පාර්ලිමේන්තු විදු පියසට ඔබටත් ඇරයුම්…
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කවදත් ඔබට විවෘත ආයතනික ව්‍යුහයකි. පාර්ලිමේන්තු ක්‍රමවේදය, සම්ප්‍රදාය සහ පුරවැසි වගකීම සම්බන්ධව ඔබ සමඟ අපි නොයෙක් වර සාකච්ඡා කර ඇත්තෙමු.
පාර්ලිමේන්තු විදු පියස මඟින් අප උත්සාහ කරන්නේ පහත මාතෘකා ඇසුරෙන් ඔබව දැනුවත් කිරීමටයි.
ඉහත මාතෘකා අතරින් තෝරාගත් මාතෘකා කිහිපයක් ඔස්සේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වසර ගණනක් සේවය කර අත්දැකීම් සහිත ප්‍රවීණ වෘත්තිකයන් සම්බන්ධ කර ගනිමින් මාර්ගගත ක්‍රමයට ඔබේ ගමට, ආයතනයට, පාසලට හෝ විශ්වවිද්‍යාලයට සුවිශේෂී වූ වැඩසටහන් පැවැත්වීමට, පාර්ලිමේන්තු විදු පියස දැන් සූදානමින් සිටී.
මෙවැනි වැඩසටහන් සඳහා ඔබේ ආයතනය/ සංවිධානය/ කණ්ඩායම කැමැත්තක් දක්වන්නේ නම් පහත සඳහන් තොරතුරු සම්පූර්ණ කරන ලද තොරතුරු පත්‍රිකාවක් අපගේ ඊමේල් ලිපිනයට හෝ අපගේ මහජන සේවා නිලධාරීන් හා සම්බන්ධ වී ලබා දීමට කාරුණික වන්න. එලෙස ඔබ අප වෙත යොමු කරන තොරතුරු පත්‍රිකාව අනුව වැඩසටහන පැවැත්වීම සඳහා දිනය සහ වේලාව අපගේ නිලධාරීන් විසින් ඔබ වෙත ලබා දෙනු ඇත.
තොරතුරු පත්‍රිකාව
01. නම
02. ජාතික හැඳුනුම්පත් අංකය
03. ආයතනය / සංවිධානයේ නම
04. සහභාගී වන කණ්ඩායමේ සාමාජික සංඛ්‍යාව
05. ඔබ තෝරාගත් මාතෘකා
අමතන්න, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව.
ඊමේල් ලිපිනය - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
දුරකථන අංක - 0112777318 (මහජන සේවා අංශය)
0715352672
0779899085