01

සි   |     |  

 Date: 2015-03-20   Answered 

5693/2015: FINANCIAL AND OTHER ASSISTANCE TO FOREIGN COUNTRIES: DETAILS

5693/'14

 

Hon.Anura Dissanayake,— To ask the Prime Minister and Minister of Policy Planning, Economic Affairs, Child, Youth and Cultural Affairs,—

(a) Will he inform this House of —

(i) the financial and other assistance provided by Sri Lanka to foreign countries or institutions during the period of last 04 years;

(ii) the purposes for which the aforesaid financial and other assistance were provided; and

(iii) the manner in which money and other aids were procured for the aforesaid financial assistance?

(b) If not, why?

Asked Date

2015-03-20

Asked by

Hon. Anura Dissanayaka, M.P.

Ministry

Prime Minister

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

(අ)  (i)      1.        උගන්ඩා රජය වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5කට නොවැඩි ප්‍රදානයක් ලබා දීමට 2012 වර්ෂයේ එකඟතාව පළ කොට තිබේ. මේ යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1.31ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 170ක්) ලබා දීමට නියමිත වන අතර, අදාළ ඉදි කිරීම් කටයුතු 2015 වර්ෂයේ අවසන් වීමට නියමිතය. 

                2.      මාලදිවයින් රජය වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 10කට නොවැඩි ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කරමින් 2011 වර්ෂයේ දී අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ. ඒ අනුව රුපියල් 1,077,505,064.50ක් (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 8.20ක්) ලබා දී තිබේ. 

3.  ලෝක ආහාර සංවිධානය වෙත පරිත්‍යාග කිරීමට යෝජනා කළ සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 50,000කි. එහි ප්‍රථම අදියර ලෙස සහල් මෙට්‍රික් ටොන් 10,000ක ප්‍රමාණයක් ලෝක ආහාර සංවිධානයේ දේශීය වැඩසටහන සඳහා ලබා දීමට එකඟ වී ඇත. දැනට ලෝක ආහාර සංවිධානය වෙත පරිත්‍යාග කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2,568.81ක් වන අතර එම වී තොගයේ සම්පූර්ණ වටිනාකම රු. 195,453,751.61කි.

(ii) 1. උගන්ඩාවේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරීම සහ එහි වෘත්තීය පුහුණු නිලධාරින් පුහුණු කිරීම සඳහා මෙම ප්‍රදානය යොදා ගැනේ.

            2.  2011 නොවැම්බර් මස මාලදිවයිනෙහි පැවැත්වීමට නියමිතව තිබූ දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානයේ වාර්ෂික සමුළුව වෙනුවෙන් සූදානම් වීම පිණිස මාලදිවයිනේ අඩ්ඩු දූපතෙහි මරඩු සහ ෆේඩු හරහා 'සන්සෙට්' පාලමෙන් ආරම්භ වන කිලෝ මීටර් 4.8ක දිගකින් යුත් ඇස්ෆෝල්ට් කොන්ක්‍රීට් මාර්ගයක් ඉදි කිරීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස මාලදිවයින් රජය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළේ ය. ඒකට අනුග්‍රහය ලබා දී තිබෙනවා.

    3.  ලෝක ආහාර සංවිධානය මඟින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ පාසල් දිවා ආහාර වැඩ පිළිවෙළට හා නියඟයෙන් පීඩාවට පත් වූ ජනතාවට සහනාධාර ලබා දීම සඳහා මෙය යොදා ගෙන ඇත.

(iii)   1. උගන්ඩාවට දුන් මුදල් අය වැයෙන් ලබා ගෙන තිබෙනවා.

    2.  මාලදිවයිනට දුන් මුදල් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂයෙන් ලබා ගෙන තිබෙනවා.

   3. රජයේ මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී අළෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිල දී ගත් වීවලින් කොටසක් මෙම වැඩසටහන සඳහා යොදා ගන්නා ලද අතර අදාළ පිරිවැය, වී මිල දී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් වී අළෙවි මණ්ඩලය වෙත ලබා දුන් මුදල්වලින් භාණ්ඩාගාරය සඳහා තවදුරටත් අය විය යුතු මුදලින් අඩු කර ගන්නා ලදී. වී කෙටීම, ප්‍රවාහනය ආදී කටයුතු සඳහා රජය විසින් මුදල් සම්පාදනය කරන ලදී.

(ආ) පැන නොනඟී.

 

Answered Date

2015-03-20

Answered by

Hon. (Dr.) Harsha de Silva, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks