Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
39/’15
Hon. Buddhika Pathirana,— To ask the Minister of Foreign Employment,—
(a) Will she inform this House—
(i) separately, on annual basis, the number of Sri Lankan women who were subjected to sexual abuse during the period of five years from the year 2010 to 2014 (including those two years) in Middle East Countries;
(ii) the names of the Middle East countries in which those women worked; and
(iii) separately, the actions taken through the Sri Lankan Embassies in those countries with regard to the each aforesaid woman?
(b) Will she also inform this House—
(i) whether legal action has been taken against the perpetrators connected to the aforesaid sexual abuse; and
(ii) if so, the steps that were taken against each of the aforesaid persons separately?
(c) Will she state—
(i) whether steps have been taken with regard to the safety of the Sri Lankan women who are going abroad;
(ii) if so, what those measures are; and
(iii) the steps that will be taken to limit the number of Sri Lankan women going abroad for domestic work?
(d) If not, why?
Asked Date
2015-11-03
Asked by
Hon. Buddhika Pathirana, M.P.
Ministry
Foreign Employment
Legislature
Eighth Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
(අ) (i)
|
වසර |
පැමිණිලි සංඛ්‍යාව |
|
2010 |
57 |
|
2011 |
38 |
|
2012 |
46 |
|
2013 |
40 |
|
2014 |
18 |
|
එකතුව |
199 |
(ii)
|
රට |
පැමිණිලි සංඛ්‍යාව |
|
සෞදි අරාබිය |
91 |
|
කුවේට් |
40 |
|
ජෝර්දාන් |
26 |
|
එක්සත් අරාබි එමීර් රාජ්‍යය |
17 |
|
කටාර් |
11 |
|
ඕමාන් |
7 |
|
බහරේන් |
4 |
|
ලෙබනන් |
3 |
|
එකතුව |
199 |
කාන්තාවන් ලිංගික අපයෝජනයට ලක් වූ බවට අදාළ රාජ්‍යයේ පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල මඟින් හෝ වෙනත් පිළිගත් වාර්තාවකින් සහතික කරන ලද සාක්ෂි කිසිවක් කාර්යාංශය වෙත ලැබී නොමැත.
නමුත් එවැන්නක් සිදු වූ බවට හෝ සිදු වීමට උත්සාහයක් තිබූ බවට විදේශ ගත වූ කාන්තාවන් හෝ ඔවුන්ගේ ඥාතීන් විසින් කාර්යාංශය වෙත කරන ලද පැමිණිලි සංඛ්‍යාව ඉහත දක්වා ඇත.
(iii) මෙවැනි ගැටලු සහගත අවස්ථාවන්හිදී කාර්යාංශය විසින් හා තානාපති කාර්යාල පොදුවේ ගනු ලබන ක්‍රියා මාර්ග නම්,
අදාළ කාන්තාව සේවය කරනු ලබන සේවා ස්ථානය මාරු කිරීමට කටයුතු කිරීම (සේවකයා කැමැති විටක)
ගැටලුවට මුහුණපාන කාන්තාව ඉතා කඩිනමින් කාර්යාංශයේ මුදල් වියදම් කර හෝ වෙනත් ආකාරයකට ලංකාවට ගෙන්වීමට කටයුතු කිරීම.
(ආ) (i) ලිංගික අපයෝජනයන්ට සම්බන්ධ පුද්ගලයන් කිසිවකු හඳුනා ගෙන නොමැති හෙයින් කිසිවකුට විරුද්ධව ක්‍රියා මාර්ග ගෙන නොමැත.
(ii) අදාළ නැත.
(ඇ) (i) පියවර ගෙන ඇත.
(ii) කාන්තාවන්ගේ ආරක්ෂාව සඳහා විශේෂයෙන් විවිධාකාර පියවර ගෙන ඇත.
1. කාර්යාංශයේ ලියා පදිංචිය සිදු කර විදේශ ගතවීමට කටයුතු සැලසීම.
2. විශේෂයෙන් ගෘහ සේවිකා රැකියාව සඳහා කාන්තාවන් විදේශගත කරනු ලබන රැකියා නියෝජිතායතන පිළිබඳව නිරන්තරයෙන් සොයා බැලීම.
3. ගැටලු සහගත අවස්ථාවන් වැඩි වශයෙන් දක්නට ලැබෙන විට අදාළ රැකියා නියෝජිතායතනයේ රැකියා ඇණවුම් තහනමට ලක් කිරීම.
4. විදේශගත වන කාන්තාවන් සඳහා පුහුණු සැසි පවත්වමින් ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීම.
5. කාන්තාවන්ගේ ආරක්ෂාව සඳහා අදාළ වන යටිතල පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයා දීම හා තානාපති කාර්යාල වෙත ඒවා ලබා දීම.
6. කාන්තාවන් රැකියා සඳහා විදේශගත වන රාජ්‍යයන් සඳහා ද්වි පාර්ශ්වික එකඟතා ගිවිසුම් අත්සන් කරනු ලබන අවස්ථාවන්හිදී එම ගිවිසුම්හි කාන්තා ආරක්ෂාව සඳහා විශේෂ ප්‍රතිපාදන ඇතුළත් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
එම අදාළ රාජ්‍යයන්හි කම්කරු ඇමතිතුමා සමඟ හා විදේශ කටයුතු ඇමතිතුමන්ලා සමඟ විවිධ ගැටලු පිළිබඳ සාකච්ඡා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම. එමෙන්ම ජාත්‍යන්තර කම්කරු ආයතනය, ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය වැනි -ILO, IOM වැනි- ආයතන හරහා අදාළ රාජ්‍යයන් වෙත ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා කටයුතු කිරීම.
(iii) කාන්තාව ගෘහ සේවය සඳහා විදෙස්ගතවීම වැළැක්වීම සඳහා ගනු ලබන පියවර මොනවාද යනුවෙන් අසනු ලබන ප්‍රශ්නය යුගයේ වැදගත් පැනයකි.
මේ සඳහා ගත හැකි පියවර ලැයිස්තුවක් ඉදිරිපත් කළ හැකි වුවත් එම සෑම පියවරකින්ම සිදුවන්නේ සමහර කාන්තාවකට ඉතිරිව තිබෙන එකම ආර්ථික විකල්පය ගෘහ සේවයට පිටරට යාම නම් එය අවහිර කිරීමක් වන අතරම, ඒ මඟින් එවැනි කාන්තාවන්ට නීති විරෝධී ලෙස රටින් බැහැරවීමට පෙළඹවීමකි. මිනිස් ජාවාරමට ගොදුරු කරවීමකි.
කාන්තාව ගෘහ සේවයට යාම වැළැක්වීම සඳහා පසු ගිය කාලවකවානුවේදී යොදා තිබූ විවිධ නීති තවදුරටත් ක්‍රියාත්මකව පවතින අතර නව නීති හඳුන්වා නොදීමටත් එහෙත් නව සාධනීය, දිගුකාලීන වැඩ පිළිවෙළක් හඳුන්වා දීමටත් ඉදිරියේදී කටයුතු කරනු ලැබේ.
ගෘහ සේවිකාවක ලෙස හෝ විදේශගතව සිය ආර්ථික අභිලාෂ ඉටු කර ගැනීමට මේ විකල්පය පමණක් ඉතිරි කාන්තාවට ඇගේ අයිතිය ආරක්ෂා කර දෙන අතරම, නව වැඩ පිළිවෙළ මඟින් අනෙකුත් වෘත්තීන්ට අවශ්‍ය පුහුණුව ලබා දීමට වෘත්තීය පුහුණු අමාත්‍යාංශය හා ඒකාබද්ධව පියවර ගනු ලැබේ.
ගෘහ සේවයට යොමු වීමට ඉඩ ඇති කාන්තාවන්ගේ ස්වාමිපුරුෂයින් සඳහා විදෙස් රටවල රැකියා අවස්ථා ලබාගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය වෘත්තිය පුහුණුව ලබා දීමට අනාගතයේදී කටයුතු කරනු ඇත.
කාන්තාවන් ගෘහ සේවය සඳහා විදේශගත වීම අවම කිරීම සඳහා කාන්තා අයිතිය උල්ලංඝනය වන බලහත්කාරකම් කිරීමට අප සූනම් නැත. නමුත් ඒ සඳහා දීර්ඝකාලීන ක්‍රියාමාර්ග ගතයුතුය. එම දීර්ඝකාලීන ක්‍රියාමාර්ග සඳහා සමස්ත ආර්ථිකයම ඉදිරියට මෙහෙයවිය යුතුය. තනි තනි පවුල් ඒකකයට ආදායම් ඉපයීම් සඳහා දේශිය වශයෙන් අවස්ථා පුළුල් කිරීමට අප රජය ඉදිරියේදී කටයුතු කරනු ඇත.
එම දීර්ඝකාලීන වැඩ පිළිවෙළ තුළ පාසලෙන් ඉවත්වන සෑම තරුණ තරුණියක් සඳහාම සිය ළැදියාවන්ට හා හැකියාවන්ට ගැළපෙන වෘත්තීය පුහුණු පාඨමාලාවකට සම්බන්ධවීම සඳහා අවශ්‍ය වෘත්තීය පුහුණු මාර්ගෝපදේශය සහ මුල්‍ය ශක්තිය ලබා දෙන වැඩසටහන් බිම් මට්ටමින් ක්‍රියාවට නැඟීම සඳහා පියවර ගනු ලැබේ. මේ සඳහා තරුණ තරුණියන් නිවැරදි පුහුණු මාවතකට යොමු කර ඒ මඟින් ඔවුන්ව වෘත්තීය මාවත ඔස්සේ අඛණ්ඩව ඉදිරියට රැගෙන යාමට අත දීමට ඉදිරියේදී පියවර ගනු ලැබේ.
ඒ මඟින් රැකියා සඳහා විදෙස්ගතවීමට අපේක්ෂිත අයට සිය වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයට අදාළව ඉහළ වැටුප් සහිත රැකියාවකට යාමේ අවස්ථාව උදාවනු ඇත.
(ඈ) පැනනොනඟී.
Answered Date
2015-12-07
Answered by
Hon. (Mrs.) Thalatha Athukorala, Attorney at Law, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks