කරුණාරත්න පරණවිතානගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

දිනය : 2024-09-03

Print

ගරු කරුණාරත්න පරණවිතානගේ මහතා නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (සැප්. 03) දිවුරුම් දුන්නේය.

කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක  ලෙස කටයුතු කළ ගරු තලතා අතුකෝරළ මහත්මිය සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග ඇති වූ පුරප්පාඩුව සඳහා ගරු කරුණාරත්න පරණවිතානගේ මහතා මෙලෙස පත් කරනු ලැබීය.

කරුණාරත්න පරණවිතානගේ මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අටවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ ඒ මහතා එම කාලසීමාව තුළ ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු, නිපුණතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු, පළාත් පාලන යන අමාත්‍යාංශවල නියෝජ්‍ය අමාත්‍යවරයකු සේවය කර ඇත.

 

1 3