Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
2576/’12
Hon. Sajith Premadasa,— To ask the Minister of Economic Development ,—
(a) Will he inform this House—
(i) of the names of the projects which are implemented at present under the ‘Gama Neguma’ programme;
(ii) of the number of Grama Niladhari Divisions covered under the aforesaid projects;
(iii) of the total amount of money spent on the aforesaid projects in millions;
(iv) of the criteria which is used to evaluate the success of the aforesaid programme ?
(b) If not, why?
Asked Date
2013-07-10
Asked by
Hon. Sajith Premadasa, M.P.
Ministry
Economic Development
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
(අ) (i) ගම නැඟුම සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතින්-
ගම ජාතික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරමින් ශ්‍රී ලංකාවේ සියලුම ගම්මාන සමෘද්ධිමත් ගම්මාන ලෙස පුනර්ජීවනය කිරීමේ අරමුණින් ගම නැඟුම වැඩසටහන 2006 වර්ෂයේදී ආරම්භ කෙරිණි. දිළිඳුකම අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුව පදනම් කර ගනිමින් ගම්මාන 119ක් ආවරණය කරමින් ආරම්භ වූ මෙම වැඩසටහන, 2011 වන විට ග්‍රාම නිලධාරි වසම් 13,026ක් දක්වා ව්‍යාප්ත විය. 2006 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා ආංශික වශයෙන් ගම නැඟුම වැඩසටහන ක්‍රියාත්මක වූ ආකාරය ඇමුණුම් අංක 1හි දැක්වේ. ඇමුණුම් අංක 1හි දැක්වේ.
2012 වර්ෂයේදී නව ප්‍රවේශයට අනුව යමින් "එක ගමකට එක වැඩක්" යන සංකල්පය පෙරදැරි කර ගෙන ග්‍රාම නිලධාරි වසම් 13,098ක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක විය. එය ඇමුණුම් අංක 2 හි දැක්වේ.
ඇමුණුම් සභාගත* කරමි.
2013 වර්ෂයේදී ගම නැඟුම වැඩසටහන සඳහා රුපියල් මිලියන 11,000ක් වෙන් වූ අතර, මාර්ග ප්‍රතිසංස්කරණය, කුඩා පාලම් හා බෝක්කු ඉදි කිරීම, ළමා හා මාතෘ සායන වැඩි දියුණු කිරීම, පෙර පාසල් සංවර්ධනය කිරීම, වාරි මාර්ග ප්‍රතිසංස්කරණය, ක්‍රීඩා පිටි සංවර්ධනය, පානීය ජල ව්‍යාපෘති, පොහොර ගබඩා ඉදි කිරීම හා ප්‍රතිසංස්කරණය යන සංරචක යටතේ මේ වන විට ව්‍යාපෘතින් 13,098ක් ක්‍රියාත්මක වේ.
(ii) ගම නැඟුම ව්‍යාපෘති තුළින් ආවරණය වන ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව - 13,098කි.
(iii) මෙම ව්‍යාපෘති සඳහා වැය කරන මුළු මුදල රුපියල් මිලියන 11,000කි.
(iv) ගම නැඟුම වැඩසටහනේ සාර්ථකත්වය මැනීමට යොදා ගන්නා මිනුම් දඬු -
|
අංකය |
ව්‍යාපෘතියේ නම |
මිනුම් දඬු |
|
1 |
මාර්ග, පාලම් හා බෝක්කු සංවර්ධනය |
පැයක් තුළ මාර්ගයේ ගමන් ගන්නා මෝටර් රථ ප්‍රමාණයේ ඉහළ යාම. මෝටර් රථ නඩත්තු වියදම් අඩු වීම. ඉන්ධන සඳහා වන වියදම අඩු වීම. නිෂ්පාදන වෙළෙඳ පොළ වෙත රැගෙන යාම සඳහා ගත වන කාලය අඩු වීම. ප්‍රවාහනය සඳහා ගත වන කාලය අඩු වීම. |
|
2 |
වාරිමාර්ග සංවර්ධනය |
වගා කරන ලද කුඹුරු ඉඩම් ප්‍රමාණය වැඩි වීම. අස්වැන්න වැඩි වීම. |
|
3 |
ප්‍රජා ජල සම්පාදනය |
සුරක්ෂිත පානීය ජලය පරිභෝජන කරන පවුල් සංඛ්‍යාව ඉහළ යාම. |
|
4 |
ග්‍රාමීය විදුලි බල පහසුකම් සංවර්ධනය |
විදුලිය පරිභෝජන කරන පවුල් ප්‍රමාණයේ ඉහළ යාම. විදුලි උපකරණ භාවිතය වැඩි වීම. |
|
5 |
මාතෘ හා ළමා සෞඛ්‍ය සායන පහසුකම් සංවර්ධනය |
සායන සඳහා අඛණ්ඩව සහභාගී වන මවුවරුන් සංඛ්‍යාවේ ඉහළ යාම. ළදරු මරණ, ගබ්සා වීම් ප්‍රතිශතය අඩු වීම. සෞඛ්‍ය සම්පන්න දරුවන් සංඛ්‍යාව වැඩි වීම. |
|
6 |
පෙර පාසල් පහසුකම් සංවර්ධනය |
පෙර පාසල් සඳහා ඇතුළත් වන ළමුන් සංඛ්‍යාව ඉහළ යාම. පහසුකම් සහිත පෙර පාසල් සංඛ්‍යාවේ වැඩි වීම. |
|
7 |
ක්‍රීඩා පිටි/උද්‍යාන පහසුකම් සංවර්ධනය |
ක්‍රීඩාවට යොමු වන තරුණ පිරිසේ වැඩි වීම. සෞඛ්‍ය සම්පන්න තරුණ සංඛ්‍යාව ඉහළ යාම. |
(ආ) අදාළ නොවේ.
Answered Date
2013-10-08
Answered by
Hon. Susantha Punchinilame, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks