01

සි   |     |  

 Date: 2015-04-07   Answered 

5501/2015: CRITERION IN SELECTION OF STUDENTS: NATIONAL COLLEGES OF EDUCATION

5501/'14

 

Hon. Sunil Handunnetti,— To ask the Minister of Education,—

(a) Will he inform this House—

(i) of the criterion for selecting students to the National Colleges of Education;

(ii) if the only criterion used in this regard is the Z score secured at the G.C.E (Advanced Level) examination, whether he admits that an injustice is caused to students as a result of adopting a very high Z score for students from the districts where less students are enrolled and a very low Z score for students from the districts where more students are enrolled as the threshold in enrolling students under the district basis; and

(iii) if so, whether action will be taken to do away with this injustice?

(b) If not, why?

Asked Date

2015-04-07

Asked by

Hon. Sunil Handunnetti, M.P.

Ministry

Education

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      විද්‍යාපීඨවලට තෝරා ගැනීමේ නිර්ණායක පහත සඳහන් පරිදි වේ.

                        ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබෙන අයදුම්පත් ඒ ඒ පාඨමාලාව හා දිස්ත්‍රික්කය අනුව වර්ග කර ඔවුන් අ.පො.ස.(උසස් පෙළ) විභාගයේදී (අදාළ වර්ෂයේ) ලබා ගන්නා z අගය අනුව අනු පිළිවෙළට සකස් කරනු ලැබේ. ඒ ඒ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරිපත් වී ඇති ඉහළම z අගයක් ඇති අයදුම්කරුවන් අදාළ දිස්ත්‍රික්කයේ පුරප්පාඩු අනුව පාඨමාලා සඳහා තෝරා ගනු ලැබේ. මෙය විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරා ගැනීමේ ක්‍රමවේදයට සමගාමීව සිදු වන බවද සඳහන් කරමි.

(ii) අසාධාරණයක් සිදු වන බව පිළිගත නොහැකිය. සාපේක්ෂ වශයෙන් ඔවුන්ට අසාධාරණයක් ලෙස පෙනුන ද ඊටත් වඩා අසාධාර‍ණයක් දැනටමත් ගුරු අවශ්‍යතාවන් පවතින කොළඹින් බැහැර දිස්ත්‍රික්කවල පාසල් සිසුන්ට සිදු වන බව විශේෂයෙන් සැලකිය යුතු වේ. එබැවින් මෙහි ඇමුණුමේ දැක්වෙන ආකාරයට කටයුතු කරමින් දුෂ්කර ප්‍රදේශවලට ද සාධාරණයක් ඉටු වන ලෙස ගුරුවරුන් පාසල් පද්ධතියට සපයා දීම පිණිස අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇත.

(iii) එවැනි අසාධාරණයක් සිදු වන බව පෙන්නුම් නොකළත්, ඉදිරියේදී මෙය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා 2015 වර්ෂයේ සිට  ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට බඳවා ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවත්නා පුරප්පාඩුවලට අනුව බඳවා ගැනීමට සැලසුම් කර ඇත.

(ආ) අදාළ නොවේ.

 

                                                         ඇමුණුම

2014 ජනවාරි මස 31 දින පළ කරන ලද අංක 1848 දරන ගැසට් නිවේදනය අනුව, ඒ ඒ දිස්ත්‍රික්කවල 2017 වර්ෂයේ අපේක්ෂිත ගුරු පුරප්පාඩු සංඛ්‍යාව හා එක් ඒක පාඨමාලාවන් සඳහා බඳවා ගන්නා මුළු ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කර ගෙන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට 2014 වර්ෂය සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා ලදි. එනම් 2017 වර්ෂයේ අපේක්ෂිත පුරප්පාඩු ලෙස සලකනුයේ එම වර්ෂයේ විශ්‍රාම යාමට නියමිත ගුරුවරුන් සංඛ්‍යාව දිස්ත්‍රික් මට්ටමින් ගණනය කිරීමෙනි. ඒ අනුව පාඨමාලාව සඳහා බඳවා ගැනීමට නියමිත ශිෂ්‍ය සංඛ්‍යාව දිස්ත්‍රික්ක අතර බෙදනු ලැබේ. ඒ සඳහා 2017 වර්ෂයේදී දිස්ත්‍රික්කයේ ඇති වන පුරුප්පාඩු සංඛ්‍යාවද සැලකිල්ලට ගනු ලැබේ. ඒ අනුව දිස්ත්‍රික් පදනම යටතේ බඳවා ගැනීමේදී සිසුන් අඩුවෙන් බඳවා ගන්නා දිස්ත්‍රික්කවල සිසුන්ගේ z අගය ඉතා ඉහළ අගයක් වී ඇත්තේ එම දිස්ත්‍රික්කයේ ඇති පුරප්පාඩු සංඛ්‍යාව අඩු වීම නිසාය. වැඩිපුර සිසුන් බඳවා ගන්නා දිස්ත්‍රික්ක සඳහා ඉතා පහළ z අගයක් ලැබී ඇත්තේ පුරප්පාඩු සංඛ්‍යාව වැඩි වීම නිසාය.

අධ්‍යාපන අමාත්‍යාංශය වෙත එවන ලද සුදුසුකම් සහිත අයදුම්පත් දිස්ත්‍රික්ක, පාඨමාලා, නව නිර්දේශය හා පැරණි නිර්දේශය වශයෙන් z ලකුණු අනු පිළිවෙළ අනුව ලැයිස්තුගත කරනු ලැබේ. එවිට එක් පාඨමාලාවක් සඳහා එක් දිස්ත්‍රික්කයකින් තෝරා ගන්නා අයදුම්කරුවකුගේ z අගයට වඩා එම පාඨමාලාව සඳහාම තවත් දිස්ත්‍රික්කයකින් තෝරා ගැනෙන අයදුම්කරුවකුගේ z අගය , අඩු හෝ වැඩි වීමට ඉඩ ඇත. අදාළ පාඨමාලාව සඳහා එක් දිස්ත්‍රික්කයක ගැසට් නිවේදනය අනුව මූලික සුදුසුකම් ලබන අයදුම්කරුවන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොමැති නම්, යාබද දිස්ත්‍රික්කයෙන් ලැබුණු අයදුම්පත් අනුපිළිවෙළ අනුව පෙළ ගස්වා එම දිස්ත්‍රික්කයේ ඇති වන පුරප්පාඩු සම්පූර්ණ කරනු ලැබේ.

මෙම z අගය වෙනස් වන්නේ එක් එක් දිස්ත්‍රික්කවලින් එක් එක් පාඨමාලාවන් සඳහා බඳවා ගන්නා සංඛ්‍යාව හා ගැසට් නිවේදනය අනුව මූලික සුදුසුකම් සම්පූර්ණ කරන අයදුම්කරුවන්ගේ z ලකුණු ප්‍රමාණය මතම පමණි. අයදුම්කරුවන්ගේ නම හෝ වෙනත් පෞද්ගලික තොරතුරු මේ සඳහා අදාළ කර ගැනීමක් සිදු නොවන අතර, මෙම තෝරා ගැනීම් සඳහා කිසිදු දේශපාලනික බලපෑමක් ද නොමැත. මේ කරුණු අනුව තහවුරු වන්නේ කිසිදු සිසුවකු සඳහා අසාධාරණයක් සිදු නොවන බවයි.

දුෂ්කර දිස්ත්‍රික්කවලට ගුරුවරුන් ස්ථානගත කිරීමේ අරමුණින් හා සෑම දිස්ත්‍රික්කයකම පවතින ගුරු පුරප්පාඩු සැලකිල්ලට ගෙන දිස්ත්‍රික්ක පදනම යටතේ විද්‍යාපීඨ සඳහා තෝරා ගැනීම සිදු කර ඇත. එක් එක් දිස්ත්‍රික්කවල පවතින පුරප්පාඩු ඒ ඒ දිස්ත්‍රික්කයේම අයදුම්කරුවන්ගෙන් සම්පූර්ණ කරන බැවින් එම දිස්ත්‍රික්කයේ අයදුම්කරුවන්ට අසාධාරණයක් සිදු නොවනු ඇත.

Answered Date

2015-04-07

Answered by

Hon. Akila Viraj Kariyawasam, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks