පනත් කෙටුම්පත් ත්‍රිත්වයක් පාර්ලිමේන්තුවේදී සම්මතයි |
දිනය : | 2024-09-03 |
|
විදේශ නඩු තීන්දු අනෝන්‍යව පිළිගැනීම ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම සහ අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) යන පනත් කෙටුම්පත් දෙක සංශෝධන සහිතව හා සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) යන පනත් කෙටුම්පත සංශෝධන රහිතව අද (සැප්. 03) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
මෙම පනත් කෙටුම්පත් ත්‍රිත්වයට අදාළ දෙවනවර කියවීමේ විවාදය අද උදෑසන 10.30 සිට සවස 4.40 දක්වා පැවැත්විණි.
විදේශ නඩු තීන්දු අනෝන්‍යව පිළිගැනීම ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම හා අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන), යන පනත් කෙටුම්පත් ද්විත්වය සඳහා කාරක සභා අවස්ථාවන්හිදී ඊට සංශෝධන එක්වූ අතර එම පනත් කෙටුම්පත් ද්විත්වය සංශෝධන සහිතව සම්මත විය. සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) යන පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත විය.