01

සි   |     |  

 Date: 2013-06-20   Answered 

2888/2013: FOREIGN CONSULS IN SRI LANKA : DETAILS

2888/’12

Hon. Ravi Karunanayake,— To ask the Minister of External Affairs,—

(a) Will he state—

(i) the number of Consulates appointed in Sri Lanka by the foreign countries as at to date;

(ii) the names of the aforesaid Consulates with their countries; and

(iii) the dates from which they are representing their countries in Sri Lanka?

(b) Will he also state—

(i) any benefit that has been received by Sri Lanka during the tenure of office of each Consulate separately except during the Tsunami impact on the country; and

(ii) whether they have reported to the Sri Lankan Government on the matters they pursue in Sri Lanka?

 If not, why?

Asked Date

2013-06-20

Asked by

Hon. Ravi Karunanayake, M.P.

Ministry

External Affairs

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු නියෝමාල් පෙරේරා මහතා

(மாண்புமிகு நியோமால் பெரேரா)

(The Hon. Neomal Perera)

ගරු කථානායකතුමනි, විදේශ කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මම එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

අපි ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න සූදානම් වෙලා පැමිණෙනවා. නමුත් මෙච්චර ළඟ ඉන්න ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා ප්‍රශ්න අහන්න එන්නේ නැහැ. එතුමා පාමන්කඩ හිර වෙලා ඉන්නවාද කියලා අපේ ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගෙන් අහන්න  මම කැමැතියි. [බාධා කිරීමක්]

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ) (i) කොන්සල් කාර්යාල 52යි.

(ii) විස්තර ඇමුණුමෙහි සඳහන් වේ.

(iii) විස්තර ඇමුණුමෙහි සඳහන් වේ.

(ආ) (i) කොළඹ රාජ්‍ය තන්ත්‍රික දූත මණ්ඩලයක් පවත්වා ගෙන නොයන රටවල් කිහිපයක් නිර්වේතනික කොන්සල්වරුන් පත් කර තිබෙන අතර, එම නිර්වේතනික කොන්සල්වරු කිසිදු වැටුප් ලැබීමකින් තොරව අදාළ රටවල අභිලාෂයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළදී කටයුතු කරති. මෙම නිර්වේතනික කොන්සල්වරුන් විසින් සිදු කරනු ලබන කාර්ය කටයුතුවල විෂය පථය ඔවුන් නියෝජනය කරනු ලබන රට මත රඳා පවතියි. පොදුවේ ගත් කළ නිර්වේතනික කොන්සල්වරු වීසා බලපත්‍ර පිළිබඳ තොරතුරු ලබා දීම, නිල නියෝජිත කණ්ඩායම් විසින් සිදු කරනු ලබන සංචාර සඳහා පහසුකම් සැලසීම සහ දෙරට අතර ආර්ථික සහයෝගිතාව  වර්ධනය කිරීම යන කාර්යය කටයුතු ඉටු කරති. පෙරළා තම රටවල් වෙත ශ්‍රී ලංකාවේ පවතින ප්‍රවණතා පිළිබඳව වාර්තා කළ හැකි වන සේ ඒ පිළිබඳව නිර්වේතනික කොන්සල්වරුන් දැනුවත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය, නේවාසිකව සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන් සඳහා පවත්වන කරුණු පැහැදිලි කිරීමේ රැස්වීම් සඳහා විටෙන් විට නිර්වේතනික කොන්සල්වරුන්ටද ආරාධනා කරයි.

(ii) නැත. කෙසේ වුවද, නිර්වේතනික කොන්සල්වරයා නියෝජනය කරන රට වෙත ශ්‍රී ලංකා රජය විසින් යම් සුවිශේෂී කරුණක් දැනුම් දෙන අවස්ථාවකදී ලැබෙන ප්‍රතිචාරය මඟින්, මේ පිළිබඳව වාර්තා වී තිබේ.

(ඇ) ශ්‍රී ලංකා රජය වෙත වාර්තා කරන ලෙස විදේශ රටවල නිර්වේතනික කොන්සල්වරුන්ගෙන් ඔවුන් පත් කරනු ලබන රට ඉල්ලා සිටින අවස්ථාවකදී හැර, ශ්‍රී ලංකා රජය වෙත වාර්තා කිරීමට විදේශ රටවල නිර්වේතනික කොන්සල්වරුන්ට වගකීමක් පවරා නොමැත. මෙම නිර්වේතනික කොන්සල්වරු, අක්ත ගන්වා ඇති රාජ්‍ය තන්ත්‍රික දූත මණ්ඩලය හරහා තමා නියෝජනය කරන රටේ විදේශ කටයුතු අමාත්‍යාංශ වෙත වාර්තා කරති.

 

*සභාමේසය මත තබන ලද ඇමුණුම:

   சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :

   Annex tabled:

 

Answered Date

2013-06-20

Answered by

Hon. NEOMAL PERERA, M.P.,, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks