Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
2561/’12
Hon. Sajith Premadasa,— To ask the Minister of Child Development and Women’s Affairs,—
(a) Will he state—
(i) the names of the programmes which are implemented by the Sri Lanka Women’s Bureau for the betterment of women;
(ii) separately on per year basis, the amount of money allocated on the implementation of the aforesaid projects in each of the years 2008, 2009, 2010 and 2011; and
(iii) whether the aforesaid amounts of money allocated and the programmes which are being implemented have sufficiently contributed towards the betterment of women ?
(b) If not, why ?
Asked Date
2013-06-05
Asked by
Hon. Sajith Premadasa, M.P.
Ministry
Child Development & Women's Affairs
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
ගරු තිස්ස කරල්ලියද්ද මහතා (ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමා)
(மாண்புமிகு திஸ்ஸ கரல்லியத்த - சிறுவர் அபிவிருத்தி, மகளிர் அலுவல்கள் அமைச்சர்)
(The Hon. Tissa Karalliyadde - Minister of Child Development and Women’s Affairs)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) ප්‍රධාන වැඩසටහන් දෙකක් තිබෙනවා. කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ වැඩසටහන් 11ක් තිබෙනවා. ඒ වාගේම කාන්තාව සමාජයීය වශයෙන් සවිබල ගැන්වීමේ වැඩසටහන් 10ක් තිබෙනවා. ඒවා මෙසේයි:
කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ වැඩසටහන්
1. වැන්දඹු හා ගෘහ මූලික කාන්තා වැඩසටහන
2. විදේශගත වන කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහන/ඔවුන් මෙරට තුළදී ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම
3. ආදායම් උත්පාදන මාර්ග සඳහා පෙළඹවීමේ වැඩසටහන/ව්‍යවසායකත්ව පුහුණුව
4. ශිල්පීය පුහුණු වැඩසටහන
5. ගිණුම් පුහුණු වැඩසටහන
6. චක්‍රීය ණය වැඩසටහන
7. වනිතා ශක්ති බැංකු පදනම
8. නිෂ්පාදන ප්‍රදර්ශනය හා අළෙවි පොළ වැඩසටහන
9. ගෙවතු වගා වැඩසටහන
10. පශු සම්පත් වැඩසටහන
11. නංවමු ගම්මාන වැඩසටහන
කාන්තාවන් සමාජයීය වශයෙන් සවිබල ගැන්වීමේ වැඩසටහන්
1. කාන්තාවන්ට එරෙහි හිංසන ක්‍රියා පිටු දැකීමේ වැඩසටහන (කුට්ටනිය, කාන්තා අයිතිවාසිකම් හා නීතිමය දැනුවත් කිරීම)
2. නව යෞවනියන් සඳහා ජීවන නිපුණතා සංවර්ධන වැඩසටහන
3. ප්‍රජනක සෞඛ්‍ය වැඩසටහන
4. උපදේශන වැඩසටහන හා උපදේශන මධ්‍යස්ථාන පිහිටුවීම, රැකවරණ මධ්‍යස්ථාන පිහිටුවීම
5. කාන්තා සමිති හා බල මණ්ඩල ශක්තිමත් කිරීමේ වැඩසටහන/ කාන්තා සංවිධාන ජාලය ශක්තිමත් කිරීම
6. අත් දැකීම් හුවමාරු වැඩසටහන
7. බන්ධනාගාර කාන්තාවන් සමාජගත කිරීමේ වැඩසටහන
8. කාන්තා සම්පත් මධ්‍යස්ථාන පිහිටුවීම හා වැඩිහිටි කාන්තා වැඩසටහන
9. මාධ්‍ය හා ප්‍රචාරක කටයුතු හා පුස්තකාලය පවත්වා ගැනීම
10. වතු අංශයේ කාන්තාවන් සඳහා මූල්‍ය කළමනාකරණ වැඩසටහන, වතු පාසැල් ළමුන් දැනුවත් කිරීම.
ඒ විස්තර පහත පරිදි වේ.
2008-2011 වසරවලදී ක්‍රියාත්මක වැඩසටහන් හා වෙන් කරන ලද මුදල් ප්‍රමාණයන් පහත වගුවේ දැක්වේ.
|
ඇමුණුම 01 (i) 2008-2011 වසරවලදී ක්‍රියාත්මක වැඩසටහන් හා වෙන් කරන ලද මුදල් ප්‍රමාණයන් වගුවේ දැක්වේ. |
||||
|
වැඩ සටහන කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම |
වර්ෂය 2008 වෙන් කළ ප්‍රතිපාදන (රු. මිලි.) |
වර්ෂය 2009 වෙන් කළ ප්‍රතිපාදන (රු. මිලි.) |
වර්ෂය 2010 වෙන් කළ ප්‍රතිපාදන (රු. මිලි.) |
වර්ෂය 2011 වෙන් කළ ප්‍රතිපාදන (රු. මිලි.) |
|
1. වැන්දඹු හා ගෘහ මූලික කාන්තා වැඩසටහන. |
0.6 |
- |
0.55 |
4.1 |
|
2. විදේශගත වන කාන්තාවන් දැනුවත් කිරීම වැඩසටහන / ඔවුන් මෙරට තුළදී ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම. |
0.6 |
- |
- |
- |
|
3. ආදායම් උත්පාදන මාර්ග සඳහා පෙළඹවීමේ වැඩසටහන / ව්‍යවසායකත්ව පුහුණුව. |
1.6 |
1.0 |
0.836 |
1.0 |
|
4. ශිල්පීය පුහුණු වැඩසටහන |
0.9 |
0.9 |
- |
- |
|
5. ගිණුම් පුහුණු වැඩසටහන. |
0.7 |
0.3 |
- |
- |
|
6. චක්‍රීය ණය වැඩසටහන |
10.0 |
- |
2.1 |
2.1 |
|
7. වනිතා ශක්ති බැංකු පදනම. |
2.0 |
5.0 |
0.1 |
0.1 |
|
8. නිෂ්පාදන ප්‍රදර්ශනය හා අළෙවි පොළ වැඩසටහන. |
2.0 |
1.77 |
0.25 |
0.3 |
|
9. ගෙවතු වගා වැඩසටහන. |
1.0 |
1.4 |
2.26 |
4.5 |
|
10. පශු සම්පත් වැඩසටහන. |
1.0 |
1.5 |
2.7 |
7.0 |
|
11. නංවමු ගම්මාන වැඩසටහන |
- |
2.68 |
3.1 |
2.0 |
|
|
20.4 |
14.6 |
11.06 |
21.1 |
|
ඇමුණුම 01 (ii) |
||||
|
වැඩ සටහන
කාන්තාවන් සමාජයීය වශයෙන් සවිබල ගැන්වීම |
වර්ෂය 2008 වෙන් කළ ප්‍රතිපාදන (රු. මිලි.) |
වර්ෂය 2009 වෙන් කළ ප්‍රතිපාදන (රු. මිලි.) |
වර්ෂය 2010 වෙන් කළ ප්‍රතිපාදන (රු. මිලි.) |
වර්ෂය 2011 වෙන් කළ ප්‍රතිපාදන (රු. මිලි.) |
|
1. කාන්තාවන්ට එරෙහි හිංසන ක්‍රියා පිටු දැකීමේ වැඩසටහන. (කුට්ටනිය, කාන්තා අයිතිවාසිකම් හා නීතිමය දැනුවත් කිරීම) |
1.8 |
1.25 |
0.375 |
0.75 |
|
2. නව යෞවනියන් සඳහා ජීවන නිපුණතා සංවර්ධන වැඩසටහන. |
0.43 |
0.5 |
0.8 |
0.8 |
|
3. ප්‍රජනක සෞඛ්‍ය වැඩසටහන. |
1.3 |
0.5 |
0.019 |
- |
|
4. උපදේශන වැඩසටහන හා උපදේශන මධ්‍යස්ථාන පිහිටුවීම / රැකවරණ මධ්‍යස්ථාන පිහිටුවීම. |
3.98 |
4.00 |
3.08 |
2.1 |
|
5. කාන්තා සමිති හා බල මණ්ඩල ශක්තිමත් කිරීම වැඩසටහන / කාන්තා සංවිධාන ජාලය ශක්තිමත් කිරීම. |
0.65
|
0.5 |
0.3 |
0.3 |
|
6. අත් දැකීම් හුවමාරු වැඩසටහන. |
0.59 |
0.5 |
0.45 |
- |
|
7. බන්ධනාගාර කාන්තාවන් සමාජගත කිරීම වැඩසටහන. |
- |
0.5 |
0.1 |
0.1 |
|
8. කාන්තා සම්පත් මධ්‍යස්ථාන පිහිටුවීම හා වැඩිහිටි කාන්තා වැඩසටහන. |
3.0 |
2.4 |
0.675 |
0.7 |
|
9. මාධ්‍ය හා ප්‍රචාරක කටයුතු හා පුස්තකාලය පවත්වා ගැනීම. |
1.5 |
1.1 |
1.75 |
2.25 |
|
10. වතු අංශයේ කාන්තාවන් සඳහා මූල්‍ය කළමනාකරණ වැඩසටහන / වතු පාසල් ළමුන් දැනුවත් කිරීම. |
1.0 |
0.5 |
0.375 |
0.375 |
|
|
14.25 |
11.75 |
7.924 |
7.375 |
(iii) දැනට සෑහීමකට පත් වනවා. කොතරම් මුදල් ලැබුණත් මට මදියි කියලා මම කියනවා. 2008-2011 වසරවලදී ක්‍රියාත්මක වැඩසටහන් හා වෙන් කරන ලද මුදල් ප්‍රමාණයන්ට අදාළ ප්‍රගතිය ඇතුළත් තොරතුරු ඇමුණුමෙහි දැක්වේ. ඇමුණුම සභාගත* කරමි.
(ආ) අදාළ නොවේ.
Answered Date
2013-06-05
Answered by
Hon. TISSA KARALLIYADDA, M.P.,, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks