05

සි   |     |  

 Date: 2012-09-21   Answered 

2191/2012: இலங்கைத் துறைமுக அதிகாரசபை: பொறுப்புகள்

2191/’11

Hon. Ravi Karunanayake,— To ask the Minister of Ports and Highways,—

(a) Will he inform this House of —

(i) the total liability of Ports Authority of Sri Lanka on per port basis;

(ii) the instances where the Ports Authority has given guarantees, bank guarantees or undertaken liabilities for loans not taken by them; and

(iii) whether the undertaking given to Sri Lanka Cricket is  highlighted within the liabilities given in (a) (i) above?

(b) Will he state—

(i) the extent of lands in the country owned by the Ports Authority or vested in the Ports Authority;

(ii) the lands in the Colombo District owned by the Ports Authority along with the extent separately;

(iii) the activities that are being done on the allocated or erected lands of the Ports Authority; and

(iv) the lands or lands with buildings that the Ports Authority expends money for maintenance?

(c) Will he also state the net profit of the Ports Authority of Sri Lanka for the year 2011 to date ?

(d) If not, why?

 

Asked Date

2012-09-21

Asked by

Hon. Ravi Karunanayake, M.P.

Ministry

Ports and Highways

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා (වරාය හා මහාමාර්ග අමාත්‍යතුමා)

(மாண்புமிகு ரோஹித அபேகுணவர்தன - துறைமுகங்கள், நெடுஞ்சாலைகள் அமைச்சர்)

(The Hon. Rohitha Abeygunawardana - Minister of Ports and Highways)

ගරු කථානායකතුමනි, ‍එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි

(අ)          (i)

                         ජංගම හා ජංගම නොවන  වගකීම්.

 

විස්තර

 

2011

 

 

 

කොළඹ වරාය (රු)

ත්‍රිකුණාමලය වරාය (රු)

ගාල්ල වරාය (රු)

එකතුව (රු)

ජංගම හා ජංගම නොවන  වගකීම්

135,217,363, 257 (දහතුන් දහස්  පන්සිය  විසිඑක් කෝටි හැත්තෑතුන්  ලක්ෂ  හැට තුන්දහස් දෙසිය පනස් හතයි)

179,692,284  (දාහත් කෝටි අනු හය ලක්ෂ අනූ දෙදහස් දෙසිය අසූ හතරයි)

211,733,223  (විසි එක්  කෝටි  දාහත් ලක්ෂ තිස් තුන් දහස්  දෙසිය  විසි තුනයි)

135,608,788,764  (දහතුන් දහස් පන්සිය  හැට කෝටි අසූ හත් ලක්ෂ අසූ අටදහස්  හත්සිය හැට හතරයි.)

              (ii)      ශ්‍රී ලංකා වරය අධිකාරිය සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීම් වෙනුවෙන් ‍හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘති කොන්ත්‍රාත්තුව සඳහා විචල්‍ය නියෝගයක් නිකුත් කරන ලදි. මෙමඟින් කොන්ත්‍රාත්කරු සඳහා  තාවකාලික වගකීමක් ඇති කර ඇත. මෙම වගකීමෙන්  කොටසක් ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනය  විසින් සපයන ලද මුදල්වලින් දැනටමත් ‍පියවා ඇත.

    (iii)   නැත.

(ආ)  (i)

 

වරාය

ඉඩම්  ප්‍රමාණය  අක්කර

   1

කොළඹ වරාය

  522

   2

ත්‍රිකුණාමලය වරාය

  5108

   3

ඔලුවිල් වරාය

  175

   4

ගාල්ල වරාය

  94

   5

හම්බන්තොට වරාය ආශ්‍රිත    ඉඩම්

    2728

    6

වෙනත්

  110

    7

එකතුව (7=1+2+3+4+5+6)

   8737

(ii) අදාළ තොරතුරු ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.

 (iii)   සියලුම ඉඩම් සම්බන්ධයෙන් විස්තරයක් තිබෙනවා. කියවන්නට  ‍දීර්ඝ කාලයක් යනවා. මා එය සභාගත* කරනවා.

 (iv)      වරාය අධිකාරිය සතු සියලුම ඉඩම් හා දේපළ නඩත්තු කිරීම හා ආරක්ෂා කිරීම සඳහා වරාය අධිකාරිය කටයුතු කරනු ලබයි.

(ඇ)    

කාලය                 ශුද්ධ ලාභය(රු.මිලියන)               වෙනත් කරුණු

2011 වර්ෂය         583                                    බදු හා විදේශ විනිමය ලැබීම්/ පාඩු පසු ශුද්ධ ලාභය

2012 ජූනි දක්වා   7,213                                 බදු හා විදේශ විනිමය ලැබීම්/ පාඩු පෙර ලාභය

(ඈ) පැන නොනඟී.

 

*සභාමේසය මත තබන ලද ඇමුණුම:

   சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :

Annex tabled:

 

 

* සභාමේසය මත තබන ලද ‍ලේඛනය:

* சபாபீடத்தில் வைக்கப்பட்ட ஆவணம் :

* Document tabled:

පෑලිගොඩ  ඉඩම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ  බහළු  මෙහෙයුම් මධ්‍යස්ථානයක්  පවත්වාගෙන  යාමට භාවිතා කර ඇත.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ යෝජිත පරිපාලන  ගොඩනැඟිල්ල   ඉදිකිරීම් සඳහා කැනල් අංගනය  වෙන් කර ඇත.

කිව් පාරේ පිහිටි ඉඩම  වරාය අධිකාරියේ ඉංජිනේරු  කොට්ඨාසය  මඟින් ගබඩා ද්‍රව්‍ය සුරක්ෂිතව තැබීම සඳහා යොදවා ඇත.

කොළඹ 02 මෝගන්   පාරේ පිහිටි ඉඩම වරාය සේවකයන් සඳහා  නිල නිවාස ඉදි කිරීම සඳහා වෙන් කර ඇත.

බේරේ වැව අවට ඉඩම් රාජ්‍ය ආරක්ෂක හා සංවර්ධන අමාත්‍යාංශය  සමඟ එක්ව  සංචාරක  කලාපයක් ඇති කිරීම සඳහා ව්‍යාපෘති  ගණනාවක්  ආරම්භ කිරීමට නියමිතව ඇත.

මහර ගල්වල පරිශ්‍රය නැව්  අලුත්වැඩියා කිරීම සම්බන්ධ ආයතනයකට අංගනයක්  ඉදිකිරීම සදහා ලබා දීමට නියමිතය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ  පිහිටි ඉඩම් කොටස් කිහිපයක්  වරාය ආශ්‍රිත කර්මාන්ත කිහිපයක්  සදහා බදු වශයෙන් ලබා දී ඇත. ඉතිරි ඉඩම්  කොටස් සඳහා  ආයෝජන කැඳවා ඇත. ඉඩම්  කොටස් කිහිපයක අනවසර  පදිංචිකරුවන්  රැඳී සිටීයි.

ඔලුවිල් වරාය ආශ්‍රිත ඉඩම් ඔලුවිල් වරාය ඉදිකිරීම් හා වරාය සංවර්ධන කටයුතු සඳහා  යොදා  ගෙන ඇත.

ගාල්ල වරාය ආශ්‍රිත ඉඩම් ඉදිරි සංවර්ධන කටයුතු සඳහා සහ සංවර්ධන සැලැස්මට අනුව පරිසර  හිතකාමී සංවර්ධනයක් සඳහා ‍යොදා ගැනීමට නියමිතය.

මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය ආශ්‍රිත ඉඩම් වරාය කටයුතු හා ඉදිරි සංවර්ධන  කටයුතු  සඳහා යොදා ගැනීමට  නියමිතය.

කන්කසන්තුරේ හා පේදුරුතුඩුව වරායන්  ආශ්‍රිත ඉඩම්  වරාය  කටයුතු හා ඉදිරි සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතය.

 

 

Answered Date

2013-02-07

Answered by

Hon. Rohitha Abeygunawardhana, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks