered Date
2013-06-07
Answered by
Hon. TISSA KARALLIYADDA, M.P.,, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks