Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
2028/’11
Hon. Sajith Premadasa,— To ask the Minister of Technology and Research,—
(a) Will he inform whether there is a methodology to obtain information on the new inventions, new discoveries and machinery produced by the talented craftsmen living in various parts of this country?
(b) Will he admit the facts that—
(i) most of the new inventors of this country are unable to improve their inventions and make progress for want of a strong economic footing ; and
(ii) those with necessary means in the society are reluctant to help this category of people financially?
(c) Will he state whether he will take necessary steps to—
(i) subject to a correct evaluation the benefits accrued to the economy and the people of this country through the products of the new inventors ; and
(ii) encourage the inventors who have produced useful new inventions and promote the production of such items as an industry?
(d) If not, why ?
Asked Date
2012-01-17
Asked by
Hon. Sajith Premadasa, M.P.
Ministry
Technology and Research
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය (තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමිය)
(மாண்புமிகு (திருமதி) பவித்ராதேவி வன்னிஆரச்சி - தொழில்நுட்ப, ஆராய்ச்சி அமைச்சர்)
(The Hon. (Mrs.) Pavithradevi Wanniarachchi - Minister of Technology and Research)
ගරු කථානායකතුමනි, මම ඒ ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) 1979 අංක 53 දරන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන් දිරි ගැන්වීමේ පනත යටතේ පිහිටුවා ඇති ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාවේ (''කොමිසම'') ප්‍රධාන කාර්ය භාරය වන්නේ නව නිපැයුම්කරුවන්ට සහාය දීමය. මෙම කාර්ය භාරය සාර්ථක කර ගැනීම සඳහා කොමිසම විසින් වැඩසටහන් කීපයක්ම ක්‍රියාත්මක කරනු ලබයි. පහත (ඇ) යටතේ දක්වා ඇති මෙම වැඩසටහන් තුළින් කොමිසම හා සමඟ සම්බන්ධ වන නව නිපැයුම්කරුවන් පිළිබඳ තොරතුරු කොමිසම සතුව ඇත.
(ආ) (i) නව නිපැයුම් වෙළෙඳ පොළ කරා ගෙන යාම සඳහා සිදු කළ යුතු වැඩිදියුණු කිරීමේ කටයුතු වෙනුවෙන් මූල්‍යමය උපකාර අවශ්‍ය වන බව සත්‍යයකි.
(ii) සමාජයේ ඇති හැකි අය නව නිපැයුම්කරුවන්ට මූල්‍යමය උපකාර ලබා දීමට මැළිකමක් දක්වන බවට දත්ත නොමැති හෙයින් එය පිළිගත නොහැක.
(ඇ) (i) නව නිපැයුම් මඟින් ආර්ථික ප්‍රතිලාභ ලැබෙන බව රජය පිළිගනී. නව නිපැයුම්කරුවන්ට සහාය දීම සඳහා අවධානය යොමුව ඇත්තේ මේ නිසාය.
(ii) නව නිපැයුම්කරුවන් දිරි ගැන්වීම සහ ඔවුන්ට සහාය දීම සඳහා දැනටමත් වැටසටහන් කීපයක්ම ක්‍රියාත්මක කරනු ලබයි. ඉන් සමහරක් පහත දැක්වේ.
1. පේටන්ට් බලපත්‍ර ලබා ඇති නව නිපැයුම්කරුවන් දිරි ගැන්වීම සඳහා ජනාධිපති සම්මාන ප්‍රදානය කිරීම. මෙවැනි සම්මාන උළෙලක් 2012 වර්ෂයේ ජනවාරි මාසයේදී පැවැත් වූ අතර, අතිගරු ජනාධිපතිතුමන් විසින් නව නිපැයුම්කරුවන්ට සම්මාන ප්‍රදානය කරන ලදී. විශිෂ්ටතම නව නිපැයුම ලෙස තීරණය වූ නිපැයුම සඳහා රුපියල් ලක්ෂ 10ක මුදල් ත්‍යාගයක් ප්‍රදානය කරන ලද අතර, තවත් කිහිප දෙනෙකුට මුදල් ත්‍යාග, කුසලාන, සහතික පත්‍ර හා පදක්කම් ප්‍රදානය කරන ලදී.
2. පේටන්ට් බලපත්‍ර සඳහා වන අයදුම් පත්‍ර සම්බන්ධයෙන් නව නිපැයුම්කරුවන්ට සහාය හා උපදෙස් ලබා දීම සිදු කරනු ලබයි.
3. නව නිපැයුම්කරුවන්ට ව්‍යාපාරික ප්‍රජාව මුණ ගැසීම සඳහා අවස්ථාවන් සලසා දීම මඟින් වාණිජකරණය කරා ගෙන යා හැකි නව නිපැයුම් සඳහා මූල්‍යමය ආධාර ලබා ගැනීමට එමඟින් අවස්ථාව සලසා දෙනු ලැබේ.
4. කොමිසමේ වෙබ් අඩවිය තුළින් (www.slic.gov.lk) සලසා දී ඇති පහසුකම් මඟින් දේශීය නව නිපැයුම්කරුවන්ට ලියා පදිංචි විය හැක.
5. අපේක්ෂිත වෙබ් අඩවියේ නව අංගයක් තුළින් නව නිපැයුම්කරුවන්ට උපකාර කිරීමට කැමැත්තක් දක්වන මෙරට හා විදේශීය පුද්ගලයින් හා ආයතන නව නිපැයුම්කරුවන් හා සම්බන්ධ කරනු ලැබේ.
6. නව නිපැයුම්කරුවන්ගේ අළෙවිකරණය පිළිබඳව ඇති අවබෝධය හා දැනුම පුළුල් කිරීමට පුහුණු වැඩ මුළු සංවිධානය කරනු ලැබේ.
7. නව නිපැයුම්කරුවන්ගේ ගැටලු සාකච්ඡා කිරීමට අවස්ථාවක් සලසා දෙනු ලබන "නව නිපැයුම්කරුවන්ගේ ජාතික සමුළුව" පවත්වනු ලැබේ.
(ඈ) පැන නොනඟී.
Answered Date
2013-01-08
Answered by
Hon. (Mrs.) Pavithradevi Wanniarachchi, Attorney at Law, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks