03

සි   |     |  

 Date: 2013-03-19   Answered 

2495/2013: ஹதுருக்கந்த மலையிலுள்ள கற்குழி: சுற்றாடல் அழிவு

2495/’12

Hon. Dayasiri Jayasekara,— To ask the Minister of Environment and Renewable Energy,—

(a) Will he inform this House—

(i) whether a quarry is run by splitting the rock on the mountain known as Hadurukkanda  or a mountain close to that which belong to Kurunegala and Mawathagama Divisional Secretariat Divisions;

(ii) whether the approval of the Central Environment Authority has been granted for that;

(iii) if so, whether the documents relevant to the aforesaid approval will be submitted;

(iv) as to who run that quarry;

(v) if the quarry belongs to an institution, it’s name address and names and addresses of the members of the board of directors;

(vi) separately, of the names and addresses of the owners of the land in which the aforesaid rock is located and the extents of land belonging to each person; and

(vii) of the reasons for splitting and removing that rock ?

(b) Will he state—

(i) whether there are tanks which are fed by the mountain in which the aforesaid rock is located; and

(ii) of the steps to be taken to prevent the damage caused to the sources of water of the tanks fed by the mountain, animal life and natural environment owing to splitting rocks that surround the aforesaid range of mountains ?

(c) If not, why ?

 

Asked Date

2013-03-19

Asked by

Hon. Dayasiri Jayasekara, Attorney at Law, M.P.

Ministry

Environment and Renewable Energy

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු ඒ.ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා (පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමා)

(மாண்புமிகு ஏ.டி. சுசில் பிரேமஜயந்த - சுற்றாடல், புதுப்பிக்கத்தக்க சக்தி அமைச்சர்)

(The Hon. A.D. Susil Premajayantha - Minister of Environment and Renewable Energy)

ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)          (i)      ඔව්. මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිලැස්ස ඉහළගම ග්‍රාමසේවා වසමේ පීලිකඩ වත්ත නැමැති ඉඩමේ කළු ගල් කැඩීම සඳහා පහත සඳහන් පරිදි  භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශය මඟින් බලපත්‍ර නිකුත් කර ඇත.

Ø අකිල ඉංජිනියරින් පුද්ගලික සමාගම විසින් පවත්වා ගෙන යනු ලැබූ ගල්කොරිය සඳහා රංජිත් මාපා යන අය වෙත නිකුත් කරන ලද IML/B කාණ්ඩයේ බලපත්‍රය කොන්දේසි උල්ලංඝනය

වීම හේතුවෙන් භූ විද්‍යා  හා පතල් කාර්යාංශය විසින් අත්හිටුවා ඇත.

Ø      එයට යාබදව  එච්.ඒ. සමන් යන අය විසින් IML/B කාණ්ඩයේ ගල් කොරියක් පවත්වා ගෙන යනු ලබයි.

Ø      එච්.ඒ. සමන් යන අයගේ ව්‍යාපෘතියට මීටර් 250ක් පමණ දුරින් එස්.ඩී.කේ. පතිරාජ යන අය විසින් IML/C කාණ්ඩයේ ගල් කොරියක් පවත්වා ගෙන යනු ලබයි.

Ø     එච්.ඒ. සමන් යන අයගේ ව්‍යාපෘතියට කිලෝ මීටර් 01ක් පමණ දුරින් වී.වී. කරුණාරත්න සහ සමාගම විසින් IML/B කාණ්ඩයේ ගල් කොරියක් පවත්වා ගෙන යනු ලබයි.

(ii) ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මඟින් පහත සඳහන් පරිදි පරිසර නි‍ර්දේශ නිකුත් කර ඇත.

Ø අංක NWP/CEA/NRM/07/Ku/Ma/MM/354/11 හා 2012.01.05 දිනැති පරිසර නිර්දේශ - අකිල ඉංජිනියරින් පුද්ගලික සමාගම, 180/60, ජයවිමන වත්ත, සියඹලාගොඩ, පොල්ගස්ඕවිට.

(මෙම ගල් වලෙහි ක්‍රියාකාරිත්වය භූ විද්‍යා හා පතල් කාර්යාංශය විසින් අත් හිටුවා ඇත.)

Ø අංක NWP/CEA/NRM/07/Ku/Ma/MM/319/11 හා 2012.01.10 දිනැති පරිසර නිර්දේශ - එච්.ඒ. සමන්, අංක 379, වෙලගෙදර මාවත, වැව රවුම, කුරුණෑගල.

Ø අංක NWP/CEA/NRM/07/Ku/Ma/MM/917/12 හා 2012.07.17 දිනැති පරිසර නිර්දේශ - එස්.ඩී.කේ. පතිරාජ, අංක 64, ඩේසි මවුන්ට්, පිලැස්ස.

Ø අංක NWP/CEA/NRM/07/Ku/Ma/MM/77-R1/11 හා 2012.09.24 දිනැති පරිසර නිර්දේශ - වී.වී. කරුණාරත්න සහ සමාගම, නො. 579, බුළුගහ හන්දිය, නුවර පාර, කැලණිය.

(iii) ඔව්. ඇමුණුම සභාගත* කරමි.

(iv) පහත නම් සඳහන් අය විසින් එම ගල් කොරි පවත්වාගෙන යනු ලබන බව වාර්තා වී ඇත.

Ø රංජිත් මාපා (මෙම ගල් වලෙහි ක්‍රියාකාරිත්වය භූ විද්‍යා හා පතල් කාර්යාංශය විසින් අත් හිටුවා ඇත.)

Ø එච්.ඒ. සමන්

Ø එස්.ඩී.කේ. පතිරාජ

Ø වී.වී. කරුණාරත්න

(v)

ආයතනයේ නම

ලිපිනය

අධ්‍යක්ෂ මණ්ඩලය

අකිල ඉංජිනියරින් පුද්ගලික සමාගම

180/60, ජයවිමන වත්ත, සියඹලාගොඩ, පොල්ගස්ඕවිට

එස්.ඩී.කේ. ධර්මප්‍රිය ඩී.සී. වීරක්කොඩි ඩබ්.ඩී.ඩබ්.ඩබ්. විජේදාස

වී.වී. කරුණාරත්න සහ සමාගම

නො. 579, බුළුගහ හන්දිය, නුවර පාර, කැලණිය

වී. කරුණාරත්න වී.යූ.පී. කරුණාරත්න වී.එස්.එස්. කරුණාරත්න වී.එම්.පී. කරුණාරත්න ටී.වී.ටී.ආර්. කරුණාරත්න

(vi) එම ගල පිහිටි ඉඩමේ අයිතිකරුවන්ගේ නම්, ලිපිනයන් සහ එක් එක් පුද්ගලයාට අයත් ඉඩම් ප්‍රමාණයන් පහත සඳහන් පරිදි බව වාර්තා වී ඇත.

අයිතිකරුවන්ගේ නම්

ලිපිනයන්

ඉඩම් ප්‍රමාණය

රංජිත් මාපා

අකිල ඉංජිනියරින් පුද්ගලික සමාගම, 180/60, ජයවිමන වත්ත, සියඹලාගොඩ, පොල්ගස්ඕවිට.

අක්කර 04

එච්.ඒ. සමන්

අංක 379, වෙලගෙදර මාවත, වැව රවුම, කුරුණෑගල.

අක්කර 11 රූඩ්03 පර්චස් 32

එස්.ඩී.කේ. පතිරාජ

අංක 64, ඩේසි මවුන්ට්, පිලැස්ස.

අක්කර 02 රූඩ් 02 පර්චස් 30

වී.වී. කරුණාරත්න

නො. 579, බුළුගහ හන්දිය, නුවර පාර, කැලණිය.

අක්කර 19 රූඩ් 02 පර්චස් 28

(vii)      ප්‍රදේශයේ මහා මාර්ග ඉදි කිරීම් හා වෙනත් සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය කළු ගල් සැපයීම සඳහා.

(ආ)         (i)      මෙම ස්ථානයට ආසන්නව ටැම්පාන ජලාශය පිහිටා ඇත. උපරිම ජල සැපයුම් මට්ටමේ සිට ආසන්න වශයෙන් මීටර් 250-300ක් පමණ දුරින් ඉහත කැණීම් කටයුතු අත් හිටුවන ලද කළු ගල් වැඩපළ පිහිටා ඇත. මෙම කඳුවැටියේ දකුණු දෙසින් මෙම වැඩපළ පිහිටා ඇති අතර, මෙම කඳුවැටිය මඟින් නිර්මාණය වන ජල මූලාශ්‍ර එහි බටහිර දෙසට වන නිම්නය දිගේ ගලා යන බැවින් ටැම්පාන ජලාශයේ ජල මූලාශ්‍රවලට සැලකිය යුතු බලපෑමක් සිදු නොවේ. කඳුවැටි‍යට පතිත වන වැසි ජලය බාධාවකින් තොරව එම ජලාශයට වහනය වන අතර, අවසර දී ඇති ව්‍යාපෘති මඟින් ජලවහන රටාවට බාධාවක් නොමැත.

(ii) කළු ගල් කැඩීම හේතුවෙන් ඒ ආශ්‍රිතව පෝෂණය වන වැව්වල ජල මූලාශ්‍රවලට, ජීවීන්ට සහ ස්වභාවික භූමියට සිදු වන හානිය අවම කිරීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මඟින් කැණීම් බලපත්‍ර නිකුත් කිරීමේදී එම බලපත්‍ර සඳහා කොන්දේසි ඇතුළත් කර ඇති අතර ප්‍රදේශයේ ජලාශවලට ප්‍රවේශ වන ජලවහන රටාව වෙනස් නොවන පරිදි ඇති ස්ථානවලට පමණක් කැණීම් කටයුතු කිරීම සඳහා අවසර ලබා දීම සිදු කරයි. එසේම බලපත්‍ර අලුත් කිරීමට ප්‍රථම මධ්‍යම පරිසර අධිකාරියේ සහ වයඹ පළාත් පරිසර අධිකාරියේ නිර්දේශ ලබා ගනු ලැබේ.

තවද බලපත්‍රලාභීන් විසින් එම බලපත්‍ර කොන්දේසිවලට අනුව කටයුතු කරන්නේදැයි පරීක්ෂා කර බැලීම සිදු කරන අතර, එම කොන්දේසි කඩවන අවස්ථාවලදී බලපත්‍ර අත් හිටුවීමට සිදු කරනු ලබයි.

(ඇ) පැන නොනඟී.

 

*සභාමේසය මත තබන ලද ඇමුණුම:

   சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :

   Annex tabled:

 

Answered Date

2013-03-19

Answered by

Hon. (Dr.) Susil Premajayantha, Attorney at Law, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks