Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
1819/’11
Hon. Buddhika Pathirana,— To ask the Minister of Economic Development,—
(a) Is he aware that the drinking water project constructed at Divulapelessa Mahaweli Village in Mahiyangana Divisional Secretariat Division in Badulla District has been abandoned due to lack of water?
(b) Will he inform this House—
(i) of the amount of money that was spent on this water scheme;
(ii) whether a feasibility study was conducted on the availability of water before the commencement of the project; and
(iii) of the findings of that feasibility study?
(c) Will he state—
(i) that the people of the area level allegations that a misuse of funds has occurred during the implementation of the water project in the Divulapelessa Mahaweli Village;
(ii) if so, whether action will be taken to conduct a formal investigation into that matter;
(iii) whether action will be taken to renovate the aforesaid water project expeditiously;
(iv) if so, date on which it will be done; and
(v) whether funds have been a allocated for this purpose ?
If not, why?
Asked Date
2012-06-22
Asked by
Hon. Buddhika Pathirana, M.P.
Ministry
Economic Development
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා
(மாண்புமிகு சுசந்த புஞ்சிநிலமே)
(The Hon. Susantha Punchinilame)
ගරු කථානායකතුමනි, ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් මම එම ප්‍රශ්නයට පිළිතුර ලබා දෙනවා.
(අ) මෙම ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මකව පවතී.
2011 වර්ෂයේ සිට මෙම ජල ව්‍යාපෘතිය මඟින් පවුල් 51ක් සඳහා ජල මීටර් යොදා ජල සැපයුම ලබා දී ඇත. නමුත් 2012 වර්ෂයේ මාස 4ක පමණ කාල සීමාවකදී පැවති දැඩි නියඟය නිසා මෙම ජල මූලාශ්‍රවල භූගත ජල මට්ටම පහත වැටුණු බැවින් ප්‍රතිලාභීන් සියලු දෙනා වෙත ජල සැපයුම ලබා දීමට මහියංගනය ප්‍රාදේශීය සභාවට නොහැකි වී ඇත. නමුත් දැනට සියලු ප්‍රතිලාභී පවුල් සඳහා අඛණ්ඩව ජල සැපයුම සිදු කරනු ලබයි.
(ආ) (i) ජල යෝජනා ක්‍රමය සඳහා වැය කරන ලද මුදල: ප්‍රතිපාදන වෙන් කිරීම.
|
අංකය |
ආයතනය |
වර්ෂය |
වෙන් කළ මුදල (රුපියල්) |
|
01 |
ජාතිය ගොඩනැඟීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය |
2007 |
1,166,564.71 රුපියල් මිලියන 1.16කි. |
|
02 |
ජාතිය ගොඩනැඟීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය |
2008 |
500,000.00 රුපියල් ලක්ෂ පහකි. |
|
03 |
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය |
2010 |
1,000,000.00 රුපියල් මිලියනයකි. |
|
04 |
ප්‍රාදේශීය සභාව (මහියංගනය) |
2011 |
435,367.50 රුපියල් හාරලක්ෂ තිස්පන්දහස් තුන්සිය හැටහතකි. |
|
|
එකතුව |
|
3,101,932.21 රුපියල් මිලියන 3.1කි. |
(ii) ඔව්.
(iii) මෙම ගම්මානයේ ජනතාව පානීය ජල අවශ්‍යතාව සම්බන්ධයෙන් නොයෙකුත් දුෂ්කරතා විඳි බවත්, පැවති ජල මූලාශ්‍රය මඟින් අවශ්‍ය ප්‍රතිලාභීන් වෙත ජලය සැපයිය හැකි බවත්, ප්‍රතිලාභීන් නිරන්තරයෙන් ඉල්ලීම් කළ බැවින් ක‍්ෂේත්‍ර පරීක්ෂණයේදී ඒ බව තහවුරු වූ බැවින් මෙම යෝජනාව ක්‍රියාත්මක කරන ලදී.
විශේෂ වූ වෙනත් ජල මූලාශ්‍රයක් මෙම දුෂ්කර ප්‍රදේශයේ නොමැති වූ බැවින් වැව ආශ්‍රිතව සකසන ලද ළිඳක් මඟින් ජලය ගබඩා ටැංකිය වෙත නළ මඟින් ගෙන යෑමට කටයුතු කර ඇත.
(ඇ) (i) මෙවැන්නක් සිදු වී නොමැත.
(ii) අදාළ නොවේ.
(iii) ප්‍රතිසංස්කරණ කටයුතු කිරීම නොව මෙහි නඩත්තු කටයුතු කිරීම සඳහා අදාළ උපදෙස් ප්‍රාදේශීය සභාවට ලබා දී ඇත.
(iv) අදාළ නොවේ.
(v) අදාළ නොවේ.
(ඈ) අදාළ නොවේ.
Answered Date
2013-02-06
Answered by
Hon. Susantha Punchinilame, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks