05

සි   |     |  

 Date: 2012-03-23   Answered 

1868/2012: SRI LANKA TELECOM : PERMANENT EMPLOYEES

1868/’11

Hon. Dayasiri Jayasekara,— To ask the Minister of Telecommunication and Information Technology,—

(a) Will he state—

(i) the number of permanent employees serving at Sri Lanka Telecom;

(ii) the number of regional offices of Sri Lanka Telecom situated island wide; and

(iii) the number of permanent employees serving at each of those offices separately?

(b) Will he inform this House—

(i) separately of the monthly salary, allowances and other privileges received by the Chief Executive Officer of Sri Lanka Telecom; and

(ii) separately the monthly salary, allowances and other privileges received by the other executive officers of that institution?

(c) If not, why?

 

Asked Date

2012-03-23

Asked by

Hon. Dayasiri Jayasekara, Attorney at Law, M.P.

Ministry

Telecommunication and Information Technology

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු රංජිත් සියඹලාපිටිය මහතා (විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යතුමා)

(மாண்புமிகு ரஞ்ஜித் சியம்பலாபிட்டிய - தொலைத் தொடர்புகள்,  தகவல் தொழில்நுட்பவியல் அமைச்சர்)

(The Hon. Ranjith Siyambalapitiya -  Minister of Telecommunication and Information Technology)

ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.

(අ)          (i)      6,090 (හයදහස් අනූවයි) -  (2012 ජනවාරි 31වැනි දිනට)

              (ii)      34යි. (තිස්හතරයි)

             (iii)      ප්‍රශ්නයෙන් විමසන ලද්දේ ප්‍රාදේශීය කාර්යාලවල සේවය කරන ස්ථිර සේවකයින් පිළිබඳව පමණක් බැවින් මෙහි බාහිර යන්ත්‍රෝපකරණ නඩත්තු අංශවල ස්ථිර සේවකයින් ඇතුළත් කර නොමැත. 

ප්‍රාදේශීය කාර්යාලය

සේවක සංඛ්‍යාව

අම්පාර

23

අනුරාධපුරය

29

අවිස්සාවේල්ල

19

බදුල්ල

20

බණ්ඩාරවෙල

24

මඩකලපුව

26

හලාවත

28

ගාල්ල

37

ගම්පහ

49

ගම්පොල

24

හම්බන්තොට

37

හැටන්

17

යාපනය

19

කල්මුණේ

27

කළුතර

37

මහනුවර

45

කෑගල්ල

39

කුරුණෑගල

50

මන්නාරම

13

මාතලේ

42

මාතර

44

හැව්ලොක් ටවුන්

59

කෝට්ටේ

42

මරදාන

40

නුගේගොඩ

44

රත්මලාන

44

වත්තල

30

 

ප්‍රාදේශීය කාර්යාලය

සේවක සංඛ්‍යාව

මීගමුව

41

නුවරඑළිය

22

පානදුර

32

පොළොන්නරුව

37

රත්නපුර

28

ත්‍රිකුණාමලය

15

වව්නියාව

12

(ආ)         (i)      ගරු කථානායකතුමනි, මඳක් විස්තරාත්මක පිළිතුරක් නිසා එය සභාවට පැහැදිලි කර දීමට ඔබතුමාගෙන් අවසර ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සෘජුව සියයට 49.5ක කොටස් හිමි රාජ්‍ය සමාගමකි. නෙදර්ලන්තයේ ග්ලෝබල් ටෙලිකොමි යුනිකේෂන් හෝල්ඩින්ග්ස් සමාගම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස්වලින් සියයට 44.98ක සම්පූර්ණ අයිතියක් හිමි කරගෙන ඇත.  ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය පහත පරිදි වේ.

ශ්‍රී ලංකා රජය නම් කළ අධ්‍යක්ෂවරු   - 5යි.

නෙදර්ලන්තයේ      ග්ලෝබල් ටෙලිකොමියුනිකේෂන්

  හෝල්ඩින්ග්ස් සමාගම නම් කළ -  4යි

1998 වර්ෂයේ සිටම ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරිවරයා විදේශිකයෙක් විය. ජපන් එන්ටීටී (NTT) සමාගම සමඟ පැවති ගිවිසුම අනුව අනිවාර්යයෙන්ම ප්‍රධාන විධායක නිලධාරි පත් විය යුත්තේ විදේශ අධ්‍යක්ෂවරුන් අතරින් විය.

2009 වර්ෂයේ උච්චතම අවස්ථාවක පැවැති ලෝක ආර්ථික අවපාතය මෙන්ම අප රටේ බැරෑරුම්ම තත්ත්වයකට පත් වී තිබූ එල්ටීටීඊ ත්‍රස්තවාදය සමඟ විදුලි සංදේශ ක්ෂේත්‍රය ඉතා දැඩි පසුබෑමකට පත් විය. එවැනි අවස්ථාවක ජාත්‍යන්තර වශයෙන් හා ‍දේශීය වශයෙන් අප රට තුළ ස්ථාපනය වූ තරගකාරී සමාගම් සමඟ තරගකාරී ලෙස මෙම ආයතනය ද ස්ථාවරව මෙහෙයවීමට ජාත්‍යන්තර මට්ටමේ අත් දැකීම් බහුල දක්ෂ නිලධාරියකුගේ අවශ්‍යතාව පැන නැඟුණි.

එවැනි තත්ත්වයක් තුළ එවකට ඉන්දියානු ටාටා සමාගමේ විධායක ධුරයක් හෙබ වූ ග්‍රෙග් යංග් මහතා දැනට ඔහු ලබන පහසුකම්වලට සමාන පහසුකම් ලැබූ අතර, ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරි ලෙස 2009.02.01 දින බඳවා ගැනුණි. වර්ෂ 4ක් වූ ඔහුගේ සේවා ගිවිසුම පරිදි  ඔහුට වසරකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 04ක ගෙවීමක් හා අනෙකුත් දීමනා වශයෙන් මාසිකව ඇමෙරිකානු ඩොලර් 4,000ක් හා සමාගම මඟින් නඩත්තු කරන රියැදුරකු හා මෝටර් රථයක් ලබා දිය යුතු විය.

ජාත්‍යන්තර වශයෙන් මෙවැනි  නිලධාරියකුගේ දීමනා පිළිබඳ උදාහරණයක් ගත හොත් ඕස්ට්‍රේලියාවේ  Telstra සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාගේ මුළු වාර්ෂික පැකේජය ඕස්ට්‍රේලියානු ඩොලර් 70,69,000කි.

 

යංග් මහතාගේ පත්වීමෙන් පසු ටෙලිකොම් සමාගම වාර්තාගත ජයග්‍රහණ රැසක් ලබා ඇත. 2009 වර්ෂයේදී සියලු විදුලි සංදේශ සමාගම් අලාභ ලබද්දී, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ලාභ ලබමින් 2009 වසරේදී රුපියල් බිලියන 1.6ක්ද, 2010 වසරේදී රුපියල් බිලියන 3.9ක්ද, 2011 දී රුපියල් බිලියන 4.8ක්ද වශයෙන් ලාභ ඉපයීය. එමෙන්ම රජයට හිමි ලාභාංශ ප්‍රමාණය ද, 2011 වන කොට සියයට 240 දක්වා වර්ධනය වී ඇත.  එමෙන්ම 2011 සහ 2012 වර්ෂවලදී වසරකට විදුලි සං‍දේශ ක්ෂේත්‍රයේ ආයෝජනය රුපියල් බිලියන 10 ඉක්මවයි.

 

2012 වර්ෂයේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය බදු වශයෙන් රුපියල් බිලියන 17ක් රජයට ගෙවා ඇත. එය මුළු රාජ්‍ය ආදායමින් සියයට 1.5කි.  කෙසේ වුවත් ප්‍රධාන විධායක නිලධාරිගේ ගිවිසුම්ගත කාලය 2013.01.31 වන දින අවසන් වන අතර,  ඔහුගේ ගිවිසුම දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ටෙලි‍කොම් සමාගම අපේක්ෂා නොකරන අතර, එම තනතුර සඳහා වඩා සුදුසු, පළපුරුදු, දක්ෂතා ඇති ශ්‍රී ලාංකිකයෙකු පත් කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මේ වන විටත් කටයුතු සිදු කරමින් පවතී.

 

එය ජපන් එන්ටීටී සමාගමේ අයිතිය නව සමාගමට පැවරීමේදී රජය මැදිහත්ව ඇති කර ගත් විශේෂ අයිතිවාසිකමකි.

 

(ii) ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ මේ වන විට නිලධාරින් දහසක් පමණ සේවය කරයි.

ගරු කථානායකතුමනි, විධායක ශ්‍රේණියේ නිලධාරින් 1,006 දෙනෙකු ඉන්නවා. ඒක දීර්ඝ විස්තරයක්.  එතුමාට අවශ්‍ය නම් මට පුළුවන් ඒකත් එකින් එක කියවන්න.

 

ගරු දයාසිරි ජයසේකර මහතා

(மாண்புமிகு தயாசிறி ஜயசேகர)

(The Hon. Dayasiri Jayasekara)

කියවන්න ඕනෑ නැහැ.

 

කථානායකතුමා

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

සභාගත කරන්න.

 

ගරු රංජිත් සියඹලාපිටිය මහතා

(மாண்புமிகு  ரஞ்ஜித்  சியம்பலாப்பிட்டிய)

(The Hon. Ranjith  Siyambalapitiya)

ගරු කථානායකතුමනි, (ආ) (ii)ට පිළිතුර මා සභාගත* කරනවා.

* සභාමේසය මත තබන ලද පිළිතුරේ ඉතිරි කොටස:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடையின் பகுதி :

* Rest of the Answer tabled:

 

(ඇ)     අදාළ නොවේ.

 

 

 

Answered Date

2013-01-08

Answered by

Hon. Ranjith Siyambalapitiya, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks