Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
Hon. Buddhika Pathirana,— To ask the Minister of Transport,—
(a) Is he aware that—
(i) a racket of blocking out and selling of lands in the reservations of the railway track from Manampitiya to Welikanda is underway ; and
(ii) there is a tendency for railway accidents to increase as a result of providing lands in the aforesaid unauthorized manner and allowing constructions to be carried out on them?
(b) Will he inform this House—
(i) whether he will take action to prevent this situation after holding a formal inquiry into this matter ; and
(ii) if he takes action, the period of time taken for it?
(c) If not, why?
Asked Date
2012-11-14
Asked by
Hon. Buddhika Pathirana, M.P.
Ministry
Transport
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
ගරු රෝහණ දිසානායක මහතා (ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு ரோஹண திசாநாயக்க - போக்குவரத்து பிரதி அமைச்சர்)
(The Hon. Rohana Dissanayake - Deputy Minister of Transport)
ගරු කථානායකතුමනි, ප්‍රවාහන අමාත්‍යතුමා වෙනුවෙන් මම එම ප්‍රශ්නයට පිළිතුර ලබා දෙනවා. එම පිළිතුර දීර්ඝ එකක්.
(අ) (i) අප දන්නා තරමින් දුම්රිය රක්ෂිත ඉඩම් කට්ටි කර විකිණීමේ ජාවාරමක් පිළිබඳ වාර්තා වී නැත.
එවැනි ජාවාරමක් සිදු වන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. ඒක පැහැදිලිවම කියන්නට ඕනෑ.
(ii) දුම්රිය මාර්ගය දෙපස අනවසර ගොඩනැඟිලි ඉදි කළහොත් එම ප්‍රදේශයේදී දුම්රිය දර්ශනය වීම අවහිර වීම හේතුවෙන් බොහෝදුරට අනතුරු සිදු වීමට ඉඩ ඇතත් එවැනි අනතුරක් මෑත කාලයේ සිදු වී ඇති බවට වාර්තාවක් ලැබී නොමැත.
කොහොමත් දුම්රියක් සාමාන්‍යයෙන් අඩි 132ක් පමණ වෙනවා. දෙපැත්තේ රක්ෂිතය තහනම් ප්‍රදේශයක්. ඒ වාගේ අනවසර ගොඩනැඟිලි තිබුණ තැන්වල එවැනි accidents වෙලා තිබෙනවා. නමුත් මේ ප්‍රදේශයේ එවැනි සිදු වීමක් වෙලා තිබෙනවා කියලා වාර්තා වෙලා නැහැ.
(ආ) කොටසට අදාළ පිළිතුර දීර්ඝ එකක්. කියවන්නද?
ගරු බුද්ධික පතිරණ මහතා
(மாண்புமிகு புத்திக பதிரண)
(The Hon. Buddhika Pathirana)
සභාගත කරන්න.
ගරු රෝහණ දිසානායක මහතා
(மாண்புமிகு ரோஹண திசாநாயக்க)
(The Hon. Rohana Dissanayake)
ප්‍රශ්නයේ (ආ) කොටසට අදාළ පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද (ආ) (i) පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட (ஆ) (i) விடை :
* Answer (b)(i) tabled:
(ආ) (i) මඩකලපුව දුම්රිය මාර්ගයේ වැලිකන්ද හා මනම්පිටිය අතර ප්‍රදේශය කිලෝමීටර් 16ක් පමණ වේ. (කි.මි. 270 සිට 286 අතර) මෙම ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ මධ්‍යයේ සිට දෙපසට අඩි 132ක් පමණ ප්‍රමාණයක් දුම්රිය රක්ෂිත සීමාවට අයත් වේ. මෙම දුම්රිය රක්ෂිත සීමාවේ පදිංචි අනවසරකරුවන් 44 දෙනෙකු පිළිබඳ තොරතුරු මේ වන විට වාර්තා වී ඇත. එමෙන්ම දුම්රිය රක්ෂිත ඉඩම් අනවසර පරිහරණයට ලක් වීම, දුම්රිය ඉඩම් අනවසරයෙන් අල්ලා කට්ටි කිරීම ඒ තුළ පදිංචි වීම් වැළැක්වීම පිණිස දුම්රිය ආරක්ෂක සේවය, දුම්රිය ස්ථිර පරීක්ෂකවරුන් හා දුම්රිය ස්ථානාධිපතිවරුන් දැනුවත් කර කඩිනම් පියවර ගැනීමට උපදෙස් දී ඇත.
අනවසරකරුවන් පිළිබඳ වාර්තා වූ වහාම ඔවුන්ට දින 14ක් තුළ ඉන් ඉවත් වන ලෙස දන්වනු ලබන අතර එසේ ඉවත් නොවන්නේ නම් අධිකරණ ක්‍රියා මාර්ග ගෙන ඉවත් කළ යුතු වේ. ඒ සඳහා 1979 අංක 7 රජයේ ඉඩම් (සන්තකය ආපසු පවරා ගැනීමේ) පනත යටතේ ක්‍රියා කළ යුතු වේ. මෙම පනතින් නඩු පැවරීමට අනවසරකරුවෙකු පරිහරණය කරනු ලබන රජයේ භූමි ප්‍රමාණය, එම ඉඩමට මායිම් වන සතර දිශාවේ පිහිටීම් දැක්වෙන සැලසුමක් ඉදිරිපත් කළ යුතු වේ. නෙරපීමේ නියෝගයක් ලබා ගැනීමකින් තොරව පදිංචි නිවසින් ඉවත් කිරීමට බලයක් නොමැත.
මනම්පිටිය හා වැලිකන්ද අතර වාර්තා වී ඇති අනවසරකරුවන් 44 දෙනා සඳහා ඉවත් වීමේ නිවේදන නිකුත් කර අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට අවශ්‍ය පිඹුරුපත් සකසා ලබා දෙන ලෙස දුම්රිය මිනින්දෝරු වෙතින් ඉල්ලා ඇත. එහෙත් දුම්රිය මිනින්දෝරු නිලධාරින්ගේ හිඟය හේතුවෙන් එම සැලසුම සකස් කිරීම ප්‍රමාද වී ඇත. එම සැලසුම් ලබා දීමට ප්‍රමුඛතාව ලබා දෙන ලෙස දැනටමත් දන්වා ඇති අතර එම සැලසුම් ලැබීමෙන් අධිකරණ ක්‍රියා මාර්ග ගෙන ඉවත් කිරීම හෝ දුම්රිය රක්ෂිත ඉඩම් අනවසර පරිහරණකරුවන් පිළිබඳ තීරණ ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කර ඇති බැවින් එකී තීරණය ලද පසු ඒ පිළිබඳ විධිමත් ක්‍රියා මාර්ගයක් ගැනීම කළ හැකි බව පෙන්වා දෙමි.
(ii) සන්තකය පවරා ගැනීමේ පනතට අනුව සැලසුම් සකසා ලිත් මාසයක කාලයක් ලබා දී අධිකරණයට යොමු කර නෙරපීමේ නියෝග ලබා ගෙන ඉවත් කිරීමට මාස 06ක පමණ කාලයක් ගත විය හැකි බව දන්වා සිටිමි.
(ඇ) පැන නොනඟී.
Answered Date
2012-11-14
Answered by
Hon. Rohana Dissanayaka, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks