Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
2471/’12
Hon. Ravi Karunanayake,— To ask the Prime Minister and Minister of Buddha Sasana and Religious Affairs,—
(a) Will he state—
(i) the amount of money spent on Agro-Promotional Farms established in line with the “Deyata Kirula” exhibition at Anuradapura;
(ii) the benefits accrued by those farms; and
(iii) as to where the 500 cows owned by the Oyamaduwa farm prior to holding the “Deyata Kirula” are now being located?
(b) Will he also state—
(i) the amount of money spent on permanent water supply scheme established in parallel to “Deyata Kirula” exhibition; and
(ii) the number of families benefited by that project after completion of the “Deyata Kirula”?
(c) Will he informed this House-
(i) the cost incurred to run the Oyamaduwa - Manissagamuwa -Thanthirimale train;
(ii) the income and other benefits earned by that train for 9 days during which “Deyata Kerula” was held; and
(iii) the amount spent to dismantle and remove the physical constructions established to run the aforesaid train?
(d) If not, why?
Asked Date
2013-05-21
Asked by
Hon. Ravi Karunanayake, M.P.
Ministry
Telecommunication and Information Technology
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
(අ) (i) රුපියල් 4,925,595.00කි.
(ii) මූල්‍ය ප්‍රතිලාභය රුපියල් 108,369,164.00කි.
භෞතික ප්‍රතිලාභය - ඇමුණුම 01න් දක්වා ඇති අතර, එම ගණනය කිරීම් සිදු කළ ආකාරය ඇමුණුම 02න් දක්වා ඇත. ඇමුණුම 01 සහ 02 සභාගත* කරමි.
(iii) එළදෙනුන් 330ක් ඔයාමඩුව සත්ව ගොවිපළ තුළ තවමත් රඳවා සිටී. ඉතිරි එළදෙනුන් 170 පොළොන්නරුව සත්ව ගොවිපළ තුළ රඳවා සිටී.
(ආ) (i) රුපියල් මිලියන 299.1 (අදියර 1 සඳහා පමණි.)
(ii) දැනට නිවාස ව්‍යාපෘතියෙහි නිවාස 42ක් සඳහා ජල සැපයුම් ලබා දී ඇති අතර, ස්වශක්ති ප්‍රජාමූල සංවිධානය වෙත තොග ජල සැපයුම් ලබා දීමට සැලසුම් කර ඇත. එහි පවුල් සංඛ්‍යාව 350කි. ඊට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් යෝජිත අනුරාධපුර එළිමහන් සිර කඳවුර සඳහා අවශ්‍ය ජලසම්පාදන අවශ්‍යතාවද සම්පූර්ණ කිරීමට කටයුතු යොදා ඇත. ප්‍රදේශයේ වාණිජ වැඩිදියුණු කිරීම් සඳහා අවශ්‍ය ජලසම්පාදන අවශ්‍යතාවද මෙමඟින් සම්පූර්ණ කෙරෙනු ඇත.
ඔයාමඩුව ජල සම්පාදන ක්‍රමය
ධාරිතාව 1 අදියර 1500m³/day - 100% වැඩ අවසන් කර ඇත.
11 අදියර 500 m³/ day - ඉදිරියේදී වැඩ අවසන් කිරීමට නියමිතය.
2000m³/day
==========
(ඇ) (i) රුපියල් 12,115,006.98
(ii) එමඟින් ලද සෘජු ආදායම රුපියල් 345,700.00
මෙය ලාභ ඉපයීමේ පරමාර්ථයෙන් කළ ව්‍යාපෘතියක් නොවන අතර, හුදෙක් ජනතාවට සහ දරුවන්ට අලුත් අත්දැකීම් ලබා දීම සඳහා ක්‍රියාත්මක වූවකි. එනිසාම මිල ගණන් තීරණය කිරීම ද සෑම විටම සිදු වූයේ සහනදායී පදනම යටතේ වේ. මෙම අලුත් අත්දැකීම්වලින් වැඩිම ප්‍රයෝජනය ගත්තේ පාසල් දරුවන් වන අතර, ඔවුන්ට හා ගුරු භවතුන්ට ප්‍රදර්ශන පහසුකම් සලසා තිබුණේ නොමිලේ බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. දුම්රියක් පිළිබඳ බොහෝ දරුවන්ගේ පළමු අත්දැකීම මෙය විය. ඒ අනුව එය මිල කළ නොහැකි ආයෝජනයකි.
අතිදුෂ්කර ඔයාමඩුව දැයට කිරුළ ප්‍රදර්ශන භූමියට ළඟා වූ ජනතාව ලක්ෂ 35කට අධික බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තයන් අනුව පැහැදිලි වේ.
එය මෙරට ජනගහනයෙන් 1/6කට ආසන්න ප්‍රමාණයකි. මේ රටේ ප්‍රදර්ශනයක් සඳහා සහභාගි වූ වාර්තාගතම ජන සංඛ්‍යාවද මෙය වන අතර, මින් වැඩි පිරිසක් වසර 30ක් තුළ කුරිරු ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් නිසා පීඩනයට ලක් වී සිටි තර්ජිත ගම්මානවල වැසියන් වීම විශේෂත්වයකි.
එමෙන්ම ඉතා විශාල පිරිසක් දිවයිනේ උතුරු ප්‍රදේශයෙන්ද ප්‍රදර්ශනය නැරඹීමට සහභාගි විය. ප්‍රදර්ශනය තුළින් ඔවුන් ලබා ගත් සුවිශේෂී අත් දැකීම් සහ ජාතියේ ඉදිරි ගමන පිළිබඳ ඔවුන්ගේ සිත් සතන් ධනාත්මකව යොමු කරවීමට හැකි වීම කිසිදු ලෙසකින් මිල කළ හැකි යැයි සිතිය නොහැක.
ප්‍රදර්ශනාත්මකව සංවිධානය කරනු ලබන අනෙකුත් සේවාවන් අතර මෙම දුම්රිය සේවාවද එයට එකතු කරන්නේ ඉහළ වටිනාකමකි.
(iii) රුපියල් 1,890,014.66
ප්‍රදර්ශනයට ඉදිරිපත් කළ සියලු ප්‍රදර්ශන භාණ්ඩ, උපකරණ මතු ප්‍රයෝජනය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිතව තබා ගෙන ඇත.
(ඈ) පැන නොනඟී.
*සභාමේසය මත තබන ලද ඇමුණුම්:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்புகள்:
Annexes tabled:
ඇමුණුම - 02
බීජ රෝපණ ද්‍රව්‍ය හා ගොවිපළ සංවර්ධනය
01. කඩිනම් ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන
I. අඹ ගස් 2006ක් අළෙවි කිරීමෙන් ලද ආදායම
II. එළවලු කිලෝග්‍රෑම් 56ක් හා අතිරේක භෝග කිලෝග්‍රෑම් 72ක් අළෙවි කිරීමෙන් ලද ආදායම
ව්‍යාප්ති හා පුහුණු කොටසට අදාළව මූල්‍යමය ප්‍රතිලාභ ලබාගත් ආකාරය පැහැදිලි කිරීම
01. වී වගාව
I. - අක්කරයට බුසල් 20 බැගින් මෙම නව තාක්ෂණය උපයෝගී කරගැනීම නිසා වැඩි වී ඇත.
- කන්න තුනක් සඳහා වැඩි වීම අක්කරයට බුසල් 60කි.
- අක්කර 138ක් සඳහා වැඩි වීම බුසල් 8,280කි.
- බුසල් 01ක් රුපියල් 600/=ක් ලෙස ගත් විට ගොවීන් වැඩිපුර ලබාගත් ප්‍රතිලාභය රුපියල් 4,968,000.00කි.
II. නිෂ්පාදනය කළ බිත්තර වී ප්‍රමාණය -
අක්කර 01කින් ලබාගත් ප්‍රමාණය = බුසල් 80
අක්කර ගණන = 688
මුළු ප්‍රමාණය = බුසල් 55,040
බුසලක මිල රුපියල් 1,000.00 බැගින් ගත් විට ලබාගත් මුළු ආදායම - රුපියල් 55,040,000.00කි.
III . ලබා දුන් වී තම්බන බැරල් උපයෝගී කරගෙන පසු ගිය වසර තුළ තම්බපු සහල් කිලෝග්‍රෑම් 50,000ක් නිපදවා ඇත. කැකුළු සහල් විකුණන මිලට වඩා අමතර කිලෝග්‍රෑම් 01කින් රුපියල් 10.00ක් එම ගොවීන් උපයාගෙන ඇත.
එවිට ලබාගත් මුළු ප්‍රතිලාභය - රුපියල් 500,000.00කි.
02. පලතුරු වගාව හඳුන්වා දීම
I. -
II . අක්කර 01කින් ලබාගත් අස්වැන්න කිලෝග්‍රෑම් 10,000කි.
අක්කර 47ට අස්වැන්න කිලෝග්‍රෑම් 470,000කි. (මෙට්‍රික්ටොන් 470)
කිලෝග්‍රෑම් 01ක් විකුණන ලද සාමාන්‍ය මිල රුපියල් 30කි.
එවිට ලබාගත් මුළු ආදායම - රුපියල් 14,100,000.00කි.
03. අතිරේක ආහාර භෝග වගාව
I. බඩ ඉරිඟු වගාව අක්කර 235කි.
අක්කරයට ලබාගත් සාමාන්‍ය අස්වැන්න මෙට්‍රික්ටොන් 02කි.
අක්කර 235ට අස්වැන්න මෙට්‍රික්ටොන් 470කි.
කිලෝග්‍රෑම් 01ක් විකුණන ලද මිල රුපියල් 30කි.
ලබාගත් ආදායම රුපියල් 30.00 x 470,000 - රුපියල් 14,100,000.00කි.
II. ලබාගත් මිරිස් අස්වැන්න කිලෝග්‍රෑම් 3,000කි.
කිලෝග්‍රෑම් 01ක් රුපියල් 200.00 බැගින් විකුණා ලබාගත් ආදායම රුපියල් 600,000.00කි.
III. ලබාගත් උඳු අස්වැන්න කිලෝග්‍රෑම් 30,000කි.
කිලෝග්‍රෑම් 01ක් රුපියල් 100.00 බැගින් - රුපියල් 3,000,000.00කි.
IV. අක්කරයට අස්වැන්න කිලෝග්‍රෑම් 400 බැගින් කිලෝග්‍රෑම් 2,000කි.
කිලෝග්‍රෑම් 01ක් රුපියල් 150 බැගින් - රුපියල් 300,000.00කි.
V. සත්‍ය බීජ කිලෝග්‍රෑම් 80 (වගා කළ ප්‍රමාණය අක්කර 32කි.)
සත්‍ය බීජ කිලෝග්‍රෑම් 01ක මිල රුපියල් 12,000.00 බැගින් ලබාගත් ප්‍රතිලාභය රුපියල් 960,000.00කි.
04. එළවලු වගාව
I. ලබාගත් අස්වැන්න කිලෝග්‍රෑම් 4,000කි.
කිලෝග්‍රෑම් 01ක් රුපියල් 40 බැගින් - රුපියල් 160,000.00කි.
05. අදාළ නොවේ.
06. කාබනික පොහොර නිෂ්පාදන මෙට්‍රික්ටොන් 336කි.
මෙට්‍රික්ටොන් එකක් රුපියල් 500/=ක් ලෙස සලකා ලැබූ ප්‍රතිලාභය - රුපියල් 168,000.00කි.
07. ගෙවතු 550ක් වගා කර - ගෙවත්තකින් ලබාගත් ආදායම රුපියල් 20,000ක් ලෙස සලකා ලබාගත් මුළු ප්‍රතිලාභය රුපියල් 11,000,000.00කි.
08. අදාළ නොවේ.
09. පන්දලම් භෝග වගාව අක්කර 01කින් ලබාගත් ආදායම රුපියල් 100,000.00ක් ලෙස සලකා අක්කර 30ක ආදායම රුපියල් 3,000,000.00කි.
Answered Date
2013-12-20
Answered by
Hon. Ravi Karunanayake, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks